කොවිඩ් මරණ 149 ට නගි
කොවිඩ් මරණ 149 ට නගි
ඊයේ දින තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 149කි.
මියගොස් ඇති එක් පුද්ගලයෙක් 55 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් පුද්ගලයා 66 හැවිරිදි කඩවත, ඉඹුල්ගොඩ පදිංචි අයෙකි.
- කොළඹ 15 පදිංචිව සිටි පුද්ගලයෙකි. වැලිසර ලය රෝහලේ සිට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු පිඹුර මුලික රෝහලටත් ඉන් පසුව මුල්ලේරියාව මුලික රෝහලටත් මාරුකර යවා ඇති අතර එම රෝහලේ දී ඊයේ (11) මියගොස් ඇත. මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවය.
- කඩවත, ඉඹූල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී පසුගිය 10වනදා මියගොස් ඇත. මරණයට හේතු වී ඇත්තේ උග්‍ර දියවැඩියා තත්ත්වය හා කොවිඩ් නියුමෝනියාව බව සඳහන් වේ.