කලබල පසුපස දේශපාලනඥයන් සිටින බවට තොරතුරු නෑ – නව ඇමැති රංජිත් මද්දුමබණ්‌ඩාර

කලබල පසුපස දේශපාලනඥයන් සිටින බවට තොරතුරු නෑ – නව ඇමැති රංජිත් මද්දුමබණ්‌ඩාර

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිද්ධියක්‌ මුල්කරගෙන කලබල කරන පුද්ගලයන් පසුපස දේශපාලනඥයන් සිටින බවට කිසිදු තොරතුරක්‌ මෙතෙක්‌ ලැබී නැතැයි නීතිය සහ සාමය පිළිබඳ නව ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා සිය ඇමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පැවසීය.

කෙසේ වෙතත් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගෙන් රහස්‌ පොලිසිය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගෙන යන බවත් ඔවුන්ගේ පසුබිම සොයා බලන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මෙවැනි ප්‍රචණ්‌ඩකාරී සිද්ධීන් නිසා රට ආපස්‌සට යැමට ඉඩ නොදෙන බව පැවසූ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා මෙම සිද්ධිය මුල් කරගෙන ඇතැමුන් බොරු කටකතා පතුරවන බව කීවේය.

කලබල ඇති කිරීමට මුල් වෙන සැකකරුවන් පිළිබඳව නීතිය අකුරටම ඉටු කරන ලෙස පොලිසියට උපදෙස්‌ දුන් බව ඇමැතිවරයා පැවසීය.
දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *