UPDATE–ජා ඇල.. වැලිගම්පිටිය යේ වෙඩි තැබිමෙන් කාන්තාවක් මරුට

UPDATE–ජා ඇල.. වැලිගම්පිටිය යේ වෙඩි තැබිමෙන් කාන්තාවක් මරුට

ජා ඇල-වැලිගම්පිටිය මංසන්දියේ වෙඩි තැබිමකට ලක් වූ කාන්තාව මියගොස් තිබේ.

නාදුනන තුවක්කු කරුවෙකු විසින් මොටර් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවකට වෙඩි තබා පලා ගොස් තිබිණි.

අද (30) දහවල් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කෙරුණු අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇය මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ජාඇල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය සඳහන් කළේය.

කඳාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *