corona — බොරදියේ මාළු බෑ වෙළෙන්දා අතටම අසුවෙයි // වීඩියෝ සහිතයි!!

කොරෝනා අවදානම් අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඉතා වැඩි මිලට භාණ්ඩ විකුණු වෙළෙන්දාට වැඩ වරදී

රාගම නගරයේ එදිනෙදා පරිභෝජනයට ගනු ලබන එළවළු අතුරු පාරිභෝගික දූව්‍ය ඇතැම් වෙළඳුන් වැඩි මිලට විකුණන අයුරැ මාධ්‍යවේදීන්ට දැකගන්නට ලැබී ඇති අතර මේ අනුව ඔහුන් මැදිහත්වී ගමිපහ පාරිභෝගික අධිකාරියට කාර්යාලයට දැන්වීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් කාර්ය මණ්ඩල ප්‍රධානී පාරිභෝගික අධිකාරියේ ප්‍රදීප් කලුතර ආරච්චි මහතා ඇතුළු නිලධාරීන් පැමිණ අදාළ අවස්ථාව නිරීක්ෂණය කර ඇත.
ඒ අනුව වැඩි මිලට විකුණන බව දැකගන්නට ලැබීමෙන් අනතුරුව සම්බන්ධව එක් වෙළෙන්දෙකුට එසේ වැඩි මිලට බඩු නොවිකුණන ලෙස දැනුමි දුන්නත් එම වෙළෙන්දා අදාළ නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට බාධාවන අයුරින් හැසිරීම නිසා පොලිසිය කැඳවීමට සිදුවිය.
පසුව පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එම වෙළෙන්දා අත්අඩංගුවට ගෙන ඇත. මෙම corona වසංගතය පවතින අවස්ථාවේදී ඇතැමි වෙළෙඳුන් පාරිභෝගිකයින්ගෙන් මේ ආකාරයෙන් ගසාකෑම පිළිබඳව පිළිකුලෙන් හෙළා දැකිය යුතුයි

රාගම වැඩි මිලට බඩු විකුණන වෙළෙන්දා පාරිභෝගික නිලධාරීන් සමඟ පැටලුනු අයුරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *