කොරෝනා ආසාදිතයින් ගණන 244 ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිතයින් ගණන 244 ක් දක්වා ඉහළට
අද(17) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අද දිනයට පමණක් රෝගීන් 6 දෙනෙකු වාර්තා වී තිබේ.
මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 244 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 77 දෙනෙක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
රෝගීන් 160 දෙනෙක් මේ වන විට වෛද්‍ය අධීකණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
මේ වන විට ලංකාවේ ජීවිතක්ෂයට පත්වු කොරෝනා ආසාදිතයින් ගණන 7ක්.
අද දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් තිදෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින අය බව එම අමාත්‍යාංශය සදහන් කළේය.
උපුටා ගැනිම-අද දෙරණ