කොස්ගොඩ මිනිමැරුම් වලට හේතුව පලිගැනීමද?

කොස්ගොඩ මිනීමැරුම් මාලාව පිළිබඳව සිදු කරන ගවේෂණාත්මක හෙළිදරව්ව

ඝාතකයෝ සොයා පොලිසිය දැළ එළයි………..බුද්ධි අංශ කණ්ඩායම් 08ක් මෙහෙයුම් දියත් කරති.

මෙයට මාස කිහිපයකට පෙර තාරුක නැමැති පාතාල නායකයාගේ ගෝලයෙක් වු ලොකුවාට වෙඩ් තබා ඝාතනය කර තිබිණි.

මේ නිසා මෙයට පිළිගැනිමක් වශයෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය හා ආරක්ෂක අංශ හා බුද්ධි අංශ සැකපල කර ඇත. මේ අනුව ඝාතකයන් සොයා විවිධ අංශ ඔස්සේ පොලිස් බුද්ධි පරික්ෂණ ආරම්භ කර ඇතිබව පොලිසිය පවසයි.

අන්තර්ජාතික පොලීසිය මඟින් රතු නිවේදන නිකුත්කර ඩුබායි රාජ්‍යයේ සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි නිසා පාතාල වැඩකරුවන් ආරක්ෂිතව රැඳී සිටිය හැකි රටක් ‍ලෙස ඩුබායි තෝරාගෙන ඇත. නමුත් දැන් මේ සියලු දෙනා සැරසෙන්නේ කිරුළ තමා අතට ගැනීමට ය. දකුණේ පාතාලයේ බලයෙන් ප්‍රියන්ත අවසන් ගමන් යවා කරන්දෙණිය සුද්දා මේ වනවිට අවි ආයුධ දහයක්, පහළොවක් පාවිච්චි කරමින් සිදු කළ ඝාතන රැල්ලත් සමඟ කොස්ගොඩ සුජීටත් පාලනය නොවන තත්ත්වයකට පැමිණ ඇති වග අනාවරණය වන්නේ ය.

සුද්දාගේ හිස එසවීම කොස්ගොඩ සුජීට දරාගත නොහැකිව ඇත. සුජී ඩුබායි සිට පාතාලයට නායකත්වය දෙද්දී සුද්දා ඍජුවම එම පාතාල කණ්ඩායම් මෙහෙයවමින් කරළියට පැමිණිම මීට හේතුව ය‍. සුද්දා විසින් ප්‍රියන්තගේ ඉලක්කයක් ගෙන දකුණේ පාතාලය අතර කතාබහට ලක් වෙද්දී කොස්ගොඩ සුජී තම හැකියාව පෙන්වන්නට තවත් ඉලක්කය සපුරන්නේ ය.

සුජීගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් වූ කොස්ගොඩ තාරකගේ කල්ලියේ වැඩකරුවකු වූ කොස්ගොඩ ලොකු එම ඉලක්කය ය. මෙම ඉලක්කය සඳහා කොස්ගොඩ සුජී යොදවන්නේ වැලිපැන්න පොලිස් වසමේ බොන්දුපිටියේ සිටින සුජීගේ කණ්ඩායමකි. කරන්දෙණියේ සුද්දාගේ කල්ලිය අතහැර වෙනත් ප්‍රදේශයකින් කණ්ඩායමක් ගෙන්වා ටී. 56 අවි තුනක් යොදා ඉලක්කය සපුරා ගන්නේ ද මේ අනුව ය‍. කොස්ගොඩ සුජී බලය පෙන්වන්නට වලිකෑව ද දැනටමත් කවදාහරි දකුණේ පාතාලයේ ලොක්කා වන්නේ සුජී නොව තමා බව සුද්දා එළිපිට කියා ඇත්තේ ය.මේ අනුව ළඟදීම දකුණේ පාතාල කිරුළට සටනක් ද දැකගත හැකි ය. අවාසනාවකට මේ සියලු සටන් හරහා නැතිවන්නේ මනුෂ්‍ය ජීවිතය. ගැටළුව එයයි.

කොස්‌ගොඩ වෙඩි තැබීම් 4ක්‌ මරුට – මියගිය අය අතර එකම පවුලේ පියා සහ පුත්‍රයෝ 2ක්‌

කොස්‌ගොඩ පොලිස්‌ වසමේ ස්‌ථාන තුනකදී 2017.10.29 දා අලුයම සිදුකළ වෙඩිතැබීම් හේතුවෙන් දහතුන් හැවිරිදි දරුවකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු මියගොස්‌ තවත් පහළොස්‌ හැවිරිදි දරුවකු තුවාල ලබා බළපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මෙහිදී මියගොස්‌ ඇත්තේ ඌරගස්‌මන්හන්දිය යුද පිටිය ප්‍රදේශයේ පදිංචි ජගමුනි මහින්දරාජා සොයිසා (50) ඔහුගේ වැඩිමහල් පුතාවන ජගමුනි අයේෂ් (21) සහ බාල පුතාවන ජගමුනි දුමිදු විශ්මික (13) නමැති තිදෙනා සමග කොස්‌ගොඩ මැණික්‌ ගම්මානයේ පදිංචි කපිලරත්න නමැති 38 හැවිරිදි අයෙකි. තුවාල ලබා ඇත්තේ කොස්‌ගොඩ කුරුඳුගම්පියස නානතොට ප්‍රදේශයේ පදිංචි චදිල සුරංජිත් නැමැති පහළොස්‌ හැවිරිදි දරුවෙකි. මියගිය මහින්දරාජා මහතා බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුද වේ.

යතුරු පැදි දෙකකින් පැමිණි නාඳුනන තුවක්‌කුකරුවන් 04 දෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඔවුන් කොස්‌ගොඩ පොලිස්‌ වසමේ යුද පිටිය, කුරුඳුගම් පියස සහ මැණික්‌ ගම්මානය යන ප්‍රදේශවලට ගොස්‌ වෙඩි තැබීම් සිදුකර ඇති අතර ටී 56 ගිනි අවි සහ පිස්‌තෝල උපයෝගී කරගෙන වෙඩි තැබීම් සිදුකර ඇති බවත් උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

යුදපිටියේ වෙඩි තැබීමෙන් පියා සහ පුතුන් දෙදෙනාද, මැණික්‌ ගම්මානයේ වෙඩි තැබීමෙන් කපිලරත්නද මියගොස්‌ ඇති අතර කුරුඳුගම් පියසේ වෙඩි තැබීමෙන් 15 හැවිරිදි දරුවා තුවාල ලබා ඇත.මෙම වෙඩි තැබීම්වලින් මියගිය සහ තුවාල ලැබූ අය හිතවතුන් වන අතර වැරදි වැටහීමකින් ඔවුන්ට වෙඩි තබන්නට ඇතැයි පොලිසිය සැකපහළ කර ඇත.

මෙම වෙඩි තැබීම සඳහා “කොස්‌ගොඩ ලොක්‌කා” නමැති මියගිය පාතාල සාමාජිකයාගේ සහෝදරයකු සම්බන්ධ වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇතැයි එම නිලධාරියා කීය.

කොස්‌ගොඩ ලොක්‌කා” නමැති මියගිය පාතාල නායකයා සහ යුදපිටිය ප්‍රදේශයේ පදිංචි මහින්ද රාජා (මෙම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා) අතර කාලයක සිට අමනාපකමක්‌ තිබී ඇති බවත් මහින්ද රාජා ලබාදුන් කොන්ත්‍රාත්තුවක්‌ මත කොස්‌ගොඩ ලොක්‌කාගේ ඝාතනය සිදුකරන්නට ඇතැයි කොස්‌ගොඩ ලොක්‌කාගේ පාර්ශ්වය තුළ සැකයක්‌ මතුව තිබී ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.

නමුත් කොස්‌ගොඩ ලොක්‌කා නමැති පාතාල සාමාජිකයා බන්ධනාගාර ගතව සිටියදී කොස්‌ගොඩ සුජී නමැති පාතාල සාමාජිකයා සමග ඇතිකරගත් ගැටුමකින් පසු කොස්‌ගොඩ සුජීගේ කල්ලිය විසින් වැලිපැන්න ප්‍රදේශයේදී කොස්‌ගොඩ ලොක්‌කා ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැකකර තිබුණි.

එහෙත් කොස්‌ගොඩ ලොක්‌කාගේ ඝාතනය මහින්ද රාජා විසින් සිදුකරන්නට ඇතැයි සැකකාර ලොක්‌කාගේ කල්ලිය විසින් මෙම වෙඩි තැබීම් සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් (29 දා) සවස්‌ වන විටත් කිසිවකු අත්අඩංගුවට ගෙන නොතිබු අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ කණ්‌ඩායම් 08 ක්‌ යොදවා තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කොස්‌ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

කොස්‌ගොඩ ඝාතන සිද්ධිය පිළිබඳව මියගිය මහින්ද රාජාද සොයිසා මහතාගේ බිරිඳ වන හෙන්ට්‌ලි ප්‍රියංකා හෙට්‌ටිආරච්චි මහත්මිය මෙසේ කීවාය.

සිද්ධිය වූදා පාන්දර ගේ වටේටම බල්ලෝ බුරනවා ඇහුණා. මම කාමරයේ නිදාගෙන සිටියේ. පුතුන් තුන්දෙනා වෙනත් කාමරයක නිදාගෙන සිටියා. මියගිය සැමියා වන මහින්ද අයියා සාලයේ නිදාගෙන සිටියා.

අලුයම 3.40 ත් 3.45 ත් වගේ වෙලාවක බල්ලෝ බුරන ශබ්දය වැඩි වැඩියෙන් ඇහුණා. කාටහරි මිනිහෙකුට බල්ලො බුරනවා කියලා මට හිතුණා. එළියේ සිටි කෙනෙක්‌ මහින්ද අයියගේ නම කියලා කතා කළා. ඊට පස්‌සේ මම ගෙදර ඉස්‌සරහ දොර ඇරගෙන එළියට ගියා.

ඒ වෙලාවේ දෙන්නෙක්‌ එළියේ බිම වාඩිවෙලා සිටියා. තව දෙන්නෙක්‌ තුවක්‌කු අරගෙන ගෙට ආවා. උන් මහින්ද අයියට (සැමියාට) වෙඩි තිබ්බා. ඒ වෙලාවේ අයේෂ් පුතයි, සුදු පුතයි (ලොකු පුතයි පොඩි පුතයි) නිදාගෙන සිටියේ. තුවක්‌කුකරුවන් කාමරවලටත් වෙඩි තිබ්බා. කාමරයේ හිටපු පුතාලට වෙඩි තියලා එන ගමන් සාලයේ නිදාගෙන සිටි සැමියාගේ ඔළුවට ආයෙත් වෙඩි තිබ්බා. ඒ අය සැමියාවත් පුතුන් දෙදෙනාවත් වෙඩි තබා මරා දැම්මා.

යතුරුපැදි දෙකකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් සිව්දෙනෙකු එම වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.ඒ, සඳහා ටී. 56 ගිනි අවි සහ පිස්තෝල යොදාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.‍

මෙය කොස්ගොඩ ප්‍ර දේශයේ කාලක මිට පවතින පාතාල දෙකක් අතර ගැටුමක් දැයි පොලිස් පරික්ෂණ සිදුකරන බව පොලිසි පවසයි.එක් පතාල කල්ලියක්ව තිබු පාතාල කල්ලියක සමාජිකයන් වෙන් වෙන්ව පාතල ක්‍රියාකාරි කටයුතු සිදුකිරිම නිසා මේවන විට පාතාල සමුහයක් බවට කොස්ගොඩ ප්‍රදේශය හා අපට ප්‍රදේශය පත්ව ඇත. මේ නිසා ගහමරා ගන්නා වු තත්ත්වයක් ඇතිව ඇති බව යි, පොලිසිය සැක කරන අතර විවිධ අංශ ඔස්සේ මෙම 29 දින සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන සිටින බවද පොලිසිය කියයි.

කොස්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබේ.අල්පිටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගේ ප්‍රධානත්වයෙන් එම පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

කොස්ගොඩ ප්‍රදේශයේ (29) අළුයම සිදුවු වෙඩි තැබීම් තුනකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් ළමයෙකු තුවාල ලැබීය.

යුද පිටිය –  කුරුඳුගම්පියස – මැණික් ගම්මානය යන ප්‍රදේශවල මෙම වෙඩි තැබීම් සිදුව ඇත. යතුරුපැදි දෙකකින් පැමිණි තුවක්කුකරුවන් සිව් දෙනෙකු මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බවට පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

මියගිය පිරිස අතර 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු ද සිටිති. ඊට අමතරව 21හැවිරිදි , 38 හැවිරිදි සහ 50 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකු සිදුවූ වෙඩි තැබීම්වලින් මියගොස් තිබේ.සිදුවූ වෙඩි තැබීම්වලින් තවත් පිරිමි දරුවෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය  රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙයට මාස කිහිපයකට පෙර තාරුක නැමැති පාතාල නායකයාගේ ගෝලයෙක් වු ලොකුවාට වෙඩ් තබා ඝාතනය කර තිබිණි.

මේ නිසා මෙයට පිළිගැනිමක් වශයෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය හා ආරක්ෂක අංශ හා බුද්ධි අංශ සැකපල කර ඇත. මේ අනුව ඝාතකයන් සොයා විවිධ අංශ ඔස්සේ පොලිස් බුද්ධි පරික්ෂණ ආරම්භ කර ඇතිබව පොලිසිය පවසයි.

මිනිස් ඝාතන සිදු කර පොලිසිය යැලි ගසමින් සිටින්නට කිසිවෙකුටත් නොහැකිය.නමුත් සිදුවන්නේ කුමක්ද ? අප බලා සිටිමු……..

කොස්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *