කුණු පුශ්ණය නිසා ඇමැතිකම කුණු ගොඩට විසිකරන්නට ගිය කම්බිකොටුවේ පුතා.

කුණු පුශ්ණය නිසා ඇමැතිකම කුණු ගොඩට විසිකරන්නට ගිය කම්බිකොටුවේ පුතා.

මහින්දගේ කාලයේ ලෝකයේ සීඝ්‍රයෙන් දියුණු වන නගර අතර පළමු තැනට පත්ව සිටී කොළඹ අග නගරය පසුගිය යහපාලන රජය සමයේ දී කුණු ගඳින් පිරීගිය අපායක් බවට පත් වෙමින් තිබිණ. කොළඹ කසල ප්‍රශ්නය කොළඹ ට පමණක් නොව දිවයිනේ අනෙක් ප්‍රදේශ කරා ද පැතිරෙන්නට විය.

එක් කසල අංගනයක් දොම්පේ ප්‍රදේශයේ ද පිහිටුවා තිබිණ. ජීවිත ගණනක් බිලි ගත් මීතොටමුල්ලේ කුණු කන්ද යහපාලන ආණ්ඩුවට මහත් හිසරදයක්ම විය. ඒකෙන් ඒ කුණු කන්ද ඉදිරියේ යහපාලන ආණ්ඩුවට සිදු වූයේ නාසය වසාගෙන බලා සිටීම හෝ ඉතින් මේ ඉන්නේ තැන තැන පිහිටුවා තිබූ අංගන වෙත බලහත්කාරයෙන් කසල ප්‍රවාහනය කිරීම පමණි.

එලෙස කොළඹ කුණු තම තමන්ගේ ප්‍රදේශවලට ගෙන එන බව ආරංචි වූ ජනතාව ඊට එරෙහි වෙමින් විරෝධතා දක්වන්නට වූහ. දොම්පේ කසල අංකනය අසලට රැස් වූ ජනතාවගේ කෝපය ද ටිකෙන් ටික ගිනියම් වෙමින් තිබිණ. එ වකට යහපාලන රජයේ අමාත්‍ය ධූරයක් දැරූ ඩුලිප් විජේසේකර මහතා ද ජනතාව සමග එහි සිටියේ ය.

එහි දී මාධ්‍ය විජේසේකර ඇමතිවරයාගෙන් විවිධ ප්‍රශ්න අසන්නට පටන් ගත්හ.

ඔබතුමා ආණ්ඩුවේ ඇමතිවරයෙක් නේ ඇයි මේක නවත්තන්න බැරි?

මේක කුණු ගොඩ ගහන මීතොටමුල්ල හෝ හෝ බ්ලූමැන්ඩල් වගේ කුණු කන්දක් නෙවෙයි. කසල කලමනාකරණය පිළිබඳව ගන්වන මධ්‍යස්ථානයක් මේක. මෙතැනට කරදියානේයි, වැල්ලම්පිටියෙයි, ඉස්පිරිතාලවලයි, මෝචරි වලයි කුණු ගෙනත් දාන්න දෙන්න බෑ. තේරුම් ගන්නේ නැතුව හිතුවක්කාර විදියට ආණ්ඩුව මෙතනට නොතේරු කුණු කසළ ගෙනත් දාන එකටයි අපි විරුද්ධ වෙන්නේ. කොළඹ කුණු ටොන් 750ක් එකතු වෙනවා නම් තෝරපු කසළවලින් කසල වලින් සියයට දහයක් මා මෙතනට ගෙනත් දාන්න කියලයි අපි කිව්වේ. ආණ්ඩුව ඒකට ඇහුම්කන් දෙන්නේ නෑ.

කුණු මාෆියාවක් තියෙනව ද?

පැහැදිලිව ම තියෙනවා. අඹ නගර සභාවේ ඔය කියන තරම් කුණු ගොඩක් නෑ. කුණු ටිකත් විකුණාගෙන කෑම ඇර වෙන කිසිම දෙයක් කරලා නෑ. එනිසයි හැම තැනම කුණු එකතු වෙලා තියෙන්නෙ. පැහැදිලිවම මේක ජාවාරමක්.

මේ දවස් ගණනක් කුණු වෙච්ච සරණගේ එන්නයි හදන්නේ. අපිව කූඩුවට දමන හරි ගේනවා කියලා තර්ජනය කරලා තමයි ඔය ගේන්න හදන්නේ. කොළඹට කුණු ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි පිළිගන්නවා. ඒ නිසා අපි අසාධාරණඉල්ලීම් කරන්නේ නෑ. මීතොටමුල්ලේ කුණු කන්ද නිසා ජීවිත කීයක් නැති වුණා ද? ඒවා ගැන කල්පනා කරලා තමයි අපි කියන්නේ නම්බර් තෝරපු කුණුවලින් සිහියට කුණු වලින් සියනම්බර්ස් තෝරපු කුණුවලින් සිහියට දහයක් පමණක් දොම්පේට එවන්න කියලා. එහෙම කරලා මේ වටිනා අධ්‍යාපන මධ්‍යස්ථානය රැක ගත යුතු වෙනවා.

කාටද ඔබතුමා ඔය කියන්නේ?

අපි කියන්නේ ආණ්ඩුවට.

ඉතින් ඔබ ආණ්ඩුවේ ඇමතිවරයෙක් නේ.

මම ආණ්ඩුවේ ආණ්ඩුවේ හිටියට ආණ්ඩුවේ කොහා තනතුරු ඇමති ඇමතිපට්ටම් වලට වැඩිය මට මේ අංගනයත් මගේ ජනතාවත් වටිනවා. මම ඉන්නේ මගේ ජනතාවගේ පැත්තේ. දොම්පේ මේ කසල අංගනය කසළ අංගනය ආසියාකරයේ තිබෙන හොඳම සනත් කළමනාකරණ මධ්යස්ථානයක්. දැන්වත් අක්කර 80ක ඉඩකඩකුත් තියෙනවා. ආණ්ඩුවට බලය තියෙනවා. මොළය තමයි නැත්තෙ. එස්ටීඑෆ් එකත් ගෙනත් දාලා අපිවත් යට කරගෙන කුණු දාන්න පුළුවන්. ඒත් ලඟදිම එන ඡන්දයේ දී එකේ ප්‍රතිඵල බලා ගන්නට පුළුවන්. එතනදි බලය තියෙන්නේ ජනතාව අතේ.

ඇමති කෙනෙක් ඉද්දිම ප්‍රහාරයක් එල්ල වුණා නේද?

පැහැදිලිවම. මම මෙතන ඉන්නේ පෙරේදා ඉදලා. මං මෙතනට ආවෙ තනතුරු වලට වැඩිය මගේ ජනතාව වටිනා නිසා. නැවතත් කියන්නේ මම එන්නෙ ජනතාවගෙ පැත්තෙ කියලා. මේක මීතොටමුල්ල කරදියාන වගේ කුණු ගොඩ ගහන තැනක් නෙමෙයි. විද්‍යාත්මකව කුණු කසල බැහැර කරන මධ්‍යස්ථානයක්. තෝරපු කුණු ගේනවා කියලා දවස් ගණනක් කුණුවෙලා ඕජස් ගලන කසල මෙහෙයට ගේනවා. කොළඹ කුණු ප්‍රශ්නය උත්සන්න වූ නිසා සානුකම්පිතව සලකලා ලොරි එකොළහක් විතරක් ගේන්න කියලා කිව්වම මේ කසල අංගනය එක් අස්සන අංගනයක් පරිසරයත් විනාශ වෙන තරම් අසල කන්දරාවක් ගෙනත් දාන්න හදනවා. ඒකට ඉඩ දෙන්න බෑ. සත්කාරයෙන් ගේන්න එපා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ නියෝගයක් මේක. ඊයේ අපට කඳුළු ගෑස් ගැහුවා. මම කියන්නේ ජනතාව කුපිත කර වන්න එපා කියලයි. තව දුරටත් මේවා මෙහෙම වෙනවා නම් මේ ඇමති පට්ටම කුණුගොඩට විසි කරලා මම ගෙදර යන්න සූදානම්.

යහපාලන ආණ්ඩුවේ ඇමැතිකමක් දරමින්වුවද කම්බිකොටුවේ ඩුලිප් විජේසේකර ආණ්ඩුවට එරෙහිවී ජනතාවගේ පැත්තේ සිට ගත්තේ එලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *