කොවිඞ් – 19 වැඩියෙන් බෝවෙන්නේ පිරිමින්ටද?

කොවිඞ් – 19 වැඩියෙන් බෝවෙන්නේ පිරිමින්ටද?

නව කොරෝනා වෛරසය හෙවත් Covid 19 ලෝකයේ ධනවත්ම රටවල් වලට මෙන්ම දුප්පත්ම රටවල් වලටත් එක සමාන බලපෑමක් එල්ල කල වසංගතයකි. ක්‍දඩසා 19 මහපාරේ වෙසෙන යාචකයාටත්, හිරු නොබසින අධිරාජ්‍යයේ මහ රැුජිනියටත් කියා වෙනසක් කළේ නැත. උස් පහත් භේදයකින් තොරව කාටත් මරණ බිය උපදවන, ජාති ආගම් භේද වලින් තොරව කාට වුවත් වැළඳිය හැකි මේ වෛරසය මෑත කාලයේදී ඔබත් මමත් ඇසූ බිහිසුණුම වෛරසය යැයි කිවහොත් වරදක් නැත.

කොරෝනා වෛරසය භේද නොසලකා කාටත් එක හැන්දෙන් බෙදතැයි අප සිතුවද, කොරෝනා වෛරසයත් එක් එක් සමාජ කොටස් වලට සලකන්නේ එක් එක් ආකාර වලට බව ඇතැම් විටදී පෙනී යයි.

මේ වෙනස පැහැදිලිවම ඉස්මතු වෙන්නේ නව කොරෝනා වෛරසයේ බලපෑම ස්ත‍්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වන අයුරු සලකා බලන විටය. මෙම නව කොරෝනා වෛරසය ගැහැණුන්ට හා පිරිමින්ට වෙනස්ව බලපාන අයුරු ආකාර කිහිපයකින් පෙන්වා දිය හැකිය.

මෙහිදී කැපී පෙනෙන වෙනස දක්නට හැක්කේ කොරෝනා රෝගය නිසා සිදුවෙන ගැහැණු හා පිරිමි මරණ සංඛ්‍යාව අතරය.

උදාහරණයක් ලෙස ගතහොත් එක්සත් ජනපදයේ කොරෝනා වෛරස ආසාදනය නිසා සිදුවෙන පිරිමි මරණ සංඛ්‍යාව ගැහැණු මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයකි. එමෙන්ම මුළු මහත් බටහිර යුරෝපය පුරාම කොරෝනා වෛරසය නිසා සිදුවුණු මරණ සංඛ්‍යාවෙන් සියයට හැට නවයක්ම පිරිමි පාර්ශවයෙන් වන අතර, චීනයේ සහ අනෙකුත් රටවලද තත්ත්වය මෙයට සමානය.

වැඩිහිටි වයස් කාණ්ඩ වල පිරිමින්ට මේ වෛරසය වැළඳීම හේතුවෙන් මරණයට පත් වීමේ වැඩි අවදානමක් පවතින නමුදු එම වයස් කාණ්ඩ වලම කාන්තාවන්ට සුවය ලැබීමේ වැඩි සම්භාවිතාවක් තිබෙනු දැකිය හැකිය.

එය එසේ සිදුවන්නේ ඇයිදැයි තව දුරටත් කරුණු සෙවීම සදහා ඹබසඩැරිසඑහ ක්‍දකකැටැ ඛදබාදබ හි ආචාර්යවරියක වන ඇනා පර්ඞී ගේ නායකත්වයෙන් යුතු පර්යේෂණ කණ්ඩායමක් ”විවිධ රටවල ස්ත‍්‍රී පුරුෂ භාවය අනුව කොරෝනා වෛරසයේ බලපෑමේ වෙනස්කම්..” යන මැයින් කරුණු එක්රැුස් කරමින් සිටී.

ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ ප‍්‍රතිශක්ති විද්‍යාව පිළිබදව මහාචාර්යවරයෙකු වන මහාචාර්ය පිලිප් ගෝල්ඩර් මේ පිළිබදව ඉදිරිපත් කරන මතය වනුයේ, මෙම වෛරසයට එරෙහිව කාන්තාවන්ගේ සිරුරේ ඇති ප‍්‍රතිශක්තිය දක්වන ප‍්‍රතිචාරය සාපේක්ෂව බලවත් බවයි. ”සාමාන්‍යයෙන් සියලූ‍ම එන්නත් හා ආසාදන වලට කාන්තාවන්ගේ සිරුර දක්වන ප‍්‍රතිශක්ති ප‍්‍රතිචාර පිරිමින්ගේ සිරුරු වල ප‍්‍රතිශක්තියට වඩා වැඩියි..” මහාචාර්ය පිලිප් පවසයි.

කාන්තාවන්ගේ වර්ණදේහ පිහිටීම මේ තත්වයට යම් තරමකින් බලපාන බවත් කියවෙයි. කාන්තාවන්ට වර්ණදේහ දෙකක් ඇති අතර, පිරිමින්ට ඇත්තේ වර්ණදේහ එකක් පමණක් වීම මේ ප‍්‍රතිශක්ති වෙනසට බලපාන සාධකයක් යැයි මහාචාර්යවරයා පහදයි. කොරෝනා වෛරස ආසාදනයේදී මේ කාරණය වඩාත් පැහැදිලිව බලපාන බව ඔවුහු උපකල්පනය කරති. කොරෝනා වෛරසය වැනි වෛරස සංවේදීතාව දක්වන ප්‍රෝටීන වර්ගය ”එක්ස් වර්ණදේහ” වල කේතනය වන බැවින්, කාන්තා ශරීර වල ප‍්‍රතිශක්ති සරල පිරිමි ශරීර වල සරල වලට වඩා දෙගුණයකින් ප‍්‍රතිචාර දක්වන බවත්, ඒ නිසාම කාන්තාවන් අතර මෙම වෛරසයට මුහුණ දීමේ හැකියාව සාපේක්ෂව ඉහල බවත් එම මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ස්ත‍්‍රී පුරුෂ භාවය අනුව කෙනෙකුගේ ජීවන රටාව හා ජීවන පුරුදු වෙනස් වන ආකාරයද, කොරෝනා වෛරසය ගැහැණුන්ටත් පිරිමින්ටත් වෙනස් ආකාරයෙන් බලපාන්නට හේතු වූ තවත් කාරණාවකි.

”ගැහැණුන්ගේ හා පිරිමින්ගේ ජීවන පුරුදු අතර පැහැදිලිව කැපී පෙනෙන වෙනසක් තියෙනවා. දුම්බීම, මත්පැන් පානය වැනි පුරුදු සාපේක්ෂව කාන්තාවන් අතර අඩුයි. ඒ නිසාම මේ පුරුදු හේතුවෙන් ඇතිවෙන හදවත් රෝග, පෙනහළු රෝග හා පිළිකාවන්ද කාන්තාවන් අතර දැකිය හැක්කේ අඩුවෙන්. මෙම රෝග හා පුරුදු කොරෝනා වෛරස ආසාදනයකදී රෝග තත්වය පාලනය වීම හෝ උග‍්‍රවීම කෙරේ දැඩිව බලපානවා.” මහාචාර්ය ගෝල්ඩර් පවසයි.

”බොහෝ රටවල දුම්පානය කරන පුද්ගලයින් ප‍්‍රතිශතය ස්ත‍්‍රී පුරුෂ භාවය අනුව ලොකු වෙනසක් පෙන්වනවා. උදාහරණයක් ලෙස දැක්වුවොත් චීනයේ පිරිමින් අතරින් සියයට පනහක්ම දුම්පානය කරන අතර කාන්තාවන් අතරින් දුම් පානය කරන්නේ සියයට පහක් පමණයි..”

කෙසේ වුවත් මේ වසංගත තත්වය යටතේ එය කාන්තාවන්ටත් පිරිමින්ටත් වෙනස් වශයෙන් බලපාන්නට ජෛව විද්‍යාත්මක මෙන්ම චර්යාත්මක සාධකත් එකසේ දායක වන බව නම් පැහැදිලි වෙයි.

ආර්ථිකය වෙනස් වීම නම් සාධකයේදීද කොරෝනා වෛරසය ගැහැණුන්ට හා පිරිමින්ට සලකන ආකාරය වෙනස් වන බව අදාල ක්ෂේත‍්‍රයේ විශේෂඥයින් විසින් පෙන්වා දෙයි. ජර්මනියේ මැන්හෙයිම් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂඥවරියක වන මිෂෙල් ටර්ටිල්ට් පවසන්නේ මේ වසංගතය කාන්තාවන්ට හා පුරුෂ පාර්ශවයට ආර්ථික වශයෙන් බලපාන්නේද වෙනස් ආකාරයට බවය.

වෛරසය පැතිරීම පාලනය කිරීමට රටවල් වසා දැමීම හේතුවෙන් බොහෝ රටවල් වල බොහොමයක් මිනිසුන්ගේ රැුකියා අවදානමකට ලක්ව ඇත. ලෝකයේ බොහෝ රටවල ආර්ථිකයන් ඉදිරි කාලය තුළදී කඩාවැටීමකට ලක් වනු ඇත.

”මේ කඩාවැටීම දැඩි ලෙසම කාන්තා පාර්ශවයට බලපානු ඇත” යි මිෂෙල් ටර්ටිල්ට් පවසන්නීය.පසුගිය මාර්තු මාසය තුළදී පමණක් ඇමරිකාව තුළ මිනිසුන් මිලියන 1.4 කට තම රැුකියා අහිමි වූ අතර එය 1975 න් පසුව ඇතිවූ දරුණුතම ආර්ථික බලපෑම ලෙස සැලකෙයි. මේ කඩාවැටීම දරුණු ලෙසම පහර දුන්නේ කාන්තා පාර්ශවයට බව පැහැදිලිව පෙනෙයි.එහෙත් වර්තමාන රටවල් වසා දැමීමේ තත්වය යටතේ වැඩි වශයෙන් රැුකියා අහිමිවීමේ අවදානමට මුහුණ පාන්නට සිදුව ඇත්තේ පුරුෂ පාර්ශවයට බවත්, විිරැුකියාවේ ප‍්‍රතිඵලද වඩාත් දරුණු ලෙස බලපාන්නේ පිරිමින්ට බවත් ඇතැම්හු කියති. ඔවුන් එය පැහැදිලි කරන්නේ පහත ආකාරයටය.

නිෂ්පාදන කර්මාන්ත, ගොඩනැගිලි වැනි ක්ෂේත‍්‍රයන් මේ තත්වය යටතේ මුලූ‍මනින්ම අඩාල වී ඇති අතර මේ ක්ෂේත‍්‍ර වල වැඩිපුරම වැඩ කරන්නේ පුරුෂ පාර්ශවය වීම හේතුවෙන් වැඩි අවදානමට ලක් වෙන්නේ ඔවුන්ගේ

රැුකියාවන්ය. සංඛ්‍යාලේඛන අනුව කාන්තාවන් වැඩි වශයෙන් නියුතු වන්නේ සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි ක්ෂේත‍්‍රයන්හි රැුකියා වල නිසා ඔවුන්ගේ රැුකියා අහිමි වීමේ අවදානම අඩු බව ඒ මතය දරන්නෝ කියති.

එහෙත් ටර්ටිල්ට්ගේ පර්යේෂණ කණ්ඩායමේ වාර්තාවන් වලින් කියවෙන්නේ නම් අත්‍යවශ්‍ය සේවාවන්හි නියුතු කාන්තා පිරිමි දෙපාර්ශවයේම රැුකියාවන් හැරෙන්නට, ඉන් බාහිර සියලූ‍ දෙනාගේම රැුකියාවන් කාන්තා පිරිමි භේදයකින් තොරව අවදානමට ලක්ව ඇති බවයි.

මෙතෙක් ලෝකයේ පැතිර ගිය හැම වසංගත තත්වයකම බලපෑම ස්ත‍්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වූ බවත්, ක්‍දඩසා 19 වසංගතයේදීත් ඒ විෂමතාව ඒ අයුරින්ම පෙන්වන බවද ලන්ඩනයේ ආර්ථික හා දේශපාලන විද්‍යා විද්‍යාලයේ ආචාර්යවරියක වන ක්ලාරා වෙන්හැම් පවසයි.

ක්ලාරා වෙන්හැම්ගේ පර්යේෂණ කණ්ඩායමේ අධ්‍යයනයන්ට අනුව සීකා, හා එබෝලා වෛරස

ගැහැණුන්ට හා පිරිමින්ට වෙනස් ලෙසින් බලපෑ අයුරින්ම වර්තමානයේ කොවිඞ් 19 වසංගතයද ක‍්‍රියාකරන බව පෙන්වා දෙයි.

එබෝලා වසංගත කාලසීමාව තුළදී, සියරා ලියෝන් හි මාතෘ මරණ සංඛ්‍යාව අසාමාන්‍ය වැඩිවීමක් දක්නට තිබිණ. ඒ අනුව මාතෘ සෞඛ්‍ය සේවාවන් මේ වසංගත කාලය තුළදී අත්‍යවශ්‍ය සේවාවන් ලෙස සලකා විශේෂ ප‍්‍රමුඛත්වයක් දී කටයුතු කරන්නට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා නිර්දේශ කොට තිබිණ.

වත්මන් කොවිඞ් වසංගත කාලය තුළදීද මාතෘ සෞඛ්‍යය දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, එමෙන්ම අනෙකුත් කාන්තා රෝග පිළිබදවත් වැඩි අවධානයකින් සලකා කටයුතු කළ යුතු බවත් ක්ලාරා වෙන්හැම් පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙයි.

මේ වසංගතය ලොව පුරා කාන්තාවන්ට තවත් එක් ආකාරයකින් දැඩි බලපෑමක් එල්ල කරයි. ඒ කාරණය නම් ගෘහස්ථ හිංසනයයි. ප‍්‍රංශය වසා දැමූ පළමු සතියේම කාන්තාවන්ට එරෙහි ගෘහස්ථ හිංසනයන් වාර්තා වීම තුන් ගුණයකින් ඉහළ ගිය බව වාර්තා වෙයි. ඔස්ටේ‍්‍රලියාවේ

ගෘහස්ථ හිංසන වාර්තා සියයට හැත්තෑ පහකින් ඉහළ ගිය අතර ලෙබනනයේ ඒ අගය දෙගුණ විය.

”මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ. වැඩට යන්න බෑ. රස්සාවල් නැති වෙලා.. ඒ තත්වය යටතේ නිවෙස් වල කොටු වෙන්නට සිද්ධ වුණාම, ඒ පීඩනයත් එක්ක කාන්තාවන්ට එරෙහි ගෘහස්ථ හිංසනය ඉහළ යාම අමුතුවෙන් පැහැදිලි කරන්නට උවමනා කාරණයක් නෙවෙයි. මේ පීඩනකාරී තත්වය තුළ, ආර්ථික කඩාවැටීම වගේම නිවසටම කොටුවී, දරුවන්ගේ වැඩකටයුතු හා ගෙදර වැඩ කටයුතුත් කරමින් ගෘහස්ථ හිංසනයටත් මුහුණ දෙන්නට සිදුවන කාන්තාවන්ගේ මානසික සෞඛ්‍යය පිරිහීමත් අනිවාර්යෙන්ම සිදුවෙනවා. වෛරසයෙන් ඇතිවන රෝගී තත්වයේ බලපෑම කාන්තාවන්ට දරුණු විදිහට බලපෑවේ නැතත්, වසංගතයෙන් ඇතිවන අතුරුඵල නම් කාන්තාවන්ට වඩාත් දරුණු විදිහට බලපානවා..” ක්ලාරා වෙන්හැම් පවසයි. ”කෙසේ වෙතත් ආර්ථික කඩාවැටීම වලක්වා ගන්නට නම් ලෝකයේ බොහෝ රජයන් දැනටමත් ප‍්‍රමාද වැඩියි. එහෙත් විශේෂයෙන්ම කාන්තාවන්ගේ ආර්ථික සුරක්ෂිත තාවය තහවුරු කරන්නටත්, වසංගත කාලසීමාව තුළදී ඔවුන් මානසිකව හා කායිකව පීඩනයට පත්වීම වලක්වන්නටත් රජයන්ගේ මැදිහත්වීමෙන්ම යම් පියවරක් ගැනෙනවා නම් හොදයි. වෛරසයේ බලපෑම තවත් වසරකට ආසන්න කාලයක් පවතිනු ඇති නිසා මේ පිලිබදව අවධානය යොමු කිරීම බෙහෙවින් වැදගත්..

උපුටා ගැනිම-දිවයින”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *