කතානායකට කුණු බාල්දියකින් ගහලා

කතානායකට කුණු බාල්දියකින් ගහලා

කතානායකට කුණු බාල්දියකින් ගහයි.. හරීන් ප‍්‍රනාන්දුට බිම පෙරලා ගහයි.. චම්පිකටත් ගුටි..[Video]
අද පාර්ලිමේන්තුවේ ගැටුම්කාරී තත්ත්වයේදී කතානායකවරයාට කුණු බාල්දියකින්ද වතුර බෝතලයකින්ද පහර දී ඇත.

හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රිවරයාද පහර දීමට පැමිණ කතානායක අසුන අසල සිට පෙරලී ගියේය. ඔහුට පහර දෙන ආකාරයක්ද දක්නට ලැබින.

මන්ත‍්‍රී ලොහාන් රත්තවත්තේ මහතා විසින් චම්පික රණවක මන්ත‍්‍රීවරයාට පහර දීමක් සිදු කර ඇතැයිද වාර්තා වෙයි.

මහ මැතිවරණයක් ඉල්ලමින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කරන ලද කතාවට විරුද්දව යෝජනාවක් සම්මත කිරීමට එජාපය උත්සාහ කිරීමට උත්සාහ ගැනීමත් සමග මෙම ගැටුම්කාරී තත්වය ඇතිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *