කොස්සට ඉදලට බඩේ පහර

ලංකාවේ කොහු ඉඳල් කර්මාන්තය අතුගෑවිලා යයි ද?????

ගෘහස්ථ කර්මාන්ත අතරින් කොසු ඉදල් සැකසීමේ කර්මාන්තයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. වසර ගණනාවක දීර්ඝ ඉතිහාසයක් ඇති මේ කර්මාන්තය රටපුරා  හා වඩාත් සබැඳියාවක් පවතී. ඒ සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ලබා ගැනීම පහසු වීමත්, පළපුරුදු පුද්ගලයන් මේ ප්‍රදේශයේ වාසය කිරීමත් ඊට හේතුවයි.

එවන් පාරම්පරික වෘත්තියට වර්තමානයේ අත් වී ඇත්තේ ඛේදජනක ඉරණමකි. මේ නිසා මේ කර්මාන්තයේ යෙදුණු බොහෝ පිරිස් මේ වන විට සිය කර්මාන්ත අත් හැර දමා ඇත. ඔවුන් වෙනත් කරිමාන්ත වලට යන සෙයක් දැකිය හැකිය.

 අදහස් දැක් වූ එම කර්මාන්තයේ නියැළෙන ගාල්ලේ නුවන් සම්පත් මහතා මෙසේ කියයි.

මේ කොසු ඉදල් කර්මාන්තය දකුණු පළාතෙ බොහෝ නිවෙස්වල තිබුණ. අද වෙනකොට ඉතිරි වෙලා තියෙන්නේ පවුල් කීපයක් විතරයි.  මේකෙන් ජීවත් වෙන්න තරම් ආදායමක් ගන්න දැන් අමාරුයි. ඉස්සර අපේ ගෙදර විතරක් 8ක් 9ක් විතර වැඩ කළා. අද අපි ගෙදර අය එකතු වෙලා කරන්නේ. කුලියට කම්කරුවො දාලා කළොත් අපිට වෙන්නෙ ණය වෙන්න.

ගාල්ල තිත්තගලලේ  අමුද්‍රව්‍ය මිල ඉතා ඉහළයි. ඉතින් අපිට කර ගන්න හරි අමාරුයි. කොහු සපයා ගැනීම විශාල ගැටලුවක්. අහංගම මීගගොඩ පැත්තෙන් තමයි කොහු ගේන්නෙ. ඉරටු ගන්නෙ මාතර මිද්දෙනිය පැත්තෙන්. මිටි වලට ගන්න ලී ටික තමයි මෙහෙ තියෙන්නෙ. ඉතින් මේවාට ප්‍රවාහන වියදම කොච්චර ද, ඉතින් ඉදල කොස්ස මිල වැඩි වෙනවා. එතකොට මිනිස්සු බඩු ගන්නෙ නැහැ.

අම්පාලවිල සරත් විමලසිරි මහතා මෙසේ කියයි.

අපේ කොහු ඉරටු පිටරට පටවනවා. අපිට ලැබෙන්නෙ බාල තේරුණු කොහු. පිටරටින් ගෙන්වන ඉටි කොසු අපිට විශාල ගැටලුවක්. අද බොහෝ ගෙවල්වල තියෙන්නෙ ඉටිවලින් හදපු කොසු.

ඉතින් දේශීය අපේ දේ විකුණන්න විදියක් නැහැ. ගාල්ල හබරාදුව ඉමදුව,  තියෙන කඩවලට එන මිනිස්සු මිල වැඩියි කියලා යනවා. සමහර දිනවලට දවසෙ වියදම වත් හොයා ගන්න බැහැ.  අවුරුදු30ක් 35ක් පමණ ඉඳලා අපේ පරම්පරාවල් කළේ මේ රස්සාවල්. රජය මඟින් සහන ණයක් වත් දීලා මේ පිළිබඳව සැලකිල්ලක් දක්වනවා නම් ඉතා හොඳයි. පාරිසරික වශයෙන් ද ඉතා වැදගත් වූ දේශීය කර්මාන්තයක් වන මේ කොසු ඉදල් සැකසීමේ කර්මාන්තය කෙරෙහි බලධාරින්ගේ අවධානය යොමු කොට එය නඟා සිටුවීමට කටයුතු කරන්නේ නම් එය දකුණු පළාතේ පවුල් රැසකට කරනු ලබන මහඟු සේවයකි.

විදෙස් වෙළෙඳපොළ විවෘත වීමෙන් අමෙරිකාවේ නිවෙස්වලටත් අපේ ඉදල් ඉල්ලයි. සාම්ප්‍රදායික කුඩා කර්මාන්තයක් වන ඉදල් කර්මාන්තය නවීන තාක්ෂණය හා නිෂ්පාදනය නිසා කඩා වැටිමට ලක් ව ඇති බවට චෝදනා ඇති මුත් විදෙස් වෙළෙඳපොළේ ලංකාවේ ඉදල්වලට ඉහළ ඉල්ලුමක් ලැබීමත් සමඟ ලංකාවේ  ජනතාවට හොඳ ආදායම් මාර්ගයක් මේ වන විට විවර වී තිබේ.

පරම්පරාවෙන් මෙම කර්මාන්තය ආදායම් මාර්ගයක් කරගෙන ඇති පිරිස්වලට අමතරව අලුතින් විශාල පිරිසක් මීට යොමු වී ඇත. ප්‍රමිතියෙන් උසස් ඉදල් නිෂ්පාදනය සඳහා ග්‍රාමීය ජනතාවට පුහුණුවීම් ලබාදෙන අමුද්‍රව්‍ය සොයා ගැනීම, ණය පහසුකම්, සහ ගැනුම් කරුවන් මාර්ගයෙන් වෙළෙඳපොළ සොයා ගැනීම සඳහා නිෂ්පාදකයින් ට අත හිත ලැබෙයි.මේ සඳහා දකුණු පළාත් කර්මාන්ත අමාත්‍යංශය සහයෝගය ලබාදෙති.

ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගත් අපේ ඉදල්වලට සිය වෙළෙඳපොළ විවෘත කර දී තිබේ

ලංකාවේ ඇතැම් උදවිය පොල් ඉරටුවලින් තැනු ඉදල වෙනුවට අලුත් සහ කෘත්‍රිම උපකරණ සොයද්දී අමෙරිකාව වැනි රටවල් ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගත් අපේ ඉදල්වලට සිය වෙළෙඳපොළ විවෘත කර දී තිබේ.ඒ අනුව ඉදලක නිමාව සඳහා යොදා ගන්නා සෑම අමුද්‍රව්‍යයක් ම පරිසර හිතකාමි සහ දිරාපත් වන ඒවා විය යුතු බැව් එම රටවල්වලින් ගැනුම් කරුවන් සහ අපනයනය කරන්නන් ට උපදෙස් දී ඇත.

මෙහිදී ඉදල් නිෂ්පාදනයේ දී යොදා ගන්නා මිට හෙවත් ආධාරක පිටරටින් ගෙන්වා ඉදල් බඳින අවසථාවේ එකලස් කිරීම සිදු කරයි. මෙම නව විදෙස් වෙළෙඳපොළ හේතුවෙන් මෙරට පොල් ඉරටු, කොහු ලණු සහ පොල්කටු සැපයුම්කරුවන් ට ද සිය ආදායම් මාර්ගය ස්ථාවර වී තිබේ.

මේ වන විට දේශීය වෙළෙඳපොළේ ඉදලක් රුපියල් එකසිය තිහක් පමණ වන නමුත් බොහෝ දෙනකුගේ මතය වී තිබෙන්නේ මෙම ව්‍යාපාරය හමස් පෙට්ටියට වැටී ඇති බවයි.නමුත් අපනයන වෙළෙඳපොළේ සතුටුදායි ඉල්ලුම් හේතුවෙන් ග්‍රාමීය ජනතාවට අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගෙන මෙම කර්මාන්තයට යළි පණ දීමට අවස්ථාව සැලසී ඇත.

දකුණු පළාතේ ජනතාව ටිකෙන් ටික වෙළදපල පුලුල් කරගන්න මහන්සි ගත්ත වු පිරිස්  තමන්ගෙ නමින් ලේබලයක් අලවල උතුරැ නැගෙන හිරට අවශ්‍ය ඉදල් සහ කොසු විශාල වශයෙන් අලෙවි කරණවා.සතියකට ඉදල්,කොසු 1000 ත් 2000 ත් අතර ප්‍රමාණයක් මේවන විට නිෂ්පාදනය කර අලෙවි කරන් ඔවුන් තවත් 6 දෙනෙකුට රැකියා ලබා හැකිව තිබේ.

හොහු ඉඳල් කර්මාන්තය කරන පිරිස් පවසනුයේ,ඔහු හැම වෙලේම කියපු දේ තමයි තමන් හොදටම දන්න දේ හරියට කලොත් වරදින්නෙ නෑ.මම යවන ඉදල් එකක්වත් ආපහු එන්නෙ නෑ කියන එක,

ලංකාවේ තෙත් බිම් ආශ්‍රිතව මුහුදු ගංගා වැව් පොකුණ ඇළ දොළවල අද මේ දක්වා නොනැසී පවත්නා පැරැණි සම්ප්‍රදායික ගෘහ කර්මාන්ත වී ඇත්තේ කොහු කර්මාන්තයයි. කොසු, ඉදල්,පාපිසි, ලණු, ලණු පැදුරු ආදිය පරිසර හිතකාමී නිපැයුම් වේ. මේ සියලු නිෂ්පාදන ප්ලාස්ටික්වලින් නිමවීමෙන් කොහු ලණු කර්මාන්තයට බරපතළ ලෙස බල පා ඇත.

අහංගම මීගහගොඩ එන්. බී. ප්‍රියන්ති මහත්මිය මෙසේ කීවාය.

 

අප නිෂ්පාදනය කරන්නේ කොහු, ඉදල්. කොහු, ඉදල් සඳහා ගන්නා ලී මිටවල් කෑගල්ලෙන් ගන්නවා. මිටක් රුපියල් 15ක් වෙනවා. කොහු මිටක් කීවාට ඒවා හතරැස් ලී කෑලි. මම ගෙදරදී යතු කැටයකින් ගාලා තමයි ඒවා රවුමට සකස්කර ගන්නේ. ගෙදරට විදුලිය තිබෙනවා නම් මට ලීය රවුම් කරන්න මැෂින් එකක් යොදාගත හැකියි. ගෙවල් අවටින් කුඩා ගස් අරගෙන. ගෙදරදීම කුට්ටි කරගැනීමට මැෂිමක් තිබෙනවා නම් මීට වඩා ලාභයි. මම ඉදල් වර්ග තුනක් හදනවා. පොල් කූරු වටේට පටි ගහලා හදන ඉදල මිලෙන් වැඩියි. බියර් ටින් එක කපලා රිවට් කරලා හදන ඉදලේ ගාන අඩුයි. තව කුඩා ඉදලක් හදනවා. එය මිලෙන් අඩුයි. මැදපු කොහුවලින් හදන කොස්ස,සාමාන්‍ය කොහුවලින් හදන කොස්සට වඩා ප්‍රමිතියෙන් ඉහළයි. ඒ නිසාම එහි මිලත් ටිකක් වැඩියි.

අම්පාලවිල එන්.ඒ. විමලසීලී මහත්මිය පැවැසුවේ,

පොල් කොහු කිලෝ එකක් රුපියල් 100ක් වෙනවා. පොල් කූරු කිලෝ එකක් රුපියල් 40යි. තහඩු කිලෝ එකක් රුපියල් 200යි. ඇණ කිලෝ එකක් රුපියල් 280යි. මේවා අපි ගන්නේ අලව්වෙන්. එකවර තොගයක් ගෙනැවිත් තියාගන්න තරම් අපිට ආර්ථික ශක්තියක් නෑ. ලොකු ඕඩර් එකක් ආවොත් වැඩිපුර ගේනවා.

ගාල්ල අහගම මීගහගොඩ දියෙස් ද සිල්වා මහතා

ව්‍යාපාරය දියුණු කර ගන්න මුදල් අවශ්‍යයි. ප්‍රධාන මාර්ගයක් සමීපයේ වැඩපළක් ආරම්භ කළොත් අලෙවිය වැඩියි. ඒත් ඒ වගේ තැනකට කුලී ගෙවන්න සල්ලි නෑ. දැනට මගේ දරුවන් මට උදව් වෙනවා.

අචලාවතී මහත්මිය ලී කොටයක් මත අසුන්ගෙන කිතුල් පොල්ලකින් සෑදු කොහු පොල්ලෙන් ඇය පොල් ලෙලි තලයි. විටෙක පොල් ලෙලිවලින් නිකුත්වන මඩ පාටට හුරු ජල බිංදුවලින් ඇගේ ඇඳුම්ද නැහැවී යයි. ඇගේ සිරුරෙන් දහඩිය බිංදු රූරා වැටෙයි. ඇගේ දෑත් සියුමැලි නැත. දෑත්වල දක්‌නට ඇත්තේ කරගැටය. පොල්ලෙලි තලා ලණු ඇඹරිමෙන් ඕ හොඳටම හෙම්බත් වෙලාය. තම දරු පවුලේ බඩවියත රැක ගැනීම සඳහා ඕ දැඩි අරගලයක නිරතවන්නීය.

මීගහගොඩ කේ. ඩී. අචලාවතී මහත්මිය

මම කෙල්ල කාලයේ ඉදලාම තමයි මේ රස්සාව කරන්නේ පාසලෙන් ඉවත් වු පසුව දිග යන කම් මේ රස්සාව කරනවා. දරුවොත් ඉන්නවා ඒත් මම මේ රස්සාව කරනවා. ලණු ඇඹරීම තමයි රස්සාව. හිස මත තබාගෙන පොල්ලෙලි ගෙනවිත් තලලා කැටි ගහනවා. රාත්‍රීයට තමයි කොහු නෙළන්නේ. දහවල් කාලයට ලණු අරඹනවා. මහන්සියේ තරමට ලාභ නෑ. වෙළඳුන් අපේ ශ්‍රමය සූරා ගන්නවා.ගෙන යන්නේ. තුට්‌ටුවට දෙකට කොහු ලණු මිලදී ගන්නේ. පොල්ලෙලි කර්මාන්තය හා බැඳිඇත්තේ දුගීබවකි. දුක්කම් කටොළු මැද කතුන් මේ රැකියාවේ නිරත වේ. මොවුන් රටේ ආර්ථිකයට දක්‌වන දායකත්වයද සුළුපටු නොවේ.

කොහු කර්මාන්තය මුහුදු බඩ ආශ්‍රිත ප්‍රදේශවල දිවි ගෙවන කාන්තාවන්ගේ පාරම්පරික කර්මාන්තයකි. ගාල්ල මාතර හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌කවල කොහු කර්මාන්තයේ යෙදී සිටින පවුල් ගණන 18400ක්‌ පමණ වේ.

ගෘහ ආශ්‍රිතව ලණු ඇඹරීමේ නිරත කාන්තාවන්ගේ සංඛ්‍යාවද අතිවිශාලය. මේ කර්මාන්තය බැඳි ඇත්තේ දම්වැලක පුරුක්‌ ලෙසිනි. පොල් ලෙලිවල අයිතිය එක්‌ පුද්ගලයකුටය. පල් වූ පොල්ලෙලි ගොඩට දමන්නේ තවත් පිරිසකි. ඔවුන් හැඳින්වෙන්නේ පෙරුම්කාරයෝ වශයෙනි. පොල් ලෙලි තලන්නේ තවත් පිරිසකි. ලණු අඹරන්නේ තවත් කණ්‌ඩායමකි. එහෙත් මේ සියලු කටයුතු කරන කාන්තාවෝ ද වැල්ලකරයේ සිටිති.

ගාල්ල මාතර, හම්බන්තොට,කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව, කළුතර, අළුත්ගම, මොරගල්ල,කළුවාමෝදර ආදී ප්‍රදේශ කොහු කර්මාන්තය අතින් ඉමහත් ප්‍රගතියක් ලබා තිබූ බව සත්‍යයකි. එම කර්මාන්තයෙන් මුදල් උපයා තම ජීවිකාව සරිකර ගත් කුඩා පවුල් ද එමටය. කළුවාමෝදර කුඩාගහ හෙට්ටිමුල්ල ප්‍රදේශය හරහා ගලන ඇළ මාර්ගවල පොල් ලෙලි වළවල් කොරටුවල පෙඟී ගිය පසු ඒවා ගොඩදමා ලෙලි තලන වැඩිහිටියෝ මෙන්ම දරු දැරියෝ ද ගම් ප්‍රදේශ පුරා දැකගත හැකිය.

එහෙත් අද එම කුඩා ගංඟා සහ ඇළ මාර්ගවල ලෙලි දැමූ කොරටු වළවල් දැකගැනීමට ද නැත. කොළඹ ගාලු පාර බස් රථයක නැඟී කළුවාමෝදර, මොරගල්ල ආදී පෙදෙස් පසුකර යන විට පොල් වතු මැද ලණු අඹරණ අම්මලා දැකගැනීම සුලබ කරුණක් විය. දුක් මහන්සි වී අඹරණ ලණු කැරැල්ලක් විකුණන්නේ විශාල මුදලකට නොව ශත 10 හෝ ශත 25 කටය. ලණු කැරැළි මිටි හිස මත තබාගෙන යමින් වෙළෙඳාමට ගිය වැඩිහිටි පිරිමි උදවිය මෙන්ම කාන්තාවෝ ද සිටියහ. ලණු වෙළෙඳාම පමණක් නොව ඉදල්, කොසු, පාපිසි සහ පොල්කටු හැඳි ආදී භාණ්ඩ ද එදා නිපදවූ අතර එයින් පණනල ගැටගසා ගැනීමට ඔවුහු සමත් වූහ.

හෙත් මෙම කොහු කර්මාන්තය බේරුවල මැතිවරණ කොට්ඨාසයේ ඉහත සඳහන් ගම්වලින් දැන් බොහෝදුරට ඈත්වී හමාරය. ඊට ප්‍රධානතම හේතුවක් වී තිබෙන්නේ ප්ලාස්ටික් කෙඳිවලින් නිමා කළ කොහු ඉදල්, බුරුසු වැනි භාණ්ඩ රැස්කර ආනයනය කර අපේ වෙළෙඳසැල කරා පැමිණ තිබීමය. මේ දුරදිග නොබලා කරනු ලබන වෙළෙඳ ප්‍රතිපත්ති නිසා මෙරට දේශීය සුළු කර්මාන්තකරුවන්ට දැවැන්ත තර්ජනයක් එල්ල වී ඇති අතර දේශීය භාණ්ඩ අලෙවි කරගැනීමට ද අසීරු කරුණක් වී ඇත. 1960 දශකයේදී කොස්සක්, ඉදලක් රු. 10 කට හෝ 15 කට තිබුණු නමුත් අද කොස්සක මිල රු. 150 ක ඉදලක මිල රුපියල් 100 කට වැඩිය.

කොහු කෙඳි ලණු වෙනුවට අද කෘත්‍රිම නයිලෝන් වැනි ලණු සහ කඹ භාවිත කරති. කෙසේ නමුදු රා කර්මාන්තය සඳහා පොල් ගස් යාකොට අතුරු බැඳීමට කෘත්‍රිම ලණු උපයෝගී කර ගැනීම අපහසුය. ඒ සඳහා පොල් කෙන්දෙන් ඇඹරූ ලණු අවැසිමයි. ගසට නඟින හැර පොටවල් බඳින්නේ ද අතුරු ලණුවලිනි. තවමත් ගමේ ගොඩේ ගොවියේ පැල ඉනි වැටවල් බඳින්නේ ද කොහු ලණුවලිනි.

අපේ පැරණි දේශීය කර්මාන්තයක් වූ පොල් කෙඳි කර්මාන්තයේ නිපදවෙන බොහෝ දේ සහමුලින්ම ඉවතට දමා අද නයිලෝන් හා ප්ලාස්ටික් නිපැයුම්වලට දොර හැර විවෘත කිරීමෙන් අද එම ඉපැරණි කර්මාන්තකරුවෝ අසරණ වී සිටිති.කොහු කර්මාන්තයට අදාළ භාණ්ඩ විකුණමින් තරමක් දුරට හෝ ස්ව උත්සාහයෙන් දිවි සවි කරගන්නා අය රටපුරා අදත් නැත්තේම නැත.

තවමත් පොල් කෙන්දෙන් කරනු ලබන නිෂ්පාදන අලෙවි කරනු ලබන්නේ වීදි මැද්දේ පාරක් ගානේ හිස මත තබාගෙන ඒවා රැගෙන යාමෙනි. රජයේ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව කිසියම් සැලසුම් සහගත ක්‍රියාදාමයක් අනුගමනය කිරීමට උනන්දු වෙතොත් එමඟින් දහඩිය මුගුරු හලා දුක් විඳින මෙම සුළු කර්මාන්තකරුවන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

අහංගම මීගහගොඩ 40 වන වියේ පසුවන එන්. බී .ප්‍රියන්ති මහත්මිය මෙසේ කීවාය.

අප නිෂ්පාදනය කරන්නේ කොහු වලින් නිපැදවෙන කොහු ඉදල් වැනි දෑ තමයි. කොසු – ඉදල් සඳහා ගන්නා ලී මිටවල් කෑගල්ලෙන් ගන්නවා. මිටක් රුපියල් පහළොවක් වෙනවා. කොහු මිටක් කීවාට ඒවා හතරැස් ලී කෑලි. මම ගෙදරදී යතු කැටයකින් ගාලා තමයි ඒවා රවුමට සකස්කර ගන්නේ.

කොහොමත් ලීයක් යතු ගාලා රවුම් කර ගන්න විනාඩි පහක් හයක් ගත වෙනවා. මගේ ගෙදරට විදුලිය තිබෙනවා නම් මට කටර් කරන්න මැෂින් එකක් යොදාගත හැකියි. ගෙවල් අවටින් කුඩා ගස් අරගෙන. ගෙදරදීම කුට්ටි කරගැනීමට මැෂිමක් තිබෙනවා නම් මීට වඩා ලාභයි.

දැනට මම ඉදල් වර්ග තුනක් හදනවා. පොල් කූරු වටේට පටි ගහලා හදන ඉදල මිලෙන් වැඩියි. ඒ ඉදලක් හදන්න ගතවෙන වෙලාවත් වැඩියි. බියර් ටින් අරගෙන එම ටින් එක කපලා රිවට් කරලා හදන මුදලට එතරම් වෙලාවක් යන්නේ නෑ. ඒක ඊට වඩා අඩුවෙන් දෙන්න පුළුවන්. මේ දෙකටම අමතරව තව තරමක් ප්‍රමාණයෙන් කුඩා ඉදලක් හදනවා. එය මිලෙන් අඩුයි. කොසු වර්ග දෙකක් මම හදනවා. මැදපු කොහුවලින් හදන කොස්ස, සාමාන්‍ය කොහුවලින් හදන කොස්සට වඩා ප්‍රමිතියෙන් ඉහළයි. ඒ නිසාම එහි මිලත් ටිකක් වැඩියි.

අම්පාලවිල විමලසේන මහතා 50

කොසු හදන්න ගන්න පොල් කොහු කිලෝ එකක් රුපියල් 100ක්  වෙනවා. පොල් කූරු කිලෝ එකක් රුපියල් හතළිහක් වෙනවා. තහඩු කිලෝ එකක් අපි ගන්නේ රුපියල් දෙසීයකට. ඇණ කිලෝ එකක් රුපියල් දෙසිය අසූවක් වෙනවා. මේවා අපි ගන්නේ අලව්වෙන්. කොසු – ඉදල් විකුණලා මුදල් ලැබුණු ගමන් අලව්වට ගිහින් බඩු ගේනවා. එක පාර තොගයක් ගෙනැවිත් තියාගන්න තරම් අපිට ආර්ථික ශක්තියක් නෑ. ලොකු ඕඩර් එකක් ආවොත් වැඩිපුර ගේනවා. හැබැයි මගේ කොසු ඉදල් අඩුපාඩු කියලා ආපසු ලැබිලා නෑ.

මීගහගොඩ දියෙස් ද සිල්වා මහතා 60

මේ ව්‍යාපාරය දියුණු කරගන්න මුදල් අවශ්‍යයි. ආර්ථික ප්‍රශ්නත් සමඟ ලැබෙන මුදල් ප්‍රමාණය අනුවයි මට කටයුතු කරන්න වෙලා තිබෙන්නේ. විශේෂ අනුග්‍රහයක් ලෙසට ඒක මේ ව්‍යාපාරය දියුණු කරගන්න විශාල ශක්තියක්. ප්‍රධාන මාර්ගයක් සමීපයේ වැඩපළක් ආරම්භ කිරීමට තැනක් ඇත්නම් මීට වඩා අලෙවිය වැඩියි. ඒත් ඒ වගේ තැනක කුලී ගෙවන්න විශාල මුදලක් අවශ්‍ය වන නිසා ගෙදරම මගේ කර්මාන්තය කරනවා. මේ වැඩට උදව්වට තව කෙනෙක් ගත්තා නම් පහසුයි. ඒත් දැනට මගේ දරුවන් මට උදව් වෙනවා.

අපට හමු වු කේ.ඩී අචලාවතී මහත්මිය 55

ලීකොටයක් මත අසුන්ගෙන කිතුල් පොල්ලකින් සෑදු කොහු පොල්ලෙන් ඇය පොල් ලෙලි තලන්නේ හරි අපූරු ලතාවකට ය. විටෙක පොල් ලෙලිවලින් නිකුත්වන මඩ පාටට හුරු ජල බිංදුවලින් ඇගේ ඇඳුම්ද නැහැවී යන්නීය. ඇගේ සිරුරෙන් දහඩිය බිංදු රූරා වැටෙයි.

වෙනත් කාන්තාවන් මෙන් ඇගේ දෑත් සියුමැලි නැත. ඇගේ දෑත්වල දක්‌නට ඇත්තේ කරගැට ය. පොල්ලෙලි තලා ලණු ඇඹරිමෙන් ඕ හොඳටම හෙම්බත් වෙලාය. තම දරු පවුලේ බඩවියත රැක ගැනීම සඳහා ඕ දැඩි අරගලයක නිරතවන්නී ය.මම කෙල්ල කාලයේ ඉදලාම තමයි මේ රස්සාව කරන්නේ පාසලෙන් ඉවත් වු පසුව දිග යන කම් මේ රස්සාව කරනවා.දැන් දීග ගිහිල්ලා දරුවොත් ඉන්නවා.දැනුත් මම මේ රස්සාව සිදු කරනවා.අමතර රස්සාවක් වශයෙන් තමයි මෙය සිදුකරන්නේ ගෙදර දොර වැඩ දරුවන්ගේ වැඩවලට අමතරව මේ කටයුතු මම සිදුකරන්නේදවසේම රස්සාව කරන්නේ නැ. ලණු ඇඹරීම දවසේම කරන්නේත් නෑ.

හිස මත තබාගෙන තමයි පොල්ලෙලි රැගෙන එන්නේ ඉන්පසු පොල්ලෙලි තලලා කැටිගහනවා. රාත්‍රී කාලයට තමයි කොහු නෙලන්නේ දහවල් කාලයට ලණු අරඹනවා. මහන්සියේ තරමට ලාභයක්‌ නැහැ. වෙළඳුන් තමයි අපේ ශ්‍රමය සූරාගෙන යන්නේ. තුට්‌ටුවට දෙකට කොහු ලණු මිලදී ගන්නේ.

මෙම කර්මාන්තයේ නිරත බොහෝ කාන්තාවන් මෙම කර්මාන්තයේ යෙදි සිටින්නේ නොයෙකුත් දුක්‌ඛ දෝමනස්‌සයන්ට මුහුණ දෙමිනි. සැබවින්ම පොල්ලෙලි කර්මාන්තය හා බැඳිඇත්තේ දුගීබවකි. එහෙත් මෙකී කාන්තාවන් පොල්ලෙලි කර්මාන්තයේ නිරතවීමෙන් රටේ ආර්ථිකයට දක්‌වන දායකත්වය සුළුපටු නොවේ.

තම දහඩිය ශ්‍රමය වගුරුවමින් ලණු ඇඹරීමේ කර්මාන්තයේ නිරත මෙම කාන්තාවන් ගත කරන්නේ ඉතා දුක්‌ ත දිවි පෙවෙතකි. නොයෙකුත් දුක්‌ ගැහැට වලට ලක්‌වුවද තම පවුලේ බඩවියත රැකගැනීම සඳහා මොවුන්ට පිහිටට ඇත්තේ පොල්ලෙලි කර්මාන්තය පමණි. සැබවින්ම මොවුන් දිරිය කතුන්ය.

මේ කර්මාන්තය අපේ පාරම්පරික කර්මාන්තයක්‌. පොල් ලෙලි හතලිහක්‌ රුපියල් සියයක්‌ වෙනවා. පෙරුම්කාසි වශයෙන් රුපියල් දහයක්‌ දෙන්න ඕන. තලන අයට රුපියල් පනහක්‌. දෑතේ කරගැට එනකම් ලණු ඇඹරුවත් සතියකට රුපියල් දෙසිය පනහක්‌වත් හොයාගන්නේ ඉතා අමාරුවෙන්. කඩයේ නම් ලණු කැරැල්ලක්‌ රුපියල් පහළොවක්‌ වෙනවා. කොටින්ම කිව්වොත් මහන්සියේ තරමට ප්‍රතිඵලයක්‌ නැහැ. රැකියාවක්‌ නැතිකමට තමයි මේ රක්‌ෂාව කරගෙන යන්නේ.

බී.එච් ඡී මියුලට් මාතාව  67  පැවසුවාය.

මෙම කර්මාන්තය බැඳි ඇත්තේ දම්වැලක පුරුක්‌ ලෙසිනි. පොල් ලෙලිවල අයිතිය එක්‌ පුද්ගලයෙකුටය. පල් වූ පොල්ලෙලි ගොඩට දමන්නේ තවත් පිරිසකි. ඔවුන් හැඳින්වෙන්නේ පෙරුම්කාරයෝ වශයෙනි. පොල් ලෙලි තලන්නේ තවත් පිරිසකි. ලණු අඹරන්නේ තවත් කණ්‌ඩායමකි. එහෙත් මේ සියලු කටයුතු කරන කාන්තාවෝද වැල්ලකරයේ සිටිති.

මේ පැතිවල දැන් තලන ලෙලි අඩුය. තිබුණු පොල් ලෙලි වලවල් ටිකත් සුනාමියට ගියා. මෝල් කොහු තමයි වැඩි වශයෙන් ලණු අඹරන්න ගන්නේ. මෝල් කොහු කිලෝවක්‌ රුපියල් 50 70වත් අතර ‌ වෙනවා. කොහොමත් දිනකට ලණුකැට දෙකකට වැඩිය අඹරන්න බැහැ. කාගෙන්වත් කිසිදු උදව්වක්‌ නැහැ. සමහර වෙලාවට අපි අඹරන ලණු ටිකක්‌ හොරට කිරලා තමයි ගෙනියන්නේ.

දිගුකලක සිට මෙම කර්මාන්තයේ නිරත කේ.ඩී නිතා මහත්මිය 48 පවසන්නේ එවැනි අදහසකි.

ලණු ඇඹරීමේ කර්මාන්තය වැල්ලකරයෙන් දැන් දැන් අභාවයට යමින් පවති. එයට නොයෙකුත් කරුණු කාරණා ද බලපා තිබේ. බොහෝ තරුණියන් මෙම කර්මාන්තයේ යෙදීමට මැලිකමක්‌ දක්‌වති. දැන් මේ කර්මාන්තයේ යෙදී සිටින්නේ පාරම්පරිකව මෙම කර්මාන්තය කරගෙන යන කාන්තාවන් පිරිසකි.ලණු ඇඹරීමේ යන්ත්‍රයක්‌ හදාගන්න රුපියල් දහසක්‌ විතර යනවා. ඇත්තටම වී කර්මාන්තයට රජයෙන් ලැබී ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලක්‌.තම බඩවියත රැක ගැනීම සඳහා දැඩි අරගලයක නිරත වන මෙකී කාන්තාවට පිහිටවීම බලධාරින්ගේ වගකීමකි.නමුත් එහෙම සෙතක් සිදුවන්නේ නෑ අය කියන්නීය.

පොල් ලෙලි හිඟකම, පොල් ලෙලිවල මිල අධික විම, නිෂ්පාදන වියදම ඉහළ යෑම හේතුවෙන් කොහු කර්මාන්තයේ යෙදි සිටින විශාල පිරිසකට රැකියා අහිමි විමට ඉඩකඩ ඉදිරියේ ඇතිවීමට ඉඩ ඇති බව වාර්තා වේ.

පොල් නිෂ්පාදනය අඩුවී යාම, ශ්‍රමිකයන් සොයා ගැනිමේ ගැටලු, පොල් වගාවට බහුලව බලපාන මයිටා හානිය නිසා පොල් ලෙලි විකෘතිවිම, පොල් ලෙලි කෑලි කැපිමට ගැණීම, කොහු වෙනුවට විකල්ප කෙදි වර්ග භාවිතය නිසා කොහු නිෂ්පාදකයෝ ප්‍රශ්ණ රැසකට මුහුණුපා සිටිති. කොහු කර්මාන්තයේ යෙදි සිටින අයට ලොකු පොල් ලෙල්ලක් රුපියල් 7.50 කටත් කුඩා පොල් ලෙල්ලක් රුපියල් 6.00ක වැනි මිලකට මිලදී ගැනිමට සිදු වී තිබේ.

මයිටා හානිය නිසා පොල් ලෙලි විකෘතිවිම නිසා එම ලෙල්ලෙන් ලබාගත හැකි කොහු ප්‍රමාණය ඉතා සුළු බැවින් ඒ පොල් ලෙල්ල ප්‍රයෝජනයට ගත නොහැකි වේ. පොල්ලෙලි හිගකම කොහු බත් නිපාදනයට ද බලපා ඇති බව එම කර්මාන්තයේ නියැලී සිටින අයද පවසතී.

අද කර්මාන්තයේ යෙදි සිටින අයට කුඩා ලොරි රථ මිලදී ගෙන නිවසක් පාසා ගොස් එදිනෙදා ප්‍රයෝජනයට ගන්නා පොල් ගෙඩිවල ලෙල්ල මිලදී ගැනීමට සිදුවීඇත. මෙම පොල්ලෙලි හිගකම කොසු, පාපිසි, ලණු ආශ්‍රිත කර්මාන්ත කරුවන්ටද එම කර්මාන්තය අඩාල වීමටද බලපා තිබේ. මෙතෙක් කාලයක් තිස්සේ කොසු, පාපිසී, ලණුවලට තිබු ඉල්ලුම අද ප්ලාස්ටික් කෘතිම කෙදි හා ප්ලාස්ටික් නිෂ්පාදකයන් අතට පත්ව ඇතිබව කොහු කර්මාන්ත කරුවෝ පවසතී. දිගුකල් පැවත්මක් ඇති කොහු කර්මාන්ත නිෂ්පාදනය විධිමත් කර පහසුකම් ලබා දෙන ලෙස රජයේ වගකිවයුතු අයගෙන් කොහු කර්මාන්තකරුවෝ ඉල්ලා සිටිති.වගාකොට ඇති භූම් ප්‍රමාණය හා නිපදවනු ලබන පොල් ප්‍රමාණය අතින් ලංකාවට ලෝකයේ සිව් වන ස්ථානය හිමි වේ. නමුත් මේ වගාවට සහනයක් නැත. පොල් මිලද එලොපොල් පො‍නෙන තත්වයට පත්ව ඇත.

බී.එස් දිළිණි ජයරත්න මහත්මිය 33

ලණු කර්මාන්තය,පොල් වගාව ව්‍යාප්තව පවතින ස්ථාන ප්‍ර දේශවල දැකිය හැකිය.පොල් විශාල වශයෙන් ව්‍යාප්තව ඇත්තේ දිවයිනේ නිරිතදිග පහත් බිමිවලය. වතු වගාවක් ලෙස විශාල පොල් වතු ව්‍යාප්තව ඇත්තේ කොළඹ,හලාවත,කුරුණෑගල නගර සම්බන්ධ කරන ත්‍රිකෝණාකාර ප්‍රදේශය තුළය.කොළඹ සිට තංගල්ල දක්වා දිවෙන පටු තීරයේත්, මඩකලපුව, යාපනය යන ප්‍රදේශවලත් පොල් වගා කෙරේ. එමෙන් ම සෑම දිස්ත්‍රික්කයක ම ගෙවතු වගාවක් ලෙස ද පොල් දක්නට ලැබේ.මේ සෑම ස්ථානයකම කොහුලණු කර්මාන්ත දකිය හැකිය.

අපේ රටේ ගැම් කර්මාන්ත අතරේ ගත්කල  ප‍්‍රධාන කර්මාන්තයක් වන කොහු ලණු කර්මාන්තයෙන් දිවි සරිකර ගන්නා පිරිස දකුණු පළාතේ පමණක්  හාරදහසකට අධික ය. මුළු රටේ ම 50,000 කට අධික පිරිසක් කොහු ලණු කර්මාන්තයේ නියැළී සිටිති. නිසි කළමනාකාරිත්වයක් නොමැතිකම සහ අතරමැදියන්ගේ ග‍්‍රහණයට හසුවීම නිසා මේ රැකියාවෙන් දිවි ගෙවූ පිරිස අද ජීවත්වීමට අසීරු තත්ත්වයට පත්ව සිටිති.

කර්මාන්තයට දක්වන සමාජ ආකල්පය, අසංවිධානාත්මක බව, සම්පත්වලින් නිසි ප‍්‍රයෝජන නොගැනීමත්, තත්ත්වයෙන් පහළ නිෂ්පාදන නිපදවීම, නව සොයා ගැනීම් සඳහා ගමන් නොකිරීම,විකල්ප නිෂ්පාදන සමඟ තරග කිරීමට නොහැකිවීම සහ කොහුවලට විකල්පයක් වන ප්ලාස්ටික් රබර් රෙදි නූල්, හණ නූල් ප‍්‍රයෝජනයට ගැනීම ආදි හේතුද මේ තත්ත්වයට හේතු වී තිබේ.කොහු හිඟකමද, නිෂ්පාදන අමුද්‍රව්‍ය හිඟය, ප‍්‍රවාහන වියදම්, අධික ඉන්ධන මිල, කම්කරු හිඟය සහ කම්කරු කුලිය ද තවත් ගැටලු වේ.

ලණු, කුඩා ප‍්‍රමාණයේ කළාල, කලාත්මක පාපිසි, කොරිඩෝ පාපිසි, බිත්ති සැරසිලි, කලාත්මක භාණ්ඩ, දෙපට ලණු, කොහු හා බුරුසු කොහුගුදිරි, ගෙබිම කළාල, ලණු පැදුරු, ලණු දැල්, මලු තවාන්, පැදුරු රබර් ආශි‍්‍රතව සැකසුණු නිෂ්පාදන කොහු මල් බඳුන් සුදු කොහු ආශි‍්‍රතව සිදුකරන නිෂ්පාදනයන්ය.මීගහගොඩ, ගොවියාපාන, අලවතුකිස්ස, වැලිගම, දුව මලලගම, දේනුවල,අහංගම, කතලුව, ආදි ගම්මානවල කොහු කර්මාන්තකරුවෝ කර්මාන්තය මේ පළාත්වල සිදු කරනවා.

ඩී. මල්ලිකා 50 මෙසේ කීවාය.

පොල් ලෙලි කර්මාන්තයේ ගැමි ළදුන් සංවිධානගත වීම ,දෙස් විදෙස් වෙළෙඳ පොළ සඳහා නිෂ්පාදන හඳුන්වාදීම, විවිධ නිෂ්පාදන නව නිපැයුම් නව අංග නව මංපෙත් හරහා ගමන් කිරීම,නව නිෂ්පාදන හා පුද්ගලයන් හඳුන්වාදීම,කර්මාන්ත කරුවන් ඇගැයීමට ලක් කිරීම,තාක්ෂණික දැනුම සම්ප‍්‍රදායෙන් ඈත්වීම,නවයුගයකට ගමන් කිරීම තරුණ පිරිස මේ සඳහා යොදවා ගැනීම ඉවත දමන පොල් ලෙලි ප‍්‍රයෝජනයට ගැනීම පොල් ඉඩම් විකිණීම සීමා කිරීම, පොල් ලෙලිවල මිල ඉහළ යාම පාලනය නව පොල් වගා ඇති කිරීම ද කොහු ආශි‍්‍රතව නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාදීම සිදු කළ යුතු වෙනවා.ලණු කැරැල්ලක් රුපියල් 08කි. නමුත් වෙළෙඳ පොළේ රුපියල්20කි විසිපහකි. අතර මැදියන් ලණු කර්මාන්තකරුවනට ‘ලණු’ දී ඇති සෙයක් ද දැකිය හැකි බවද ඇය කියන් නීය.

පී.ඩී. පේ‍්‍රමාවතී 70 මහත්මිය කුඩාකල සිටම මේ රස්සාව කරන්නීය.

රජය ප‍්‍රාදේශීය මට්ටමින් පොල් කර්මාන්තය හා සම්බන්ධ වන අනෙකුත් ආයතන සමග එක්ව කර්මාන්තය නැංවීම සඳහා යම් යම් පියවර ගනු ලැබ ඇති නම් වටිනවා.කුඩාවැල්ල,මාවැල්ල,ලණුමෝදර,නාකුලුගමුව,මොරකැටිආර,සිනිමෝදර,තිත්තගල්ල,උණාකුරුව ,අම්පාවිල,ගොඩැල්ලවෙල ගොයම් බොක්ක යන ධිවර ගම්මානයන්හි මෙම කර්මාන්තය වැඩි දියුණු තත්වයේ පවති. දැනට ගෘහ කර්මාන්තය   වන ලනු කර්මාන්තය විශේෂයෙන් ධිවර කාන්තාවන්ගේ ආදායම් මාර්ගය වි ඇත.

ලණු ආතම්මා නම් වු ආදරනිය නාමයෙන් අමතන අහංගම ගොවියා පානේ එල්.එච් සෝමවති මතාව 80 වන වියේ පසුවන්නීය.

ඇය තවමත් පොල් ලෙලි වළවල්වල බැස පොල් ලෙලි ලන්නීය. ඇය දිනක දී උපයා ගන්නාවු මුදල රුපියල් 140ක්වේ.දරුවන් හතරකි දෙදෙනෙක් මියගොස්ය. තම සුවාමියාද මියගොස්ය. දරුවන්ට බරක් නොවු ඇය තවමත් පොල්ලෙලි තලන්නීය. සුනාමි ඛේදවාචකයෙන් දකුණේ විශාල කොහුමෝල් 27 ක්‌ සම්පූර්ණයෙන්ම හානියට පත් උනා. විනාශ වූ ගෘහ ආශ්‍රිත අත්යන්ත්‍ර සංඛ්‍යාව 7457 කි. ලෙලි වළවල් තුළ පල්වන්නට තබා තිබූ පොල් ලෙලි විශාල ප්‍රමාණයක්‌ද අහිමිවිය. කෙසේ නමුත් ලණු කර්මාන්තය දියුණු කරන්නට යම් සහයෝගයක් අදාළ අංශ වලින් මේ දිරිය කාන්තාවන්ට ලබාදිය යුතුව තිබේ. එය වටනේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *