කොරෝනා තවත් ඉහල ට–නගී..කුවේටයේ සිට මෙරටට පැමිණි අයෙකු මිය යයි

කොරෝනා තවත් ඉහල ට–නගී..කුවේටයේ සිට මෙරටට පැමිණි අයෙකු මිය යයි

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් 13 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඉන් 11 දෙනෙකු නාවුක හමුදාවෙන් වන අතර සෙසු දෙදෙනා විදේශයන්ගෙන් පැමිණි අයයි.

ඒ අනුව මෙය මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 1633 දක්වා ඉහල යයි.

මෙරට තුළ කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය 11 වැනි පුද්ගලයා අද වාර්තා වී ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත.

මෙම පුද්ගලයා කුවේටයේ මිට මෙරටට පැමිණි අයෙකු වන අතර මෙරටදී සිදු කල පරීක්‍ෂණ අනුව කොරෝනා ආසාදනය වී ඇති බව හෙලි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *