කැලණිය ජනතාවගේ විරෝධය මැද අවස්ථාවක් ඉල්ලන චම්පික ඇමතිතුමා

කසල ප්‍රශ්නය විසඳීම සඳහා අමාත්‍ය චම්පික ගෙන් යෝජනාවක් -කැලනිය ජනතාවගේ විරෝධය (වීඩියෝ සහිතයි )

කසල ප්‍රශ්නයට විසඳුමක් ලෙස කොම්පෝස්ට් ඉපදවීමට හෝ ප්‍රතිචක්ක්‍රීය ක්‍රියාවකට ලක් කල නොහැකි කසල කැලණිය මනේල්වත්ත ප්‍රදේශයට එකතුකොට එතැන්සිට දුම්රිය මාර්ග ඔස්සේ පුත්තලමට යැවීමට සැලසුම්කර ඇති බව අමාත්‍ය චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි .ඒ මහතාගේ අදහස අනුව ප්‍රදේශයේ ඇති කසල ප්‍රශ්නයටද මෙමගින් විසඳුම් ලැබෙන අතර දැනට මානෙල් ගම විශාල කුණු කන්දක් සහිත ප්‍රදේශය උද්‍යානයක් බවට පත්වෙනු ඇත. රටේ සිදු වුන හා ඉදිරියට සිදු කිරීමට යන සංවර්ධන සැලසුම් පිළිබඳව අමාත්‍ය වරයා පුළුල් ලෙස අදසස් දැක්වූ අතර මෙම ප්‍රදේශයට බැහැරින් කසල ගෙන ඒමට ප්‍රදේශවාසීන් දැඩි ලෙස විරුද්දව අදහස් දැක්වීය .ඒ අතර කැලණිය ප්‍රාදේශීය සබාවේ හිටපු විපක්ෂ නායක සුමංගල සමරවීර (එ.ජා. ප .)මහතාද විය.

මෙම අවස්ථාවට අමාත්‍ය සරත් ෆොන්සේකා ,කැලනිය ආසනයේ ශ්‍රී. ල. නි. ප. ප්‍රධාන සංවිදායක තිලක් වරාගොඩ ,හිටපු ප්‍රාදේශීය සභා මන්ත්රී මිල්රෝයි පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී විය .

වීඩියෝව මෙතනින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *