කුලියට මිනී මරන පාතාලයේ උපතේ සිට කොස්ගොඩ හරහා බටපොල දක්වා

දකුණේ පාතාලයේ ලෙයට ලෙයින් පළිගන්නා ඝාතන රැල්ල 

ඒ වෙලාවේ දෙන්නෙක්‌ එළියේ බිම වාඩිවෙලා සිටියා. තව දෙන්නෙක්‌ තුවක්‌කු අරගෙන ගෙට ආවා. උන් මහින්ද අයියට (සැමියාට) වෙඩි තිබ්බා. ඒ වෙලාවේ අයේෂ් පුතයි, සුදු පුතයි (ලොකු පුතයි පොඩි පුතයි) නිදාගෙන සිටියේ. තුවක්‌කුකරුවන් කාමරවලටත් වෙඩි තිබ්බා. කාමරයේ හිටපු පුතාලට වෙඩි තියලා එන ගමන් සාලයේ නිදාගෙන සිටි සැමියාගේ ඔළුවට ආයෙත් වෙඩි තිබ්බා. ඒ අය සැමියාවත් පුතුන් දෙදෙනාවත් වෙඩි තබා මරා දැම්මා.

 

ගෝනවල සුනිල්ගෙන් පටන් ගෙන සොත්ති උපාලි, වම්බොට්ටා, ධම්මික අමරසිංහ, බැදදගානෙ සංජීව, ඕල්කට්, ෆාජි, පොට්ට නෞෆර්, ආනමාලු ඉමිටියාස්, චින්තක අමරසිංහ , කලු අජිත්, මොරටු සමන්, දෙමටගොඩ කමල්, කිඹුලා ඇලේ ගුණා, තෙල් බාලා , ප්‍රින්ස් කොලම් , ධනුශ්ක , නේවි රුවන්,නේවි අසංක, කරාටෙ ධම්මික, අයිස් මංජු, නෙලුවේ ප්‍රියන්ත,  කඩුවෙල වසන්ත, ආමි රොෂාන් , උස කුමාර ආදි 70 , 80 , 90 දශක හා පසුගිය දශකයෙ මුල් භාගයෙ පාතාල ලොව හෙල්ලු බොහොමයක් අද වන විට මිය ගොස්ය. නැතහොත් මරා දමා ඇත.

සමහරුන් අතුරුදන්. සමහරුන් හිරගෙදර සිය ජීවතයෙ අවසාන කාලය ගත කරති. පාතාල ලොව ගෝඩ් ෆාදර් කිරුල දිනු නාවල නිහාල් හට සිදු වූ දෙය පාතාල කෙරැමාගේ  පාතාල සඟයෝද දැන සිටියේ නැත. නමුත් නාවල නිහාල් සමඟ මහුණට මුහුණ හැප්පුණු එකම පුද්ගලයා අශෝක. අශෝක නාවල නිහාල්ට මූණට කීවා මරනවා කියලා. ඒකට නාවල නිහාල් තක්බීර් වෙලා හිටියෙ. නාවල නිහාල් ජීවිතය බේරගන්න අන්තිමේදී නතර වුණේ ඉතාලියේ නාපොලි නුවර යි.

නාවල නිහාල්ටවත් ඔළුව නැමුවෙ නැති කවුද මේ පාමංකඩ පොඩි අශෝක.. ඇත්තෙන්ම පාමංකඩ පොඩි අශෝක පාතාල චරිතයක්ද? එසේ නොවේනම් අශෝකගේ විශේෂත්වය මොකද්ද ?යන්න සොයා බැලිය හැකිය ලංකාවේ පාතාල ඉතිහාසය දෙස බැලිමේ දි සිදුව ඇත්තේ කමුක්ද ?

පාමංකඩ පොඩි අශෝක යනු කවරකේද ?පාතාල ඉතිහාසයේ සඳහන් වන්නේ කෙසේද ?

අශෝක කියන්නේ පතාල ලොකේ එදා මෙදා තුර බිහි නොවෙච්ච චරිතයකි. අපිත් හොඳ වැඩකාරයෝ දැක්කා. ඒත් අශෝක වගේ මිනිහෙක්ව දැක්කේ නැහැ. පාතාලේ කප්පම් ගන්න, කුලියට මිනී මරන අයට විරුද්ධව ආයුධ අතට ගත්ත කෙනෙක්. කොටින්ම කියනවානම් උම්බලකඩ කෑල්ලක්වත් කාපු නැති කෙනෙක්. ඒ කාලේ පාතාලේ කවුරුත් අශෝකට බයවෙලා හිටියේ. ඒ කාලේ පාමංකඩ පොඩි අශෝකගේ නම මුළු ලංකාවම දැනගෙන හිටියා. ඒත් පුද්ගලයා කවුද කියලා දන්නෙ නැහැඒක මහ පුදුම අභිරමස් වෙලා තිබුනේ.

එක එක කට්ටිය, එක එක ප්‍රශ්න විසදගන්න අශෝක ළඟට ආවා. චණ්ඩියෙක් බලෙන් නංගිව දුෂණය කළාම සමහර අයියා හරි මල්ලි හරි අශෝක හමු වූහ. අශෝකට ඒවා වාවන්නේ නැහැ. අශෝක හරි සංවේදී මනුස්සයෙකි. අන්තිමේදී අශෝක උන්ට විරුද්ධව ගේමට බැස්සා. චණ්ඩිකමෙන්, ගේම් ගහපු කැත වැඩ කරපු ඔක්කොටම අශෝක පනිෂ්මන්ට් දුන්නා. ඒ කාලෙ පාතාල නායකයෝ ගොඩාක් අශෝකට බිය වී සිටියෝ ය.

ඇයි නාවල නිහාල් මරන්න අශෝක උත්සාහ කළේ..?

කොල්ලන්ගෙ අතට ආයුධ දීලා මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, සංස්කෘතියක් එක්ක පාතාල මාෆියාව නිර්මාණය කළේ නාවල නිහාල්. හැදෙන පරපුර ඒ තත්ත්වයට ඇදලා දැම්ම නිසා අශෝක නාවල නිහාල් එක්ක හිටියේ බද්ධ වෛරයෙන්. දවසක් මාදින්නාගොඩ සුගතුයි, අශෝකයි නාවල නිහාල් මරන්න නුගේගොඩ හන්දියේ රැකලා හිටියා. ඒත් එදා නාවල නිහාල් එක්ක කාරකේ ගියේ අශෝක අඳුනන කෙනෙක්. එයා පොලිසියේ ඉ.ධ්. මහත්තයෙක්.

මුලින්ම කාරකෙන් බැස්සේ එයා. අශෝකට එයාව දැකලා පුදුම හිතුණා. සුගත්ට හිමින් කිව්වා අපි මෙතැනින් යමු කියලා. නැත්නම් එදා නාවල නිහාල්ව අනිවාර්යයෙන් මරනවා. පාමංකඩ පොඩි අශෝක දෙල්කඳ උසාවි සංකීර්ණයේදී ඝාතනය උනේ දහසක් දෙනාගෙ ඇස් වලට කඳුළු එක් කරමිනි.

මුළු කිරුළපන, නාරාහේන්පිට පුරාම ඩබල් ඩබල් තොරන ගැහුවේ. මැරුවාද, මැරුණාද කියලා. ඇන්ටන් ජෝන්ලා ඒ සිරාට, මේ සිරාට සින්දු ගැහැව්වා. ගහන්න ඕන මිනිහට ගැහැව්වේ නැහැ. මරණෙට ආපු කට්ටිය අශෝකගෙ ගේ දැකලා පුදුම හිතුණා. එයා හිටියේ පාමංකඩ අලුවලවත්තේ ලෑලි ගහපු ගෙයක. හැබැයි ඒ කාලේ බිල්ඩින් 60-70 ගහන්න පුළුවන් බලයක් අශෝකට තිබ්බා. ඒත් අශෝක ඒ බලෙන් අයුතු ප්‍රයෝජන ගත්තේ නැහැ.

කිරුළපනේ දහ දෙනෙක්ගෙන් ඇහුවොත් අශෝක ගැන දහදෙනාම හොඳ කියයි. අශෝක කියන්නේ ඒ වගේ පුදුම රත්‍රන් හදවතක් තිබ්බ චරිතයක්. දැන් සිතිය යුත්තෙ ලංකාවෙ පාතාල ලෝකයෙ අනාගතය කුමන අයුරින් දරුණු විය හැකිද යන්නයි.පොලොන්නරුවෙ පොඩි විජේලා , මරදානෙ චොප්පෙලා ,අග්ගොන චන්දරේලාල සොත්ති උපාලිලා ඉතා දරුණුය. ගමක් බිය කරගෙන සිටි චන්ඩිගෙන් පැවතගෙන ආ සංස්කෘතිය පාතාලය බවට පත් වී මුලු රටටම පිළිලයක් විය.

මුස්ලිම් පාතලය අවසානය

කඩු , ඩප්පි ඉතා ඉක්මනින් තුවක්කු, බෝම්බ විය. ජාවරම් වලින් පෝෂණය වීමට තැත දැරු පාතලය මෙන් නොව පසු කලෙක බලයට පාතලයේ ලොක්කන් සටන් කළේය. කසිප්පු නොදීම් නිසා කලහ කර ගැනීමට ගිය කැලණියේ ඩයස් , හෝටලයක් නිසා මැරුම් කෑ ඉතාලි ජගත් එවාට හොද උදාහරණය. පාතාලයට ජාතිවාදයද සම්බන්ධ වුණි. සුදාකරන්ගෙන් දෙමල පාතාලයක් ඇරඹුණි. එය ඉවසාගත නොහැකිව කුඩු නූර් , ෆාජි ,ආනමාලු ඉමිටියාස් මුස්ලිම් පාතාලයක් ඇතිකර දෙමළ පාතාලය විනාශ කළේය.

මුස්ලිම් පාතලය අවසානය සිදු වූයේ ප්‍රින්ස් කොලම්ගෙන් ඇරඹි සිංහල පාතාලය හේතුවෙනි. මොරටු සමන් දැන් මොරටුවේ නැත. මොරටු සමන්ගෙ ඉතාම සමීප පාතාලෙ සාමාජිකයෙකු වූ ” සුදු මල්ලි ” දැන් ඉතාලියෙ ජීවත් වේ. ඔහු ඉතාලි කාන්තවාක් විවාහ කරගෙන සිටියි. දැන් මොරටුවට සමන් නැති අඩුව පිරිමහන්නට ලසන්ත නැමත්තෙකු කුරුමාණම් අල්ලයි.ගංජා හා මත්කුඩු ඔහුගේ ජාවාරමයි.රත්මලානෙ එකල පාතාලයෙ සිටි කෙරුමෙකු වූයෙ උස කුමාර නැමැත්තායි.

දෙහිවල ජගත් ඝාතනය කරමින් කරලියට පැමිණි ඔහුත් පොලිසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ගොස් මැරුම් කෑවේය. දැන් මත්කුඩු ජාවරම සමගින් රත්මලානට පාතාල සංස්කෘතිය නැවත බෝ කිරිමට උත්සහ කරන්නෙ කුඩු රාජාය. බොරැල්ලෙ ඔල්කට් කුරුණෑගලදී මිය ගියේය. ඔහුගෙ මාමා තම නෑදෑ පුතුගෙ  හා දමිත නැමති ඕල්කට්ගේ සමීපතමයාගෙ පුරසාරම් දොඩමින්ඉතාලියෙ ජීවත් වුනි. අද මේ අය සිටිනවාද ?

 

කුඩු නිලංග , කිතුල්වත්තෙ හාමු මෙන්ම අම්මාන් නැමැත්තන් දැන් බොරැල්ලේ සිට පාතාල ලොව අකුරු කියවමින් සිටියි.භාරත ලක්ෂ්මන් මහතාගෙ ඝාතනයෙන් තවත් පාතාලයන් ගැන තතු හෙලි වෙති . බස් චූටිගෙ ගෝලයෙකි වන වැල්ලම්පිටියෙ හැරිසන් ඉතා ඉක්මනින් පාතාල ලොව ඉහලට යන චරිතයක් බවට පත්ව ඇත. කරාටෙ ධම්මික අතුරුදහන් වුවත් ඔහුගේ ගෝලයන් වූ පාන් අනුර , මංජු , තිලංක, කුඩු ගැමුණු , දිනහේවා, නොන්ඩි අජිත් මේ අතරින් ප්‍රධානය.

ෆාජිගෙ සෙවන යටතේ මාලිගාවත්තෙ රජ කල මාමස්මිටත් වැඩ වැරදෙයි. ඒ ජලාශ පාරෙ චිප්පේද කුඩු ජාවරම රැගෙන කොළඹට පැමිණ ඇති නිසාය.ඔහු අවි ජාවාරමද සිදු කරයි.බ්ලුමැන්ඩල්හී ප්‍රින්ස් කොලම්ට අවසානය ලගා වුයේ ශ්‍රිලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ තරගයක් නරඹන අතරතුරේදිය.බ්ලුමැන්ඩල්හි සංජිව තවමත් බන්ධනාගාරයේය. මට්ටක්කුලියෙ ගල් සම්පත් හා නුවන්ලා පාතල ලොව අදුරට දැන් හුරුවෙමින් පවති.

කොම්පඥ්ඥවීදියෙ මැක්සිත් එසේමය. අංගොඩ දාබරේ , බිත්තර චමින්ද , සිංහපුර දීප්ත තවත් පිරිසකි. කඩුවෙල වසන්ත මිය ගියත් කඩුවෙල වාසල තවමත් පාතල ලොව සැඟවූ චරිතයක් ලෙස පාතාලයේ සඳහන් විනි.මිනී 35කටත් අධික සංඛ්‍යාවකට වගකිවයුතු නදුන් නැමැත්තා දරුණු පාතාල නායකයා සිටින්නේ ඉතාලියේය. ඔහු ඉතාලියේ ඉතා සාමකාමි ජීවිතයක් ගතකරන අතර ඉතාලි ශ්‍රි ලාංකිකයන් විසින් පවත්වන උත්සහ වලට පවා සහභාගිවේ. ෆේස්බුක් වෙබ් අඩවියේ පවා සිටියි.

එහෙත් ඔහු කවුද කියා හරියටම දන්නෙ ඔහුත් සමඟ සාද වලට සහභාගිවන පිරිස සහ ඔහුව ලගින් ඇසුරු කරන තරුණ පිරිසයි.මාතර සුමිත් ,දෙවුන්දර චමත් , උනාකූරුවේ ශාන්ත , මාතර සෙල්ල , මදුශ් , තරුදු , බද්දේගම ප්‍රසන්න , බාබර් රංග , චමින්ද දැන් දැන් දකුණේ පාතාලයට අත පොවා ඇත. රත්ගම මදුර විදේශ ගතව සිටියත් ඔහුගෙ කටයුතු මෙහෙය වීමට බුස්සේ ලලිත් සිටී.

මොවුන් සියල්ලගේම ප්‍රධාන ජාවරම මත්කුඩුය. එමෙන්ම කුලි මිනීමරුවන් මෙන කටයුතු කරන අතර කප්පම් ගැනීමද සිදුකරයි. අනාගතයේදීත් සොත්ති උපාලිලා බිහිවිය හැකි නිසා එය නැවත්වීමට දැන්ම පටන් කටයතු කල යුතුය. නමුත් එසේ සිදුව සෙයක් දැකිය නොහැකි වුහ.ඒ නිසා ම පාතාලය අද දකුවාම විහිදි පැතිරි දැකිය හැකිය.

ත්‍රස්තවාදය තුරන්වීම තුළ ඇතිවූ නිහැඬියාව බිඳිමින් දකුණේ පාතාලය යළිත් චිකාගෝ පන්නයට මිනීමරන සංස්කෘතියක් අරඹා තිබේ. ඒ පාතාලයේ සිහසුන අත්පත්කර ගැනීම වෙනුවෙන් ය.ස්ටැන්ලි තාබෲ, එස්.ටී.එ‍‍ෆ්. කසුන් අනූව දශකයේ ඇරඹූ දකුණේ පාතාලයේ පසුකාලීනව රජ කිරුළ දැරුවේ රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ය.

පසුගිය රාජපක්ෂ සමයේ රාජපක්ෂවරුන්ගේ තුරුල්ලේ හැදී වැඩුණු මනෝජ් මෙන්ඩිස්ට කිරිපොවා රැකවරණය ලැබුණේ වාස් ගුණවර්ධන, සහ මහීපාල හේරත් ඇතුළු දේශපාලනඥයන්ගේ උදවුවෙනි.

හික්කඩුවේ සිට බෙන්තොට දක්වා බලය පැතිරවූ මනෝජ් මෙන්ඩිස්ගේ පාතාල කල්ලිය එළිපිට අවි ආයුධ රැගෙන මිනී මරන්නටත්, කප්පම් ගන්නටත් අවශ්‍ය වටපිටාව පොලිසියෙන් පවා සකසා දී තිබුණේ ය. එවකට දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිව සිටි නිලධාරි‍යකුගේ නිල රථය මනෝජ් මෙන්ඩිස්ගේ නිල රථය ලෙස ගමන් බිමන් සඳහා ලබා දී තිබුණේ ය.

පාතාල කණ්ඩායම්වලට නායකත්වය දුන් මනෝජ් මෙන්ඩිස් පොලිස් නිල රථයේ ගමන් කරද්දී පොලිස් නිලධාරීන්ට පවා සැලියුට් ගසන්නට සිදුවූ අවාසනාවන්ත කාල සීමාවක් එවකට තිබුණේ ය.

පාතාල බලය පතුරවමින් ඉඩකඩම් අල්ලමින්, කප්පම් ගනිමින් අපරාධ රැල්ලක් පැතිරවූ දකුණේ පාතාල ක්‍රියාකාරකම් නිසා සංචාරක ව්‍යාපාරයට ද කණ කොකා හඬලන්නට වූයේ ය. ඒ පාතාලයේ මිනිස් ඝාතන රැල්ල නිසා ය.

පාතාල අපරාධ රැල්ලක් මෙහෙයවූ මනෝජ් මෙන්ඩිස් ඝාතනය කරන්නට ලක්ෂ දහයක කොන්ත්‍රාත්තුවක් ලබාගත් තෙල්වත්තේ පොඩි ලැසියා, ලයන් පැරඩයිස් හෝටලයේදී ඝාතන සැලසුම ක්‍රියාත්මක කරන්නේ දකුණේ මෙන්ඩිස් කල්ලියේ අපරාධවලට නිමාවක් පෙන්වමිනි.සර්විස්ගේ දයාගේ පුතා වූ ලොකු හා මනෝජ් මෙන්ඩිස් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ලොකු මෙන්ඩිස්ට කලින් ඉස්සර වන්නේ ලක්ෂ දහයක කොන්ත්‍රාත්තුවක් පොඩි ලඩියාට දෙමිනි.

හෙරොයින් ජාවාරමේ ප්‍රතිඵලයක් ලෙස තෙල්වත්තේ වසන්ත නමැති ලඩියාගේ පියා ඝාතනය වන්නේ මෙන්ඩිස් කල්ලිය අතිනි. පියාගේ ඝාතනයේ පලිය ගන්නට කල්යල් බලමින් සිටි ලැසීට ලක්ෂ දහයක මුදලක් ද ගෙන තම එදිරිවාදියා වූ මෙන්ඩිස් මරා දමන්නට හැකි විය.‍ එම ඝාතනයෙන් පසු සිරගත වූ ලඩියා ගේ ලොකු මැරීමට මෙන්ඩිස්ගේ අම්මා ලක්ෂ දහයක කොන්ත්‍රාත්තුවක් දෙන්නේ කිරියා නොහොත් සුසන්තට ය. ලඩියා බලය ඇල්ලීමේ සටන වෙනුවට මෙන්ඩිස්ගේ ඝාතකයන් මරණ කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක වන්නේ ලොකුට එරෙහිව ය. ලොකු ඝාතනය කරන්නට සැලසුම් කළ ද ලොකුගේ උපක්‍රමශීලී ගමන් බිමන් නිසා ලොකු කොටු කිරීම අපහසු විය. අවසානයේ හික්කඩුවේ ස්ටිකර් සජිත්ගේ සහායෙන් ලොකු ඝාතනය කරයි.

ස්ටිකර් සජිත් මෙන්ඩිස් කල්ලිය සමඟ හිතවත්කම් පෑ පාතාල කල්ලි සාමාජිකයකු විය. මේ සමයේ පාතාල ප්‍රහාරයකින් මරු දකින්නේ ස්ටිකර් සජිත් හා ඔහුගේ ගෝලයෙකි. මෙකී ප්‍රහාරය තෙල්වත්තේ ලැසී හා කරන්දෙණිය හිත හොඳ දොස්තර ඝාතනයේ ප්‍රධාන සැකකරු වන කරන්දෙණිය සුද්දා එක්වී සැලසුම් කරන ලද ප්‍රහාරයක් බව පොලිස් විමර්ශකයෝ අනාවරණය කළහ.

දකුණේ පාතාලයේ නිහැඬියාව අවසන් කරමින්

දකුණේ පාතාලයේ නිහැඬියාව අවසන් කරමින් යළිත් ලෙයට ලෙයින් පළිගන්නා ඝාතන රැල්ල කරළියට ගෙන එන්නේ ද සුද්දා සහ ලඩිගේ එකමුතුවෙනි. මනෝජ් මෙන්ඩිස් ඝාතනයෙන් පසුව ප්‍රදේශයෙන් පැන ගන්නා තෙල්වත්තේ ලැසී සොයා මනෝජ් මෙන්ඩිස්ගේ දකුණේ පාතාලයට දකුණු පළාත පීරන්නට වූහ. ඒ මොහොතේ කළුතර ප්‍රදේශයෙන් නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණයට භාර වූ ලඩී ගාල්ල බන්ධනාගාරයේ රඳවා තබන ලදී.

අධිකරණයෙන් ඇප ලබා එන දිනයේත් ගාල්ල කොටුවේ සිට මග දිගට ලඩී මරන්නට මෙන්ඩිස්ගේ සඟයෝ ඉව අල්ලන්නට වූහ. උසාවියෙන් එළියට එන මොහොතේම මැරුම්කන්නට වන බව ලඩීට අනතුරු අඟවා තිබුණේ ය. මේ බව දැනගත් ලඩී මේ වනවිටත් දකුණේ පාතාලයේ ගෝඩ්ෆාදර් වන්නට වෙරදරන කොස්ගොඩ සුජීගේ සහාය ඉල්ලා තිබුණේ ය. මෙන්ඩිස්ගේ කල්ලි ගාල්ල උසාවියෙන් ඇප ලබා පැමිණෙන තුරු ඉව අල්ලද්දී ලඩියා මුහුදෙන් පැන යන උපක්‍රමයක් ක්‍රියාත්මක කර තිබුණේය.

ගාලු කොටුව දොරෙන් ඇප ලබා එළියට එන ලැසියා මහාධිකරණයෙන් ඇප ලබා මුහුදු මාර්ගයෙන් ගිය එකම පාතාල නායකයා බවට ප්‍රසිද්ධ වූයේ මේ සමඟ ය. ලඩී ටැංකි බෝට්ටුවකින් ඉතාලිය බලා ගිය බවට ප්‍රචාරය කළ ද ලැසි අම්බලන්ගොඩ මුහුදු සීමාවෙන් කොස්ගොඩ සුජීගේ බළකොටුවට ඇතුළුවන්නේ කාටත් හොරෙන් ය.

කොස්ගොඩ සුජීගේ බළකොටුවේදී ලඩීගේ ආරක්ෂාව භාර කෙරෙන්නේ කරන්දෙණිය සුද්දාට ය. ඇල්පිටියේ ජෝශප් ද සහායට තබන ලදී. අම්බලන්ගොඩට පැමිණ කෑගල්ලට ගොස්, පොලොන්නරුවේ ලඩියාගේ පෙම්වතියගේ නිවස බලා ගොස් ටික දිනක් රැඳෙන ලඩී යළි කොස්‍ගොඩට පැමිණෙන්නේ සුජීගේ හා සුද්දාගේ වැඩ සඳහා ය. කරන්දෙණිය සුද්දාගේ කොන්ත්‍රාත් ඝාතනයක් සඳහා යන තෙල්වත්තේ ලඩී අහිංසක දරු පැටියෙකු සමඟ එකම පවුලේ තිදෙ‍නකු අම්බලන්ගොඩ, මාදම්පේ දී මරා දමන්නේ පසුගිය මාස කිහිපය තුළදීම ය. දේපළ ආරවුලක් සම්බන්ධ අඹුසැමි යුවළ මරා දමන්නට කොන්ත්‍රාත්තුව දෙන්නේ එම පවුලේ ම මාමණ්ඩියකු විසිනි. පොඩි ලඩී හා ගාල්ල ඉමදුව කනංකේ කුමාර මෙම ප්‍රහාරයට එවන්නේ කරන්දෙණියේ සුද්දාය.

දකුණම සලිත කළ එම ඝාතනයෙන් පසුව පොලිස් ඔත්තුකරුවකු වූ මිටියාගොඩ පලතුරු ප්‍රියන්ත වෙඩි තබා ඝාතනය වන්නේත් පොඩි ලඩී හා කනංකේ කුමාර අතිනි. මෙම අපරාධ සඳහා පොඩි ලඩී යොමු කරන කරන්දෙණිය සුද්දා සිටින්නේ ගාල්ලේ සිරගෙදර ය.

ගාල්ලේ සිරගෙදර සිට අපරාධකරුවන්ගේ සියලු අපරාධ මෙහෙයවන වග ද මේ වනවිට අනාවරණය වෙමින් පවතී. පාතාලයට පණ පොවන දේශපාලනඥයන් ද සිරගෙදරට ම ගොස් මොවුන් හමුවෙන බව ද අනාවරණය වී තිබිණි. අම්බලන්ගොඩ, මිටියාගොඩ ත්‍රිත්ව ඝාතනයට බළන්ගොඩ දී අත්අඩංගුවට ගැනෙන තෙල්වත්තේ ලඩී යළි ගාල්ල බන්ධනාගාරයට යන්නේ අපරාධකරුවන්ගේ තෝතැන්න සොයාගෙන ය. කරන්දෙණිය සුද්දා සමඟ ලඩී ගාල්ල සිරගෙදර සිට හික්කඩුවේ පාතාල බලය අල්ලන මෙහෙයුම අරඹන්නේ මේ අනුව ය.

බන්ධනාගාරයේ සිට ම මෙහෙයවන මෙම අපරාධ රැල්ල සඳහා කරන්දෙණිය සුද්දාගේ සොහොයුරා වූ රාජු හිරගෙදරින් ඇප ලබා පිටව යයි. රාජුගේ සහායට කොස්ගොඩ රණාව ලබාදෙන්නේ සුද්දා ය. මනෝජ් මෙන්ඩිස්ගේ දකුණු අත වූ රන්හුළු ප්‍රියන්තගේ ඉලක්කය විය. පෑරලිය තෙල්වත්තේ උපන් ප්‍රියන්ත මනෝජ් මෙන්ඩිස්ගේ රටපුරා තිබූ සංවිධානාත්මක පාතාල ජාලය සමඟ සබඳතා පැවැත්වීය. මෙන්ඩිස්ගේ ළඟම හිතවතාවූ ඔහු මෙන්ඩිස් මරුමුවට පත්වූ පසු ඔහුගේ රුව සහිත පච්චයක් ද අතේ කොටාගත්තේ ය. තෙල්වත්තේ ලැසියාගෙන් මනෝජ් මෙන්ඩිස්ගේ පලිය ගන්නා බව දිවුරා තිබූ නිසා අවසානයේ ලැසියා ප්‍රියන්තට කලින් ඉස්සර විය. ඒ සඳහා ඉලක්කය ගන්නේ රාජු හා මුණා යොදාගෙන ය. පොලිස් ඔත්තුකරු‍වකු ද වූ ප්‍රියන්ත ඝාතනයට ලක්වන්නේ දකු‍ණු පළාත යළි සලිත කරමින් ය. එම ඝාතනයේ උණුසුම යන්නටත් පෙර ලැසී යළිත් ප්‍රහාරයක් දියත් කෙරිණි.

ගාල්ල හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ගිනි දවල් ස්ටිකර් සජිත්ව හා ගෝලයකු අවසන් ගමන් යවන්නේ මේ අනුව ය. මෙම ද්විත්ව ඝාතනය සැලසුම් කෙරෙන්නේ මනෝජ් මෙන්ඩිස් ඝාතන කොන්ත්‍රාත්තුව දුන් ලොකු ඝාතනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ලොකු ඝාතනය පසුපස ස්ටිකර් සජිත් සිටින බව ප්‍රසිද්ධ රහසක් විය.

දකුණේ අපරාධ රැල්ල පසුපස සිටින පාතාලයේ ප්‍රබලයන් දෙදෙනා

එහි ප්‍රතිඵලයක් ලෙස ස්ටිකර් සජිත්ව ද මරා දැමූ ලැසී දැන් සැරසෙන්නේ හික්කඩුවේ පාතාල කිරුළ තම අතට ගැනීමට ය. කරන්දෙණිය සුද්දා සැරසෙන්නේ ද කොස්ගොඩ සුජී පරයා බලය ඇල්ලීමට ය. එස්.ටී.එ‍ෆ්. හඳුන්ගෙන් බිහිවුණ ගෝලයකු වන කොස්ගොඩ සුජී පාතාල මර්දනයට බියෙන් ඒ කාලයේ ම ඩුබායිවලට පැන ඩුබායි සිට අපරාධ රැල්ල මෙහෙයවූයේ ය.

දකුණේ අපරාධ රැල්ල පසුපස සිටින පාතාලයේ ප්‍රබලයන් දෙදෙනා වන්නේ ද කොස්ගොඩ සුජී හා මාකඳුරේ මධූෂ් ය. දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටිය මහතා ඝාතනයෙන් කරළියට එන මාකඳුරේ මධූෂ් එල්.ටී.ටී.ඊ. ය සමඟ ද සබඳතා පැවැත්වූ පාතාල නායකයෙකි. එල්.ටී.ටී.ඊ. යෙන් මයික්‍රෝ වර්ගයේ පිස්තෝල හා ටී. 56 අවි පෙට්ටියක්. මධුෂ්ට තෑගි ලැබෙන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට දී ඝාතනය කිරීමේ සැලැස්මකට උදවු දීම වෙනුවෙනි‍. මධූෂ් ද මේ වනවිට අපරාධ මෙහෙයවන්නේ ඩුබායි රාජ්‍යයේ සිට ය.

අන්තර්ජාතික පොලීසිය මඟින් රතු නිවේදන නිකුත්කර ඩුබායි රාජ්‍යයේ සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි නිසා පාතාල වැඩකරුවන් ආරක්ෂිතව රැඳී සිටිය හැකි රටක් ‍ලෙස ඩුබායි තෝරාගෙන ඇත. නමුත් දැන් මේ සියලු දෙනා සැරසෙන්නේ කිරුළ තමා අතට ගැනීමට ය. දකුණේ පාතාලයේ බලයෙන් ප්‍රියන්ත අවසන් ගමන් යවා කරන්දෙණිය සුද්දා මේ වනවිට අවි ආයුධ දහයක්, පහළොවක් පාවිච්චි කරමින් සිදු කළ ඝාතන රැල්ලත් සමඟ කොස්ගොඩ සුජීටත් පාලනය නොවන තත්ත්වයකට පැමිණ ඇති වග අනාවරණය වන්නේ ය.

සුද්දාගේ හිස එසවීම කොස්ගොඩ සුජීට දරාගත නොහැකිව ඇත. සුජී ඩුබායි සිට පාතාලයට නායකත්වය දෙද්දී සුද්දා ඍජුවම එම පාතාල කණ්ඩායම් මෙහෙයවමින් කරළියට පැමිණිම මීට හේතුව ය‍. සුද්දා විසින් ප්‍රියන්තගේ ඉලක්කයක් ගෙන දකුණේ පාතාලය අතර කතාබහට ලක් වෙද්දී කොස්ගොඩ සුජී තම හැකියාව පෙන්වන්නට තවත් ඉලක්කය සපුරන්නේ ය.

සුජීගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් වූ කොස්ගොඩ තාරකගේ කල්ලියේ වැඩකරුවකු වූ කොස්ගොඩ ලොකු එම ඉලක්කය ය. මෙම ඉලක්කය සඳහා කොස්ගොඩ සුජී යොදවන්නේ වැලිපැන්න පොලිස් වසමේ බොන්දුපිටියේ සිටින සුජීගේ කණ්ඩායමකි. කරන්දෙණියේ සුද්දාගේ කල්ලිය අතහැර වෙනත් ප්‍රදේශයකින් කණ්ඩායමක් ගෙන්වා ටී. 56 අවි තුනක් යොදා ඉලක්කය සපුරා ගන්නේ ද මේ අනුව ය‍. කොස්ගොඩ සුජී බලය පෙන්වන්නට වලිකෑව ද දැනටමත් කවදාහරි දකුණේ පාතාලයේ ලොක්කා වන්නේ සුජී නොව තමා බව සුද්දා එළිපිට කියා ඇත්තේ ය.මේ අනුව දකුණේ පාතාල කිරුළට සටනක් ද දැකගත හැකි ය. අවාසනාවකට මේ සියලු සටන් හරහා නැතිවන්නේ මනුෂ්‍ය ජීවිතය. ගැටළුව එයයි.

ගාල්ල කොස්ගොඩ ඝාතන රැල්ලආරම්භ වන්නේ කෙසේ ද ?

මෙයට මාස කිහිපයකට පෙර තාරුක නැමැති පාතාල නායකයාගේ ගෝලයෙක් වු ලොකුවාට වෙඩ් තබා ඝාතනය කර තිබිණි.

මේ නිසා මෙයට පිළිගැනිමක් වශයෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය හා ආරක්ෂක අංශ හා බුද්ධි අංශ සැකපල කර ඇත. මේ අනුව ඝාතකයන් සොයා විවිධ අංශ ඔස්සේ පොලිස් බුද්ධි පරික්ෂණ ආරම්භ කර ඇතිබව පොලිසිය පවසයි.

අන්තර්ජාතික පොලීසිය මඟින් රතු නිවේදන නිකුත්කර ඩුබායි රාජ්‍යයේ සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි නිසා පාතාල වැඩකරුවන් ආරක්ෂිතව රැඳී සිටිය හැකි රටක් ‍ලෙස ඩුබායි තෝරාගෙන ඇත. නමුත් දැන් මේ සියලු දෙනා සැරසෙන්නේ කිරුළ තමා අතට ගැනීමට ය. දකුණේ පාතාලයේ බලයෙන් ප්‍රියන්ත අවසන් ගමන් යවා කරන්දෙණිය සුද්දා මේ වනවිට අවි ආයුධ දහයක්, පහළොවක් පාවිච්චි කරමින් සිදු කළ ඝාතන රැල්ලත් සමඟ කොස්ගොඩ සුජීටත් පාලනය නොවන තත්ත්වයකට පැමිණ ඇති වග අනාවරණය වන්නේ ය.

සුද්දාගේ හිස එසවීම කොස්ගොඩ සුජීට දරාගත නොහැකිව ඇත. සුජී ඩුබායි සිට පාතාලයට නායකත්වය දෙද්දී සුද්දා ඍජුවම එම පාතාල කණ්ඩායම් මෙහෙයවමින් කරළියට පැමිණිම මීට හේතුව ය‍. සුද්දා විසින් ප්‍රියන්තගේ ඉලක්කයක් ගෙන දකුණේ පාතාලය අතර කතාබහට ලක් වෙද්දී කොස්ගොඩ සුජී තම හැකියාව පෙන්වන්නට තවත් ඉලක්කය සපුරන්නේ ය.

සුජීගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් වූ කොස්ගොඩ තාරකගේ කල්ලියේ වැඩකරුවකු වූ කොස්ගොඩ ලොකු එම ඉලක්කය ය. මෙම ඉලක්කය සඳහා කොස්ගොඩ සුජී යොදවන්නේ වැලිපැන්න පොලිස් වසමේ බොන්දුපිටියේ සිටින සුජීගේ කණ්ඩායමකි. කරන්දෙණියේ සුද්දාගේ කල්ලිය අතහැර වෙනත් ප්‍රදේශයකින් කණ්ඩායමක් ගෙන්වා ටී. 56 අවි තුනක් යොදා ඉලක්කය සපුරා ගන්නේ ද මේ අනුව ය‍. කොස්ගොඩ සුජී බලය පෙන්වන්නට වලිකෑව ද දැනටමත් කවදාහරි දකුණේ පාතාලයේ ලොක්කා වන්නේ සුජී නොව තමා බව සුද්දා එළිපිට කියා ඇත්තේ ය.

කොස්‌ගොඩ වෙඩි තැබීම් 4ක්‌ මරුට – මියගිය අය අතර එකම පවුලේ පියා සහ පුත්‍රයෝ 2ක්‌ සිදු වී තිබිණි.

කොස්‌ගොඩ පොලිස්‌ වසමේ ස්‌ථාන තුනකදී 2017.10.29 දා අලුයම සිදුකළ වෙඩිතැබීම් හේතුවෙන් දහතුන් හැවිරිදි දරුවකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු මියගොස්‌ තවත් පහළොස්‌ හැවිරිදි දරුවකු තුවාල ලබා බළපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි.

මෙහිදී මියගොස්‌ ඇත්තේ ඌරගස්‌මන්හන්දිය යුද පිටිය ප්‍රදේශයේ පදිංචි ජගමුනි මහින්දරාජා සොයිසා (50) ඔහුගේ වැඩිමහල් පුතාවන ජගමුනි අයේෂ් (21) සහ බාල පුතාවන ජගමුනි දුමිදු විශ්මික (13) නමැති තිදෙනා සමග කොස්‌ගොඩ මැණික්‌ ගම්මානයේ පදිංචි කපිලරත්න නමැති 38 හැවිරිදි අයෙකි. තුවාල ලබා ඇත්තේ කොස්‌ගොඩ කුරුඳුගම්පියස නානතොට ප්‍රදේශයේ පදිංචි චදිල සුරංජිත් නැමැති පහළොස්‌ හැවිරිදි දරුවෙකි. මියගිය මහින්දරාජා මහතා බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුද වේ.

යතුරු පැදි දෙකකින් පැමිණි නාඳුනන තුවක්‌කුකරුවන් 04 දෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඔවුන් කොස්‌ගොඩ පොලිස්‌ වසමේ යුද පිටිය,කුරුඳුගම් පියස සහ මැණික්‌ ගම්මානය යන ප්‍රදේශවලට ගොස්‌ වෙඩි තැබීම් සිදුකර ඇති අතර ටී 56 ගිනි අවි සහ පිස්‌තෝල උපයෝගී කරගෙන වෙඩි තැබීම් සිදුකර ඇති බවත් උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

යුදපිටියේ වෙඩි තැබීමෙන් පියා සහ පුතුන් දෙදෙනාද, මැණික්‌ ගම්මානයේ වෙඩි තැබීමෙන් කපිලරත්නද මියගොස්‌ ඇති අතර කුරුඳුගම් පියසේ වෙඩි තැබීමෙන් 15 හැවිරිදි දරුවා තුවාල ලබා ඇත.මෙම වෙඩි තැබීම්වලින් මියගිය සහ තුවාල ලැබූ අය හිතවතුන් වන අතර වැරදි වැටහීමකින් ඔවුන්ට වෙඩි තබන්නට ඇතැයි පොලිසිය සැකපහළ කර ඇත.

මෙම වෙඩි තැබීම සඳහා “කොස්‌ගොඩ ලොක්‌කා” නමැති මියගිය පාතාල සාමාජිකයාගේ සහෝදරයකු සම්බන්ධ වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇතැයි එම නිලධාරියා කීය.

කොස්‌ගොඩ ලොක්‌කා” නමැති මියගිය පාතාල නායකයා සහ යුදපිටිය ප්‍රදේශයේ පදිංචි මහින්ද රාජා (2017.10.29  මෙම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා) අතර කාලයක සිට අමනාපකමක්‌ තිබී ඇති බවත් මහින්ද රාජා ලබාදුන් කොන්ත්‍රාත්තුවක්‌ මත කොස්‌ගොඩ ලොක්‌කාගේ ඝාතනය සිදුකරන්නට ඇතැයි කොස්‌ගොඩ ලොක්‌කාගේ පාර්ශ්වය තුළ සැකයක්‌ මතුව තිබී ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.

නමුත් කොස්‌ගොඩ ලොක්‌කා නමැති පාතාල සාමාජිකයා බන්ධනාගාර ගතව සිටියදී කොස්‌ගොඩ සුජී නමැති පාතාල සාමාජිකයා සමඟ ඇතිකරගත් ගැටුමකින් පසු කොස්‌ගොඩ සුජීගේ කල්ලිය විසින් වැලිපැන්න ප්‍රදේශයේදී කොස්‌ගොඩ ලොක්‌කා ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැකකර තිබුණි.

එහෙත් කොස්‌ගොඩ ලොක්‌කාගේ ඝාතනය මහින්ද රාජා විසින් සිදුකරන්නට ඇතැයි සැකකාර ලොක්‌කාගේ කල්ලිය විසින් මෙම වෙඩි තැබීම් සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් (29 දා) සවස්‌ වන විටත් කිසිවකු අත්අඩංගුවට ගෙන නොතිබු අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ කණ්‌ඩායම් 08 ක්‌ යොදවා තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කොස්‌ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටියේ ය.

කොස්‌ගොඩ ඝාතන සිද්ධිය පිළිබඳව මියගිය මහින්ද රාජාද සොයිසා මහතාගේ බිරිඳ වන හෙන්ට්‌ලි ප්‍රියංකා හෙට්‌ටිආරච්චි මහත්මිය මෙසේ කීවාය.

සිද්ධිය වූදා පාන්දර ගේ වටේටම බල්ලෝ බුරනවා ඇහුණා. මම කාමරයේ නිදාගෙන සිටියේ. පුතුන් තුන්දෙනා වෙනත් කාමරයක නිදාගෙන සිටියා. මියගිය සැමියා වන මහින්ද අයියා සාලයේ නිදාගෙන සිටියා. අලුයම 3.40 ත් 3.45 ත් වගේ වෙලාවක බල්ලෝ බුරන ශබ්දය වැඩි වැඩියෙන් ඇහුණා. කාටහරි මිනිහෙකුට බල්ලො බුරනවා කියලා මට හිතුණා. එළියේ සිටි කෙනෙක්‌ මහින්ද අයියගේ නම කියලා කතා කළා. ඊට පස්‌සේ මම ගෙදර ඉස්‌සරහ දොර ඇරගෙන එළියට ගියා.

ඒ වෙලාවේ දෙන්නෙක්‌ එළියේ බිම වාඩිවෙලා සිටියා. තව දෙන්නෙක්‌ තුවක්‌කු අරගෙන ගෙට ආවා. උන් මහින්ද අයියට (සැමියාට) වෙඩි තිබ්බා. ඒ වෙලාවේ අයේෂ් පුතයි, සුදු පුතයි (ලොකු පුතයි පොඩි පුතයි) නිදාගෙන සිටියේ. තුවක්‌කුකරුවන් කාමරවලටත් වෙඩි තිබ්බා. කාමරයේ හිටපු පුතාලට වෙඩි තියලා එන ගමන් සාලයේ නිදාගෙන සිටි සැමියාගේ ඔළුවට ආයෙත් වෙඩි තිබ්බා. ඒ අය සැමියාවත් පුතුන් දෙදෙනාවත් වෙඩි තබා මරා දැම්මා.

යතුරුපැදි දෙකකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් සිව්දෙනෙකු එම වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.ඒ, සඳහා ටී. 56 ගිනි අවි සහ පිස්තෝල යොදාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.‍

මෙය කොස්ගොඩ ප්‍ර දේශයේ කාලක මිට පවතින පාතාල දෙකක් අතර ගැටුමක් දැයි පොලිස් පරික්ෂණ සිදුකරන බව පොලිසි පවසයි.එක් පතාල කල්ලියක්ව තිබු පාතාල කල්ලියක සමාජිකයන් වෙන් වෙන්ව පාතල ක්‍රියාකාරි කටයුතු සිදුකිරිම නිසා මේවන විට පාතාල සමුහයක් බවට කොස්ගොඩ ප්‍රදේශය හා අපට ප්‍රදේශය පත්ව ඇත. මේ නිසා ගහමරා ගන්නා වු තත්ත්වයක් ඇතිව ඇති බව යි, පොලිසිය සැක කරන අතර විවිධ අංශ ඔස්සේ මෙම29 දින සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන සිටින බවද පොලිසිය කියයි.

කොස්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබේ.අල්පිටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගේ ප්‍රධානත්වයෙන් එම පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. කොස්ගොඩ ප්‍රදේශයේ (29) අළුයම සිදුවු වෙඩි තැබීම් තුනකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් ළමයෙකු තුවාල ලැබීය.

යුද පිටිය –  කුරුඳුගම්පියස – මැණික් ගම්මානය යන ප්‍රදේශවල මෙම වෙඩි තැබීම් සිදුව ඇත. යතුරුපැදි දෙකකින් පැමිණි තුවක්කුකරුවන් සිව් දෙනෙකු මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බවට පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

මියගිය පිරිස අතර 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු ද සිටිති. ඊට අමතරව 21හැවිරිදි , 38 හැවිරිදි සහ 50 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකු සිදුවූ වෙඩි තැබීම්වලින් මියගොස් තිබේ.සිදුවූ වෙඩි තැබීම්වලින් තවත් පිරිමි දරුවෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය  රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙයට මාස කිහිපයකට පෙර තාරුක නැමැති පාතාල නායකයාගේ ගෝලයෙක් වු ලොකුවාට වෙඩ් තබා ඝාතනය කර තිබිණි.

මේ නිසා මෙයට පිළිගැනිමක් වශයෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය හා ආරක්ෂක අංශ හා බුද්ධි අංශ සැකපල කර ඇත. මේ අනුව ඝාතකයන් සොයා විවිධ අංශ ඔස්සේ පොලිස් බුද්ධි පරික්ෂණ ආරම්භ කර ඇතිබව පොලිසිය පවසයි.

මිනිස් ඝාතන සිදු කර පොලිසිය යැලි ගසමින් සිටින්නට කිසිවෙකුටත් නොහැකිය.නමුත් සිදුවන්නේ කුමක්ද ? අප බලා සිටිමු……..කොස්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

දකුණ ගිනියම් කළ කොස්‌ගොඩ සිද්ධිය උඩු දුවයි  බටපොල දී වෙඩි වරුෂාවක් ,තවත් විනාශයක් කරන්නට ඝාතකයෝ ඉව අල්ලයි…….? දරුවන් 3ක්‌ ඇතුළු 5කට තුවාල සිදුකරමින් නිමාවද යන්න කිසිවෙකුටත් කිව නොහැකිය.

කොස්‌ගොඩ සිව් මිනිස්‌ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන තාරක නමැති පාතාල නායකයාගේ මාමා, ඔහුගේ කුඩා දරුවන් තිදෙනා ඇතුළු පස්‌දෙනකුට ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක්‌ විසින් ඇල්පිටිය බටපොල ප්‍රදේශයේදී වෙඩි තබා බරපතළ තුවාල සිදුකර පළා ගොස්‌ තිබිණි.2017.10.31 වන දින රාත්‍රි යේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *