කොවිඩ් මරණ 7ක්
කොවිඩ් මරණ 7ක්
තවත් කොවිඩ් ආසාදිත මරණ 7ක් පිළිබඳ තොරතුරු වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
එසේ මියගොස් ඇත්තේ,
කොළඹ 02 පදිංචිව සිටි 50 හැවිරිදි කාන්තාවක්, ගොතටුව පදිංචිව සිටි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මොරටුවේ පදිංචිව සිටි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, හලාවත පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අකුරැස්සේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවක්, කොළඹ 13 පදිංචිව සිටි 90 හැවිරිදි කාන්තාවක් සහ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ඒ අනුව මෙරටදී වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 116කි.