කොවිඩ් අවදානම් පැවති අවස්ථාවේ ආරම්භ කළ මහා පරිමාණ මත්පැන් ජාවාරමක් පොලිසිය වටලයි

මිරිගම නාල්ල ප්‍රදේශයේ පොල් ඉඩමක ගොවි නිරෝධායනය පැවති කාලයේ ආරම්භ කළ මහා පරිමාණ මත්පැන් ජාවාරමක් වැටලීම ගම්පහ පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය නිලධාරීන් සිදුකළා. මෙහි නිෂ්පාදනය කරනු ලබන නීති විරෝධී මත්පැන් ( කසිප්පු )තොග වශයෙන් දන්කොටුව ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල බෙදාහරිනු ලබන බවයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ,

මෙම විශාල පොල් ඉඩමෙන් කොටසක් ටකරන් තහඩු භාවිතා කර කොටු කර බාහිරට නොපෙනෙන ලෙස මෙම ස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා, වටලන අවස්ථාවේ බැරල් 40 ක මිලිලිටර ලක්ෂ 70 ක ගෝඩා ;මත්පැන් ස්‍ප්‍රිතු මිලිලිටර ලක්ෂ පහක් ගෑස් ;සිලින්ඩර දාහතරක් ;පෙරීමේ උපකරණ .සීනි මිටි ඇතුළු උපකරණ ද සමඟ සැකකරුවන් දෙකක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා

එම ඉඩම් හිමියාගෙන් හතු වගා කිරීමට යයි ප්‍රකාශ කරමින් ඉඩමේ කොටසක් බදු ලබාගෙන ඇති අතර පසුව එම කොටස ටකරන් තහඩු යොදා ගෙන වසා මෙම ජාවාරම කිසිවෙකුට නොපෙනෙන සේ පවත්වාගෙන ගොස් තිබෙනවා. ලැබුණු තොරතුරකට අනුව පොලීසිය මගින් මෙම වැටලීම සිදුකළා.

මෙම ජාවාරම පිටුපස සිටින අනෙකුත් පුද්ගලයින් හෙළිකර ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ගමිපහ ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

සැකකරුවන් අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *