කොටුවූ කර්මාන්ත ශාලා සේවක සේවිකාවන් නිවෙස් වලට……

කොටුවූ කර්මාන්ත ශාලා සේවක සේවිකාවන් නිවෙස් වලට……

ආයෝජන කලාපයේ සේවක සේවිකාවන් නිවෙස් වෙත පිටත්කර යැවුවද ඉන් පිටස්තර කර්මාන්ත ශාලාවන්හි සේවක සේවිකාවන් විශාල පිරිසක් නවාතැන් වලට කොටුවී සිටින බැවින් ඔවුන් නිවෙස් කරා යැවීමට වැඩ පිළිවෙලක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

දැනට රට තුල පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට සහන සැලසීම පිනිස අද ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය වරයා මේ බව සඳහන් කළ අතර ඇදිරි නීතිය හේතුවෙන් දැනට නවාතැන් වලට වී සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ පිරිස පිළිබඳව සොයා බලා ඔවුන් නිවෙස් කරා යැවීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වෙත දැනුම් දෙනු ලැබීය.

තවද මෙහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කර සිටියේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යාම පිනිස ඇදිරි නීති බලපත් නිකුත් කිරීමේදී අවශ්‍ය අයට පමණක් නිකුත් කිරීම පිණිස ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන සභාපති වරුන් , සමූපකාර සහ සෞඛ්‍ය අංශ අදාල නිලධාරීන් සමග පොලීසිය සම්බන්ධ වෙමින් එම කමිටුව මගින් තීරණය කළ යුතු බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *