ඕනෑ වෙලාවට ගන්නයි එපා වෙලාවට විසිකරන්නයි අපි රම්පේ කරපිංචා නෙවෙයි’– හිටපු ජනාධිපති

ඕනෑ වෙලාවට ගන්නයි එපා වෙලාවට විසිකරන්නයි අපි රම්පේ කරපිංචා නෙවෙයි’– හිටපු ජනාධිපති

අපි දන්නෙත් නැතිව අපිව තනතුරුවලට පත්කරලා. මේ කරන්නේ මොනවද කියලා මටත් හිතාගන්න බැහැ” යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධුරයට පත්කර තිබීම සම්බන්ධයෙන් ‘මව්බිම’ කළ විමසුමකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් යන පක්ෂ දෙකම තමන්ව බලාපොරොත්තු වන තත්ත්වයක් තුළ තමන්ගේ අවසාන තෝරා ගැනීම වන්නේ කුමක්දැයි ‘ නැඟූ පැනයට පිළිතුරු දෙමින්, “මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි. ඒත් ඒ පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල්ව සිටින තාක් මට බෑ ඒකට හවුල් වෙන්න. ඒ අය යූ.එන්.පී. එකත් එක්ක එකතු වුණු නිසයි අපි එළියට බැස්සේ”
“පොහොට්ටුව” අපි හදපු පක්ෂය. අද රටේ වැඩිම බලයක් තියෙන පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයට එරෙහි ශක්තිමත්ම පක්ෂයත් ඒකයි. එහෙම තැනකට පොහොට්ටුව ඇවිත් තියෙද්දී අපි මොකටද නිදහස් පක්ෂයට හවුල් වෙන්නේ.

ආණ්ඩුවත් එක්ක මඟුල් කන ගමන් එක දවසක් ඒකට බැන්නා කියලා මේ අය වෙනස් වෙන්නේ නැහැ. අනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනගන්න ඕනෑ, ඒ අයට ඕනෑ වෙලාවට ගන්නයි එපා වෙලාවට විසිකරන්නයි අපි රම්පේ කරපිංචා නෙවෙයි’ යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පැවැසීය.
මවිබිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *