කුමන හේතුවක් නිසාවත් පාර්ලිමේන්තුව අවසන් කරන්න නෑ– ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

කුමන හේතුවක් නිසාවත් පාර්ලිමේන්තුව අවසන් කරන්න නෑ– ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

පාර්ලිමේන්තු සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කර තිබේ.

මේ අතර, අද දැඩි විරෝධතාවයක් මධ්‍යයේ ආරම්භ වු පාර්ලිමේන්තු සැසිවාරය කථානායකවරයා විසින් මීට සුළු වේලාවකට පෙර කල් තැබීය.

දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ සභාගර්භයට පැමිණි කථානායකවරයා හා සෙංකෝලය රැගත් පිරිස මැදි කර ගනිමින් පොලිස් භටයින් විශාල පිරිසක් එක් රැස්ව සිටිනු දක්නට ලැබීය.

කෙසේ වෙතත් සභාගර්භයේ විරෝධතාවයේ නියැලෙමින් සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කථානායකවරයාගේ ආසනය රැගෙන යෑමත් සමඟ කථානායකවරයා හිටගෙන සභාව අමතන්නට විය.

එහිදී කථානායකවරයා නොවැම්බර් මස 19 පස්වරු දක්වා පාර්ලිමේන්තුව කල්තබා විරෝධතාවය මධ්‍යයේ සභාගර්භයෙන් පිටව ගියේය.
උපුටා ගැනිම–අද දෙරණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *