කෑගල්ලේ අධිවේගී යතුරු පැදි අනතුර // CCTV දර්ශන සහිතයි

හෙම්මාතගම ගම්පොල මාර්ගයේ හිද්රාගම පෞද්ගලික ලී මොලක ඉදිරිපස

ජායාරූප හා සටහන කෑගල්ල සමන් විජය බණ්ඩාර

අධික වේගය පාලනය කර ගැනිමට නොහැකි වු යතුරු පැදියක පැමිණි තරුණයන් දෙදෙනෙක් හදිසි අනතුරකට ලක් විම නිසා දෙදෙනාම බරපතල තුවාල ලබා හෙම්මාතගම රෝහලෙන් ඊයේ 12 පස්වරුවේම කෑගල්ල මහ රෝහලට ඇතුලත් කර බව හෙම්මාතගම පොලිසිය පවසයි.

මෙම අනතුර සිදු වි තිබුණේ හෙම්මාතගම ගම්පොල මාර්ගයේ හිද්රාගම පෞද්ගලික ලී මොලක ඉදිරිපස ගෙට්ටුව ආසන්නයේය. අනතුරෙන් බරපතල තුවාල ලබා ඇත්තේ හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ අඹරුප්ප ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකි. හෙම්මාතගම නගරයේ ආපන ශාලාවක සේවය කරන දෙදෙනා පස්වරුවේ වැඩ අවසන් වි නිවස බලා යමින් සිටියදි යතුරු පැදියේ අධික වේගය පාලනය කර ගැනිමට නොහැකි විමෙන් මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත. මෙම අනතුරෙන් යතුරු පැදියටද දැඩි හානි වි තිබුණු අතර මෙම අනතුර පෞද්ගලික ලී මෝලෙහි සිසිටිවි කැමරාවේ සටහන් වි තිබුණි.

හෙම්මාතගම දෙස සිට අධීක වේගයෙන් පැමිණි දෙදෙනා එම ස්ථානයේ ඇති වගුව ගැනිමට යෑමේදි යතුරු පැදියේ වේගය පාලනය කර ගැනිමට නොහැකි විමෙන් ලී මෝලෙහි බාගෙට ඇර දමා තිබු ගෙට්ටුුවේ වැදි ඒ ආසන්නයේම දමා තිබු දැව කඳන් අස්සේ යතුරු පැදි කරු හිර වි සිටි අතර පිටුපසින් පැමිණි තරුණයාද ගෙට්ටුවේ වැදි දැව කඳන් උඩ වැටි සිටිය බව ඇසින් දුටු ප්‍රදේශවාසීන් පවසති.

දෙදෙනාගේ තත්වය බරපතල වු හෙයින් ඔවුන් හැකි ඉක්මනින් රෝහල් ගත කිරිමට ප්‍රදේශවාසීන් පියවර ගත් අතර හෙම්මාතගම රෝහල වෙත ගෙන ගිය තරුණයන්ගේ පාද වලට දැඩි හානි සිදු වි තුවාල ලබා සිටි හෙයින් ඔවුන්ට තාවකාලික ඛෙහෙත් හෙත් ලබා දි කෑගල්ල මහ රෝහලට ඔවුන් ඇතුලත් කිරිමට පියවර ගත් බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *