කොවිඩ් මරණ 3ක් වාර්තා වේ–මරණ ගණන 69 ට නගි

කොවිඩ් මරණ 3ක් වාර්තා වේ–මරණ ගණන 69 ට නගි

අද (18) දිනයේදී කොවිඩ් ආසාදිත මරණ තුනක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

එම මරණ කඳාන, කොළඹ 12 සහ කොළඹ 13 යන ප්‍රදේශ වලින් වාර්තා වී ඇත.

  1. කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයා 70 හැවිරිදිය. නිවසේදී ම මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග ඇතිවූ දියවැඩියා රෝගයේ සංකූලතා වේ.
  2. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි. කොවිඩ් -19 ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මියගොස් ඇත. අධික රුධිර පීඩනය,දියවැඩියාව සමග කොවිඩ් -19 ආසාදනය නිසා සිදුවූ පෙනහළු දුර්වලවීම මරණයට හේතුව ලෙස දක්වා ඇත.
  3. අද වාර්තා වූ තෙවැනි මරණය කොළඹ 12 පදිංචි ව සිටි 48 හැවිරිදි කෙනෙකි. නිවසේදී මියගොස් ඇත. දියවැඩියා රෝගයේ සංකූලතා කොවිඩ් -19 ආසාදනය වීම නිසා උත්සන්න වීම මරණයට හේතුව ලෙස දැක්වේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 69කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *