කොරෝනා රෝගියෙකු නිසා බණ්ඩාරගම අටළුගම සම්පුර්ණයෙන්ම වසා දමයි!!

බණ්ඩාරගම අටළුගම ගම්මානයෙන් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදී ඔහු එම ගම්මානයේ නිවාස රැසකට ගොස් තිබීම හේතුවෙන් එම ගම්මානයයේ කිසිවෙකුට ගම්මානයෙන් පිටවීම සහ ඇතුළු වීම අහුරමින් ගම්මානය අද පස්වරුවේ සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.

මෙම ගම්මානයේ සිටි පුද්ගලයාට කොරෝනා ආසාදනය වී යයි දැන ගැනීමෙන් පසු ඔහු රෝහල්ගත කර තිබේ.මෙම ගම්මානයේ නිවාස 26ක දෙසීයක පමණ පිරිසක් මෙම ගම්මනායේ ජීවත් වන අතර ඔවුන් සියළු දෙනා තම නිවාස තුලම නිරෝධායනයට ලක් කර ඇත.ශ්‍රී ලංකා යුධ හමුදාව සහ පොලීසිය එක්ව ගම්මානය වටකර දැඩි ආරක්‍ෂිත වැටක් දමා ඇති බව වාර්තා වෙයි. අනෙකුත් ප්‍රදේශවලට කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව ආරක්ෂක අංශ කියා සිටී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *