කියලත් වැඩක් නොකරන දේශපාලනඥයන් අතර හිතලම වැඩක් කරන ලාන්සා

කියලත් වැඩක් නොකරන දේශපාලනඥයන් අතර
හිතලම වැඩක් කරන ලාන්සා

පක්ෂයට ජය ගන්න බැරිව තිබුණු ආසන විශාල ප්‍රමාණයක් මම ජයග්‍රහණය කරවලා දීලා තියෙනවා. අවුරුදු පනස් හයක් තිස්සේ අපට ජය ගන්නට ජය ගන්නට නොහැකි වූ පස්සර ආසනය මම ගිහිල්ලා දිනවලා දුන්නා. මම ජනතා කැමැත්තත්, නායකත්වයේ ආශිර්වාදයත්, ලබාගන්නේ වැඩ කිරීම තුළින් බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීධුරාපේක්ෂක නිමල් ලාන්සා මහතා පවසයි.

දිවුලපිටියේ තම හිතෛෂීන් අමතා ඔහු මෙසේද කියා සිටියේය.

මගේ දේශපාලනය ඇරැඹෙන්නේ මීගමුවෙන්. මීගමුව කියන්නේ දිවුලපිටිය වැනි වමේ ආසනයක් නොව, එක්සත් ජාතික පක්ෂයට සින්නව තිබූ ආසනයක්. නමුත් දැන් මම නොඉල්ලුවොත් ආසනය පරදිනවා. මම ඉල්ලුවොත් දිනනවා. මගේ වසර 23 ක දේශපාලන ඉතිහාසය තුළ මැතිවරණ අටකට ඉදිරිපත් වී ඉන්න හතක් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ නිසයි මට නායකත්වය නායකත්වයේ ආශිර්වාදයත් ලැබෙන්නේ.

අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව වත්තලත් අර පස්සර වගේ. මම දැන් ඒ ආසන දෙකටත් නායකත්වය දෙනවා. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් දන්නවා අත්තා පවරන ඕනෑම වැඩක් මම අකුරට ඉටු කරන බව. මීගමුව සැමදා ම එක්සත් ජාතික පක්ෂය විසින් ජයග්‍රහණය කළත් මම එක වතාවක් ගම්පහදිස්ත්‍රික්කයේ තුන්වැනි තැනටත්, දෙවතාවක් දෙවැනි තැනටත් පත් වුණා. කර්ස්ක් එහෙම වෙන්න පුළුවන් වුණේ ජනතාව එක්ක ඉන්න නිසයි. ඒකට හොඳම උදාහරණය තමයි මගේ ඡන්ද ඉතිහාසය. මම මුලින්ම නාගරික මන්ත්‍රීවරයෙක් විදිහට ඡන්ද 8600 කින් පටන් ගත්තේ. වහාම පාර්ලිමේන්තු මැතිවරණයේදී මම ඡන්ද 106000 ක් ලබා ගත්තා. නාගරික මන්ත්‍රී, නගරාධිපති, පළාත් සභා මන්ත්‍රී, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහට මම දිගු ගමනක් ඇවිත් තියෙනවා. පියවරෙන් පියවරට මගේ ඡන්ද තනතුරුත් තනතුරුත් ඉහළ ගිය හැටි ඔබට පෙනෙනවා ඇති.

සමහරු කිසි වැඩක් නොකර ජනප්‍රියත්වය මතත් මැතිවරණවලින් ජයග්‍රහණය කරනවා. ගම්පහ නිලියක් එහෙම පාර්ලිමේන්තු ගියා නේ. නමුත් දෙවෙනි වතාවේ යන්න බැරි වෙනවා. ජනතාව රැවටෙන්නේ වරක් හෝ දෙවරක් නිසා. ජනතාවට ඇහුම්කම් නොදුන්නොත්, ජනතාවාදී නොවුනොත් ඔවුන් ජනතාව අතරින් ප්‍රතික්ෂේප වෙනවා. නමුත් ජනතාව මාව ප්‍රතික්ෂේප කරන්නේ නෑ.

නායකත්වය මා වෙත පවරන ඕනෑම රාජකාරියක් නොපිරිහෙළා ඉටු කරන එක මගේ ක්‍රමයයි. ඒක තමයි මගේ ගමනට ශක්තියක් වුණේ. පහු ගිය කාලයේ නායකත්වය විසින් මගේ ආසනයේ පමණක් නොව පිටස්තර ආසන වල පවා මාර්ග සංවර්ධන කටයුතු කරන ලෙස පැවැරුවා. ඒ අනුව මා විසින් සෑම ආසනයකම අවම වශයෙන් කිලෝමීටර් 25 ක වත් මාර්ග සංවර්ධනය කර තිබෙනවා. උඹලා සේමම සේවා කිව්වටත් වඩා හොඳින් නිම කර තිබෙනවා. උතුරු නැගෙනහිර ඇතුළුව ලංකාවේ මාර්ග කිලෝ මීටර් 6000 ට වඩා මා විසින් එසේ සංවර්ධනය කර තිබෙනවා. ඒ නිසා මට පුළුවන් වුණා මහින්ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආසියාවේ ආශ්චර්යය යන සංවර්ධන සංකල්පය තුළ ප්‍රායෝගිකව විශාල වැඩ කොටසක් කරන්නට.

කොහේ හරි සංවර්ධන වැඩක් සිදු සිදු කෙරුණා නම් ඒකෙ වැඩීම දායකත්වයක් සපයලා තියෙන්නේ මමයි. ඒ නිසා නායකත්වය දන්නවා මට ආසනයක් නොව ලංකාව ම දුන්නත් වැඩ කරන්න පුළුවන් කියලා. එක්ක මම ක්‍රියාවෙන් ම ක්‍රියාවෙන් ම ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා මම පාර්ලිමේන්තුවේදීත් ඇසුවා මම තරම් වැඩ කරපු, අම්මා තරම් මිනිස්සුන්ට උදව් කරපු කෙනෙක් ඉන්නව නම් කියන්න කියලා. හැම දේශපාලනඥයෙකු ම එන්නේ වැඩ කරන්න කියලා. හැබැයි වැඩ කරලා නෑ.

උදේ හයට නැගිටලා පැය දහ අටක් විතර අවුරුදු විසිතුනක් තිස්සේ ජනතාව වෙනුවෙන් වැඩ කරන එකම දේශපාලනඥයා මම බව මට බය නැතුව කියන්න පුළුවන්. ඡන්දය කියන දේ බලෙන් ගන්න බෑ. ඡන්දදායකයා ඡන්ද පොලට ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කරන්නේ තනිවමයි. ඒ නිසා ජනතාවගේ ආදරය දිනා ගන්නේ නැත්නම්, ජනතාව එක්ක ජනතාවාදීව කටයුතු කරන්නේ නැත්නම් ඡන්දය වැඩිවීම වෙනුවට සිදු වන්නේ ප්‍රතික්ෂේප වීමයි.

අවුරුදු පනස් හයක් තුළ යූඇන්පී මීගමුව නගර සභාවට කරන්නට බැරි වූ දේවල් මමත් අවුරුදු දෙක තුනක දී කළා. සුදු අලියා කියලා පළාත් සභාවට වැටිලා තිබුණු නම, ප්‍රසන්න රණතුංග මහ ඇමති තුමාත් මාත් මකා දැම්මා.

2010 – 15 කාලයේ මගේ අමාත්‍යාංශය යටතේයි මාර්ග සංවර්ධන අධිකාරිය තිබුණේ. මම තීරණය කලා මගේ පුනරාවර්තන වැය ශීර්ෂයේ සල්ලි අරගෙන ප්‍රාග්ධන වැය ශීර්ෂයට දාලා, ස්වයං රැකියාවක් පටන් ගන්න ප්‍රාග්ධනයක් අර මුදලක් නැතුව සිටි දුප්පත් මිනිසුන්ට රුපියල් ලක්ෂ හය දාහක මුදල් ලබා දුන්නා. ඒකෙන් කාන්තාවන්ට, ධීවරයන්ට, සංචාරක කර්මාන්තයේ නියුතුවූවන්ට විශාල සෙතක් සැලසුනා. මම ඒක කරනකොට අනෙක් දේශපාලනඥයො අහනවා නිමල් ලාන්සා කොහොමද මේවා කරන්නේ කියලා. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඔය වැය ශීර්ෂය මම ඉන්න කාලේත් තිබුණා. මට පෙරත් තිබුණා. අදත් තියෙනවා. නමුත් කිසි කෙනෙක් මෙය මෙය කාර්ය කළෙත් නෑ. හොයලා බැලුවෙත් නෑ. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න සාමාන්‍ය වැඩපිළිවෙළක් හදන්නේ නැත්නම්, නිර්මාණශීලීව හිතන්නෙත් නැත්නම් දේශපාලනය කරන්න බෑ.

2014 මට සමුපකාර අමාත්‍යාංශය ලැබුණා. එකේ ග්‍රාමීය බැංකු වල සල්ලි ටික තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික් බැංකුවේ. ඒ ගිණුමේ ගිණුමේ බිලියන 12 තිබුණා. මම බැංකු නිලධාරීන් ට කිව්වා ඒ තියෙන සල්ලි ඔක්කොම අයිති දුප්පත් මිනිස්සුන්ට. ඔවුන් ට දේපල නෑ. ණයත් ගන්නට ඇපයක් තබන්නට කිසිවක් නෑ. ඇපයක් අස්සන් කරන්නත් කවුරුත් එන්නේ නෑ. ඒ නිසා ස්වයං රැකියාවක් කරන්නට බලාපොරොත්තු වන, වෘත්තීය නිපුණතාවයක් තිබෙන අයට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් ලක්ෂ විසිපන්දාහක් බෙදා දුන්නා. මේ සල්ලි මම ඉන්න කාලෙත්, මට පෙරත්. අදත් තියෙනවා. අවශ්‍ය වෙන්නේ වැඩ කිරීමේ උවමනාව විතරයි. මට ඒක හොඳට පිහිටා තිබෙනවා.

මම මේ උදාහරණ එක කිව්වේ වැඩ කරන හැටි පෙන්වන්නටයි. අපි වැඩ කරපු මිනිස්සු. වැඩ කරන්න පුළුවන් බව ඔප්පු කරපු මිනිස්සු. ඒ නිසා ඔබේ නියෝජිතයා වශයෙන් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ වැඩ කරන මිනිසුන් පමනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *