කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබති

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබති

අවිගත් නාදුනන තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට ඊයේ රාත්‍රී කරන ලද වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා

සෝභිත හිමිනමටද සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.

විහාරස්ථානය අසලදී මෙම වෙඩි පහරට ගොදුරු වී ඇත.රතු පැහැති මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු මෙම වෙඩි තැබීම කර පලා ගොස් ඇතැයි දැනට කරන ලද පොලිස් පරීක්ෂණ වලදී හෙලි වී තිබෙන බව සදහන්

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව අද රාත්‍රීයේ පරීක්ෂණ ආරම්භ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *