කරන්ට් ගිය හැටි සොයන කමිටුව රැස්වෙයි

කරන්ට් ගිය හැටි සොයන කමිටුව රැස්වෙයි

ඊයේ දිනයේ රටටම විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පත්කළ කමිටුවේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ අනුව කරුණු සොයා බැලීමට කමිටුව අද (18) පෙරවරුවේ රැස්වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම කමිටුව 7 දෙනෙකුගෙන් සමන්විතයි.

කමිටු වාර්තාව සතියක් ඇතුළත ලබාදීමට නියමිතයි. ඊයේ (17) රාත්‍රී 10.00 පමණ වන විට දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකි වුණා. විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිවල හටගත් දෝෂයක් හේතුවෙන් ඊයේ දහවල් 12.30 සිට දිවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදුව තිබුණා. මේ හේතුවෙන් ජනතාවගේ දෛනික ක්‍රියාකාරක්මවලට දැඩි බාධා එල්ලවුණා.

විශේෂයෙන් වැඩ කරන දිනයක් වූ ඊයේ දිනයේ කර්මාන්ත ශාලාවල පවත්වගෙන යාමට මතුවූයේ ප්‍රබල බාධාවක්. කොරෝනා ව්‍යසනය හේතුවෙන් දින ගණනාවක් වසා තිබූ කර්මාන්ත ශාලාවල මේ දිනවල ඇතැම්විට පැය 24 පුරා නිෂ්පාදන කටයුතු සිදුකෙරෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ විදුලිය බිඳවැටීම ප්‍රබල බලපෑමක් වුණා. විදුලිය බිඳවැටීම හේතුවෙන් ජල සැපයුම අඩාල වී තිබු අතර මහා මාර්ගවල අලෝක සංඥා ක්‍රියාත්මක නොවීමෙන් රථ වාහන තදබදයක් හටගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *