කොරෝනා ලෝක බලවතුන් අසරණ කරයි!! ඊයේ දිනයේ අමෙරිකාවේ 1320 ක් ප්‍රංශයේ 1120ක් මියගොස්
කොරෝනා ලෝක බලවතුන්ට පාලනය කිරිමට නොහැකි තත්වයක—ඊයේ අමෙරිකාවේ පුද්ගලයන් 1320 ක් ප්‍රංශයේ 1120ක් මියගොස්
අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24ට මරණ දහස ඉක්මවයි–
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාධනය විමෙන් අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24 තුළ පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.
අමෙරිකාවේ පුද්ගලයන් 1320 දෙනෙකු මියගොස් ඇති අතර ප්‍රංශයේ ඊයේ(03) දිනය තුළ මියගිය සංඛ්‍යාව 1120ක් වෙයි
ස්පාඤඤයේ 850ක් , ඉතාලියේ 766ක් සහ බ්‍රිතාන්‍යයේ 684ක් මියගිය පිරිසට අයත්.
ඒ අනුව වෛරසය හේතුවෙන් අද වන විට මිය ගොස් ඇති සමස්ථ සංඛ්‍යාව පුද්ගලයින් පනස් නව දහසකට අධික වෙයි.
වැඩිම අසාධිතයින් සංඛ්‍යාවක් ඊයේ දිනයේ දිත් අමෙරිකාවෙන් වාර්තා වු අතර එම සංඛ්‍යාව 32, 088ක් බව වාර්තා වෙයි.
ලොව පුරා පුද්ගලයින් එකොළොස් ලක්ෂයකට ආසන්න පිරිසකට වෛරසය ආසාධනය වී තිබේ.