ගඩොල් කැපිල්ල පැත්තකට දමා අරක්කුවලට ඇති වී තිබෙන අධික ඉල්ලුම සපුරාලීමට කසිප්පු නිෂ්පාදනය කල ව්‍යාපාරිකයා

ගඩොල් කැපිල්ල පැත්තකට දමා අරක්කුවලට ඇති වී තිබෙන අධික ඉල්ලුම සපුරාලීමට කසිප්පු නිෂ්පාදනය කල ව්‍යාපාරිකයා

ගඩොල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු විසින් ඊට සමගාමීව ඉතා හොර රහසේ පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලීමට ඊයේ(19- කොටදෙණියාව පොලිසිය සමත් විය.

පොලීසියට ලද තොරතුරකට අනුව කොටදෙණියාව ලිහිණියාගම්මන ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක නාන කාමරයේ මෙම කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබින. විශාල ගේට්ටුවක් සහිත වටේට තාප්ප වලින් ආවරණය කර තිබූ මෙම නිවසේ පිටුපස ගඩොල් නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් තිබින. මෙම නිවස කෙලවරහි තප්පයට අලලා ඉදිකර තිබූ නාන කාමරයක මෙම කසිප්පු ව්‍යාපාරය පවත්වාගෙන ගොස් තිබූ බව පොලීසිය පවසයි.

නිෂ්පාදනය කරන කසිප්පු විවිධ ප්‍රදේශවලට බෙදාහැර ඇති බවට පොලිස් මූලික පරීක්ෂණ වලදී හෙලිවී ඇත.
මෙම නිෂ්පාදනාගාරයේ තිබී ගොඩා මිලි ලීටර් නව ලක්ෂ හතලිස් පන්දහසක් කසිප්පු බොතල් 100 ක් දගරයක් ඇතුලූ පෙරුම් උපකරණ සමග කසිප්පු නිෂ්පාදනයේ නියුතුව සිටි ව්‍යාපාරිකයා පොලීස් අත් අඩංගුවට පත්වි ඇත.

කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පුශ්පකුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් ” පොලිස් සැරයන්වරුන් වන 34498 ලීලාරත්න” 21678 වීරසිංහ ” පොලිස් කොස්තාපල්වරුන් වන 64311 නන්දසේන ” 94066 පුෂ්පකුමාර ” පොලිස් කොස්තාපල් රියදූරු 15168 සෝමතිලක යන මහත්වරු මෙම වැටලීම සිදූ කලහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *