ගම්පහ කහ වගාව වැඩි කරයි
ගම්පහ කහ වගාව වැඩි කරයි
ගම්පහ දිස්ත්‍රික්කය තුල කහ වගා කිරීමට පියවර ගන්නා ලෙසට දිස්ත්‍රික් කෘෂිකර්ම සම්බන්ධීකරණ කමිටුවේදී එහි සභාපති, දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තු බලධාරීන් වෙත දැනුම් දෙනු ලැබීය.
මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම්වවරුන් 13 වෙත දැනුම්දී සිටියේ ග්‍රාමීය ගෙවතු මට්ටමින් කහ වගා කිරීමටත් ඒ සදහා අවශ්‍ය බීජ ලබාදීමේ වැඩපිළිවෙළක් ඇති කරන ලෙසත්ය.
ග්‍රාමීය ගෙවතු මට්ටමින් කහ වගා කිරීමේදී අවශ්‍ය උපදෙස් සහ මග පෙන්වීම සුලු අපනයන භෝග දෙපාර්තමේන්තු නිලධාරීන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තු භෝග විවිධාංගීකරණ ව්‍යාප්ති නිලධාරීන් මාර්ගයෙන් ගැනීමේ හැකියාව පවතින බව මෙහිදී දිස්ත්‍රික් ලේකම් වරයා පෙන්වා දෙනු ලැබීය.