කොදෙව් දේශයට ගිය ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරගාවලියම දිනති

කොදෙව් දේශයට ගිය ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරගාවලියම දිනති

බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සමග පැවැති තෙවැනි සිව්දින ක්‍රිකට්‌ තරගයෙන්ද කඩුලු දහයක ජයක්‌ ලැබූ ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ පිල තරගාවලිය 2-1 ක්‌ ලෙස ජය ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් ප්‍රථම ඉනිමේදී අර්ධ ශතක වාර්තා කිරීමට ධනංජය ද සිල්වා (64) සහ රොෂේන් සිල්වා (52) සමත් වීමත් සමග පළමු ඉනිමේදී ලකුණු 92 ක වාසියක්‌ ලබා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ සමත් වූහ. අනතුරුව කොදෙව් ‘ඒ’ දෙවැනි ඉනිමක ලකුණු 118 කට දැවී යැමෙන් පසුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 26 කිසිවකු නොදැවී ලබා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිල සමත් විය.

පළමු ඉනිමේදී ලකුණු 41 ට කඩුලු 2 ක්‌ සහ දෙවැනි ඉනිමේදී ලකුණු 60 ට කඩුලු හයක්‌ බිඳ දැමූ ෂෙහාන් ජයසුරිය තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු පළමු ඉනිමේදී පන්දු 42 කදී හතරේ පහර තුනක්‌ සහ හයේ පහරක්‌ සමග ලකුණු 36 ක්‌ද ලබා ගත්තේය.

ලකුණු තත්ත්වය

කොදෙව් ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 60.3 කදී සියල්ල දැවී ලකුණු 181 යි. (එස්‌.අබ්බ්‍රිස්‌ 101, මලින්ද පුෂ්පකුමාර 67/4, ෂෙහාන් ජයසූරිය 41/2, ළහිරු කුමාර 35/2 යි.)

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 76.2 කදී කඩුලු 9 ට ලකුණු 273 යි. (නිපුන් කරුණානායක 26, ධනංජය ද සිල්වා 64, රොෂේන් සිල්වා 52, සඳුන් වීරක්‌කොඩි 21, ෂෙහාන් ජයසූරිය 36, ජෝශප් 43/2, තෝමස්‌ 54/2 යි.)

කොදෙව් ‘ඒ’ දෙවැනි ඉනිම පන්දුවාර 37.3 කදී සියල්ල දැවී ලකුණු 118 යි. (එස්‌.එස්‌.ඡේ.බ්‍රොaක්‌ස්‌ 52, ෂෙහාන් ජයසූරිය 60/6, පුෂ්පකුමාර 19/4 යි.)

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම පන්දුවාර 5.5 කදී කිසිවකු නොදැවී ලකුණු 27 යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *