කල්පිටියේ යොවුන් සේනාංකයට මුල්ගල් තබයි.
තරුණ ප්‍රජාවක් රටේ සංවර්ධනයට දායක කර ගැනීම
කල්පිටිය, නච්චකල්ලිය, සුදුපියගම ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත ජාතික යොවුන් සේනාංකයේ නව පුහුණු මධ්‍යස්ථානය සඳහා මුල් ගල් තැබීම ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
විනය, නායකත්වය සහ පෞර්ෂත්වයෙන් යුතු තරුණ ප්‍රජාවක් රටේ සංවර්ධනයට දායක කර ගැනීම මෙහි අරමුණයි. අභිනවයෙන් ආරම්භ කරන මෙම පුහුණු මධ්‍යස්ථානය මගින් කල්පිටිය ප්‍රදේශයේ තරුණ තරුණියන්ට සිය වෘත්තීය නිපුණත්වයට අත්වැලක් සැපයෙන අතර සියලු පාඨමාලා නොමිලේ හැදෑරීමට අවස්ථාව උදා වේ.