ඕස්ට්‍රේලියාවේ NCW Holdings ආයතනය ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කරයි.

මෙරට ගෘහ පාලන ක්ෂේත‍්‍රයේ දැවැන්ත පෙරළියක් ඇති කරමින්ල ඕස්ට්‍රේලියාවේ ප‍්‍රමුඛතම පහසුකම් කළමනාකරණ සේවා  සපයන (Facility Management Services) ආයතනය වන NCW Holdings සමාගම පසුගියදා මෙරටදී, සිය ව්‍යාපාර  කටයුතු පුළුල් කරමින් මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව කොළඹ Kings Bury    හෝටලයේ පැවති සමාරම්භක උත්සවයේදී, මාධ්‍ය වෙත අදහස් දක්වමින් NCW Holdings ආයතනයේ  කළමනාකරණ අධ්‍යක්ෂ නවීන් විජේවික්‍රම මහතා ප‍්‍රකාශකර සිටියේය.

මෙරට ගෘහ පාලන ව්‍යාපාරයට නව අත්දැකීමක් එක්  කරමින් විනයගරුක හා  ක‍්‍රියාශීලි තරුණ  කණ්ඩායමකගෙන් සැදුම් ලත් ක්ෂේත‍්‍රයේ  අත්දැකීම් සහිත ප‍්‍රවීණයන් රැසකගේ මෙහෙයවීමෙන් ශී‍්‍ර ලංකාවේ NCW Holdings ශාඛාව පරිපූර්ණත්වයට පත්ව ඇත. මෙම සේවාව  සාම්ප‍්‍රදායික ක‍්‍රියාවලියෙන් බැහැරව ඉතා විශ්වසනීයව හා කඩිනමින්  නවීන  තාක්ෂණික උපකරණ  උපයෝගීකර  ගනිමින්  සිය පාරිභෝගිකයන් වෙත  සුවිශේෂී අත්දැකීමක් ලබා දෙන්නට හැමවිටම උත්සහ කිරීම  NCW Holdings ආයතනයේ පරමාර්ථයයි.

දේශීය හා විදේශීය ආගන්තුක සත්කාරක ක්ෂේත‍්‍රයේ   වසර ගණනාවක හසළ දැනුමක් සහිත ප‍්‍රවීණයකු හා තරුණ ව්‍යවසායකයකු වන NCW Holdings ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ නවීන් විජේවික්‍රම මහතා 2005 වසරේදී ඕස්ට්‍රේලියාවේ දී  ආරම්භ කරන ලද මෙම ආයතනය ඉතා කෙටි කලක් තුල  එරට ප‍්‍රමුඛ පෙළේ සමාගම් රැසක විශ්වාසය දිනා ගැනීමට සමත් වූ සමාගමක් බවට පත් විය. ඒ අතරින් HSBC, THOMAS DUX Grocers , Kmart, TARGET, Woolworths හා Dan Murphy’s යන  දැවැන්ත සමාගම් ප‍්‍රධාන තැනක් ගනී. දශක දෙකකට අධික අත්දැකීම් සහිත ආගන්තුක සත්කාරක උපදේශන සේවාව,පොදු ගොඩනැගිලි නඩත්තුවල පහසුකම් කළමනාකරණ සේවා සැපයුම, සංකල්ප සංවර්ධනය හා ව්‍යාපෘති කළමනාකරණය ආදී පරාසයන් ඔස්සේ  NCW Holdings මව් සමාගම සිය  ව්‍යාපාර කටයුතු සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *