කථානායකගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

කථානායකගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

කථානායකවරයාගේ ව්‍යවස්ථා විරෝධි ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ජාත්‍යන්තර පාර්ලිමේන්තුව හමුවේ කරුණු ඉදිරිපත් කරන බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ රට තුළ ඇති වී තිබෙන ව්‍යවස්ථාවේ අර්බුදයට මූලික පදනම සැකසූවේ කථානායකවරයා බවයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

එම මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ අමාත්‍යවරයා ද අදහස් දක්වමින් පැවසුවේ අද රාත්‍රීයේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිත බවයි.

අග්‍රාමාත්‍යවරයාගේ වියදම් කපා හැරීම සඳහා වන යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කිරීම පදනම් විරහිත බව එස්.බී දිසානායක අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *