කොරෝනා පාලනය සඳහා චීනයට උදව් වුන සනීපාරක්ෂක තීන්ත IDH රෝහලට නොම්ලේම ලැබෙයි..

කොරෝනා පාලනය සඳහා චීනයට උදව් වුන සනීපාරක්ෂක තීන්ත IDH රෝහලට නොම්ලේම ලැබෙයි..

කොරෝනා වෛරසය ලොවපුරා ව්‍යාපත්ත වීමත් සමඟ එය පාලනය කිරීමට ලොවපුරා විවිධ රටවල් විවිධ පර්යේෂණ වල නිරත වුනා. මේ අතර කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කළ චීනයට, ඒ සඳහා වඩාත් ඉවහල් වුන වෛරස පැතිරීම වලක්වන ආලේපන තීන්ත වර්ගයක් සම්බන්යෙන් ලොවපුරා කතාබහට ලක්වුනා.

නිපෝන් සමාගම විසින් සිල්වර් අයන,සින්ක් අයන හා සක්‍රීය ඔක්සිජන් සංඝටක සංයෝජනය කරමින් නව්‍ය ක්ෂුද්‍ර තාක්ෂණය යටතේ නිෂ්පාදනය කර ඇති මෙම වෛරස පැතිර යාම වලක්වන තීන්ත චීනයේ හුබේයි ප්‍රාන්තයේ රෝහල් වලට පරිත්‍යාග කිරීමෙන් අනතුරුව එම තීන්ත කොරෝනා ආසාධිතයන්ට ප්‍රතිකාර කරන චීනයේ හුබේයි ප්‍රාන්තයේ රෝහල් හතරක ආලේප කර තිබුණා.

ඒ අනුව මෙම තීන්ත ආලේප කිරීම නිසා වෛරසය රෝහල් තුල පැතිරීමේ අවදානම සැලකිය යුතු ප්‍රතිශතයකින් අවම වී තිබූ බවයි චීන සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ.

එසේම මෙම තීන්ත බොහෝ හානිකර බෝවෙන රෝගවලට එරෙහිව ක්‍රියාකාරී සහ අරක්ෂිත බව පරීක්ෂණ මඟින් තහවුරු කර ඇති අතර බෝවන රෝග පැතිරීම වැළැක්වීම සඳහා මෙමගින් සැලකිය යුතු බලපෑමක් ඇති කරන බවයි පාරීක්ෂණ වාර්තා තහවුරු කර තිබෙන්නේ.

තවද නිපෝන් සමාඟම නිෂ්පාදනය කර ඇති මෙම සෞඛ්‍යාරක්‍ෂක ආලේපනය රිදී අයන, සින්ක් අයන සහ ක්‍රියාකාරී ඔක්සිජන් වල ක්‍රියාකාරී මූලද්‍රව්‍යයන් සහිත වන අතර ඒ සඳහා නිපොන් පේන්ට් ආයතනය පේටන්ට් බලපත්‍රයක්ද හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.

මේ අතර මෙම සෞඛ්‍යාරක්‍ෂක ආලේපනය සනීපාරක්ෂාව සඳහා යොදා ගැනීම සඳහා නිපොන් පේන්ට් ලංකා සමාගම මූලික පියවර ගනිමින් සිටීන අතර ඒ අනුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් ලැබුණු ඉල්ලීමට අනුව නිපොන් පේන්ට් ලංකා ලිමිටඩ් විසින් සෞඛ්‍ය සේවා සපයන්නන්ට සහ රෝගීන්ට ආරක්ෂාව ලබා දීමේ අරමුණින් කොළඹ බෝවන රෝග රෝහලට (IDH) සඳහාද මෙම නව සෞඛ්‍ය ආරක්ෂණ ආලේපනය පරිත්‍යාග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *