ගම්පහට මත්කුඩු බෙදු ජාවාරම් කරුවෙක් වාහනයක් සමග අත් අඩංගුවට.

ගම්පහට මත්කුඩු බෙදු ජාවාරම් කරුවෙක් වාහනයක් සමග අත් අඩංගුවට. 

මගී ප්‍රවාහන සේවාවකට සම්බන්ධ වෙමින් මත් කුඩු බෙදාහැරීමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය බව කියන පුද්ගලයෙකු  සමග ඔහු සතු මෝටර් රථයක් සහ හෙරොයින් ග්‍රෑම් 15 ක ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි. 

වත්තල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරු දෙදරු පියෙකු වන අතර මොහු මගී ප්‍රවාහන සේවාවක රැකියාව කරන අතරතුරදී  මිනුවන්ගොඩ , ගම්පහ  ඇතුලු අවට ප්‍රදේශයන්ට මත් කුඩු අලෙවි කරනු ලබන බව අනාවරණයවී ඇති බවත් සැකකරු සන්තකයෙහි තිබී වීදි වටිනාකම රුපියල් ලක්ෂ 8 ක් පමණ වටිනා හෙරොයින් මිලි ග්‍රෑම් 15 ක් සමග රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා මෝටර් රථයද මෙලෙස අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මත් කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොටුගොඩ  සහ නැදගමුව යන ප්‍රදේශයන්හිදී අත් අඩංගුවට ගෙන මත් කුඩු බෙදා හරිනු ලබන පුද්ගලයින් පිළිබඳව ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී ඇත්තේ වැගන් ආර් වර්ෂයේ  සුදු පැහැති මෝටර් රථයකින් පැමිණෙන පුද්ගලයෙකු විසින් ගම්පහ  , මිනුවන්ගොඩ ඇතුළු අවට ප්‍රදේශයන්ට මත් කුඩු බෙදා හැරීම කරනු ලබන බවය.

මේ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන මහතා මහතා ඇතුළු කණ්ඩායමක් දින කිහිපයක් තුල සිදුකළ පරීක්ෂාවේදී මිනුවන්ගොඩ , නැදගමුව වැවේ හන්දිය අසලදී අදාල වෑන් රථයෙන් හෙරොයින් රැගෙන  යමින් සිටි සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත. 

මෙම සැකකරු සමග මත් කුඩු බෙදා හරිනු ලබන ජාලයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි. 

දැනට අත් අඩංගුවේ පසුවන සැකකරු අත් අඩංගුවට ගැනීම පිනිස බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක අසංක සමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ක්‍රියා කොට ඇත.

සැකකරු සහ නඩු භාණ්ඩ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *