ඔබ නොදන්නා රැවුලේ පුරාණය

රැවුලයි කැදයි දෙකම බේරගන්න

සුනෙත් ගාල්ලගේ ගාල්ල

පිරිමි පුද්ගලයින් සඳහා රැවුල විලාසිතාවක් ලෙස පවත්වාගෙන යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. පකිස්ථානයේ බුක්දුන්ගාවා ප්‍රන්තයේ මෙලෙස මෙම තහනම පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.පසුගිය දිනෙක බේශාවර් ප්‍රදේශයේ එරට රූපලාවන්‍යාගාර සේවකයින් සඳහා පැවති සමුළුවකදී මෙම තීරණයට එළඹ තිබේ.මෙලෙස මෙම තීරණය ගැනීමට හේතුවී ඇත්තේ රැවුල විලාසිතාවක් ලෙස පවත්වාගෙන යාම එරට ඉස්ලාම් ධර්මයට විරුද්ධ වීම හේතුවෙන් බව වාර්තා වේ.

අතීතයේ සිට අද දක්වා මිනිසාගේ ශරීරාංග වලින් කැපී පෙනෙන ඒවා අතරින් රැවුල සහ කොණ්ඩයට හිමි වන්නේ ප්‍රධාන තැනක්. පර්යේෂකයින් ප්‍රකාශ කර සිටින ආකාරයට ප්‍රාග් ඓතිහාසික මානවයා රැවුල භාවිතා කර ඇත්තේ පහත සාදක වලටය.

  1. උණුසුම් වීම සදහා.
  2. අන් අය තැතිගැන්වීම සඳහා.
  3. මුහුණේ සමට සිදුවිය හැකි බාහිර උපද්‍රව වලින් ආරක්ෂා වීම සදහා.

අතීතයේ ශිෂ්ටාචාර වල ගෞරවය හිමිකරගැනීමට රැවුල භාවිතා වූ අතර එවැනි ශිෂ්ඨාචාර වලදී රැවුල කැපීම දඩුවම් දීමක් ලෙස සලකා ඇත. නමුත් ක්‍රි.පූ 345 දී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා සිය සොල්දාදුවන්ට රැවුල වැවීම තහනම් කිරීමත් සමඟ රැවුලේ තිබූ අභිමාණය හීන විය. මධ්‍යතන යුගයේ අනෙකෙකුගේ රැවුලෙන් ඇල්ලීම අපහාසයක් ලෙස සැලකුණු අතර එවැනි අවස්ථාවල දඩුවම් දීමක් ද ක්‍රියාත්මක වී ඇත.

19 වන සියවස වන විට රැවුල වැවීම නැවතත් රැල්ලක් බවට පත් කළේ ඇමරිකානු ජනාධිපති වරයකු වූ ඒබ්‍රහම් ලින්කන් විසිනි. අද වන විට ඇමරිකාවේ ජනගහනයෙන් 33%ක් රැවුල වවා ඇති අතර ලෝක ජනගහනයෙන් 55%ක් විවිද ප්‍රමාණයන්ගෙන් රැවුල වවා ඇත.

සාර්ථකත්වයේ සාදකයක් ලෙස රැවුලට ඇත්තේ එතරම් යහපත් තත්ත්වයක් නොවේ.ෆෝබ්ස් සගරාව වාර්ෂිකව නම් කරන ලොව ධනවත්ම මිනිසුන් 100 දෙනාගෙන් 98%ක්ම සම්පූරණයෙන්ම රැවුල බා ඇත. ලෝක විරුවන්කම්කරුවන් සහ අපරාධ කරුවන් 98%ක්ම රැවුල වවා සිටීම එයට සාක්ෂි සපයයි. එහෙත් රැවුල වවා සිටින අය 100%ක්ම අපරාධකරුවන් හෝ දරුණු පුද්ගලයන් නොවේ. අද වන විට බොහෝ දෙනා රැවුල විලාසිතාවක් ලෙස හා අනන්‍යතාවය රැක ගැනීමේ සාදකයක් ලෙස භාවිතා කරයි.

ලොව පුරා ගුවන් නියමුවන්ට රැවුල වැවීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර ඒ ඔවුන්ගේ ඔක්සිජන් ආවරණ මුහුණේ නිසියාකාරව සම්බන්ධ කිරීමට අවශ්‍ය වන නිසාවෙනි. ගිනි නිවන භටයන් හටද මෙම නීතිය එලෙසම ක්‍රියාත්මක වේ.

හමුදා නිලධාරීන් සඳහා මෙම නීතිය රටින් රටට විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වේ. සමහර රටවල නිල ඇදුමේම කොටසක් ලෙස රැවුල සැලකෙන අතර. සමහර රටවල අනිවාර්ය නොවේ.

රැවුල බෑමට දිනකට විනාඩි පහක් ගත කරන මිනිසෙක් එසේ අවුරුදු 50ක් පුරා සෑමදාම රැවුල කැපුවා නම් ඔහු තම ජීවිත කාලයෙන් දින 63ක් රැවුල බෑම සඳහා යොදවා තිබෙනවා! මේ දෛනික චර්යාව ගැන පිරිමින්ට හැඟෙන්නේ කොහොමද?

මෑතකදී අවිධිමත්ව කළ සමීක්ෂණයකින් රැවුල බෑම ගැන මේ අදහස් හෙළි වුණා: මම ආසම නැහැ ඔය වැඩේට.” “මහම මහ එපා කරපු වැඩක්.” “මහ වදයක්.” “මඟහරින්ට පුළුවන්නම් කොහොම හරි මඟහරිනවා.” සමහර මිනිසුන් තම රැවුල කැපීම ගැන එතරම් තදින් කල්පනා කළත් රැවුල කපන්නේ ඇයිරැවුල බෑම ගැන අපි තව ටිකක් ඉගෙනගනිමු. සමහරවිට අපිට උත්තර සොයාගන්ට පුළුවන් වේවි.

බෙල්ලාගේ කටුවේ සිට ඉවතලන රේසරය දක්වා බෙල්ලෙකුගේ කටුවකින්මෝරෙකුගේ දතකින්එහෙම නැත්නම් තියුණු ගිනිගල් පතුරකින් රැවුල බෑම ගැන ඔබට සිතාගත හැකිදරැවුල බෑමේ උපකරණ තේරීමේදී මිනිසා ඉතිහාසය පුරා විශිෂ්ට සොයාගැනීම් කර තිබෙනවා! ඉපැරණි මිසරයේ මිනිසුන් ඒ සඳහා පොරෝ තලයක හැඩැති කුඩා තඹ රේසරයක් පාවිච්චි කළා. වඩාත් මෑතකදීඑනම් 18 සහ 19වන සියවස්වලදී එංගලන්තයේ ෂෙෆීල්ඩ්හිදී දැළි පිහිය නිපදෙව්වා. එය කොතරම් තියුණුද කිව්වොත් එයින් කෙනෙකුගේ බෙල්ල වුණත් කපන්න පුළුවන්! බොහෝ අවස්ථාවල විවිධාකාර වැඩ දමා තිබූ මේ රේසර වර්ගය මුවහත් කළ හැකි වක් ගැසුණු වානේ තලයක් සහ පාවිච්චි නොකරන අවස්ථාවලදී අකුළා නමා තැබීමට හැකි කොපුවක් ආකාර පියනකින්ද සමන්විත වුණා. මේ උපකරණය ඉතා පරෙස්සමින් පාවිච්චි කළ යුතු වුණා. එය නිපුණ ලෙස පාවිච්චි කිරීමට ඉගෙනගනිද්දී කැපීම් ලේ ගැලීම්වල කිසිම අඩුවක් නොතිබුණු බව නම් සහතිකයි. අද්දැකීම් ලබාගන්නා තුරු අදක්ෂයන්ට නම් ඒක මහත් මානසික වදයක් වන්ට ඇති. කෙසේවෙතත් 20වන සියවසේදී ස්ථිර සහනයක් ලැබුණි.

වර්ෂ 1901දී එක්සත් ජනපදයේ විසූ කිං කෑම්ප් ජිලට් නමැත්තාඉවත දැමිය හැකි තලයක් ඇති ආරක්ෂිත රේසරය පළමු වරට සොයාගත්තා. ඔහුගේ සිතුවිල්ල ලොව පුරා වේගයෙන් පැතිරී ගිය අතර විවිධ හැඩයේ රිදී සහ රන් ආලේපිත රේසර් ක්‍රමක්‍රමයෙන් නිපදවෙන්ට පටන්ගත්තා. මෑතක සිට සම්පූර්ණයෙන්ම ඉවත දැමිය හැකි රේසර් නිපදවා ඇති අතර තල දෙකේ හෝ තුනේ රේසර්,නැමෙනසුලු සහ තලය ඕනෑ අතකට හැරවිය හැකි රේසර්ද නිපදවා තිබේ.

ඇත්තෙන්ම මුල්ම වතාවට 1931දී වෙළඳපොළට ආ විද්‍යුත් රේසරයද අමතක කරන්ට බැහැ. ඒවායේ ජනප්‍රියත්වය එන්ට එන්ටම වැඩි වී තිබුණත් සිනිඳුවට රැවුල කපන්ට කැමති බොහෝදෙනෙක් තියුණු තලයක් ඇති රේසරයකට වඩා කැමතියි.

මුල් කාලවල සිට විටින් විට වෙනස් වන රැවුල් මෝස්තරවලට මිනිසා පුරුදුව සිටියා. ඉපැරණි මිසරයේ දෛනික ජීවිතය (ඉංග්‍රීසියෙන්) නමැති පොත කියන්නේඉපැරණි මිසර වැසියන් සිරුර පුරා රෝම තිබීම ගැන එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. දක්ෂ ලෙස නිපැයූ හම් ආවරණයක බහාලූ රේසර් පාවිච්චි කළ ඔවුන් සිනිඳුවට රැවුල බෑම අභිමානයක් ලෙස සැලකූහ” කියායි. ඵාරාවෝ ඉදිරියේ පෙනී සිටින්ට පෙර හෙබ්‍රෙව් සිරකරුවා වූ යෝසෙප් තම රැවුල කැපීමෙන් ඔවුන්ගේ චාරිත්‍රය මනාව පැහැදිලි වෙනවා.

අෂූරියයන් වනාහි අභිමානවත් ලෙස රැවුල වැවූ ජාතියක්. ඔවුන් තමන්ගේ රූපය ගැන කොතරම් සැලකිලිමත් වුණාද කිව්වොත් ඔවුන්ගේ රැවුල ගැන සැලකිල්ල සහ අවධානය දීමට මහත් පරිශ්‍රමයක් දැරුවා. ඔවුන් රැවුල විසිතුරු ලෙස කැරලි දමමින්ගොතමින් සකස් කිරීමේ නිරත වුණා.

පුරාණ ඉශ්‍රායෙල් පුරුෂයන්ද තරමක් දිගට රැවුල වැවූ අතරඒවායේ අගිසි ගානට කැපීම සඳහා රේසරයක් පාවිච්චි කළා. එසේනම්, ‘ඔවුන්ගේ මුහුණේ කන් ඉදිරියෙන් වැවෙන කෙස්’ හෝ රැවුලේ කොන් නොකැපිය යුතුය” යන දෙවි ඉශ්‍රායෙල්වරුන්ට දුන් ආඥාව ගැන කුමක් කිව හැකිදමෙය හිසකේ හෝ රැවුල කැපීමට විරුද්ධ ආඥාවක් නොවෙයි. ඒ වෙනුවට අවට සිටි මිථ්‍යා දෘෂ්ටික ජාතීන්ගේ අන්තයට ගිය ආගමික සිරිත් විරිත් අනුගමනය කිරීමට අධෛර්යය කිරීමක් පමණකි.

ඉපැරණි ග්‍රීක සමාජයේ මුළුමනින්ම රැවුල කැපුවේ වංශවතුන් පමණයි. අනිත් සියලුදෙනාම සාමාන්‍යයෙන් රැවුල වැවුවා. රෝම ජාතිකයන්ගේ රැවුල බෑමේ පුරුද්ද ආරම්භ වූ බව පෙනෙන්ට ඇත්තේ පො.යු.පෙ. දෙවන සියවසේදීයි. එතැන් සිට සියවස් කිහිපයක් යන තුරු දිනපතා රැවුල බෑමේ පුරුද්ද චාරිත්‍රයක් බඳු වුණා.

කෙසේ වෙතත්රෝම අධිරාජ්‍යයේ වැටීමත් සමඟම රැවුල වැවීම යළි පණගැන්වුණා. දහහත්වන සියවසේ අග භාගයේදී රැවුල බෑම ජනප්‍රිය වන තුරු අවුරුදු 1,000ක පමණ කාලයක් පුරා එසේ කිරීම ක්‍රියාත්මක වුණා. මුළුමනින්ම රැවුල බෑම 18වන සියවස පුරාද පැවතුණා. එහෙත් 19වන සියවසේ මැද සිට අග භාගය වන විට මෝස්තරය නැවතත් අනිත් පැත්ත හැරෙමින් තිබුණා. ඒ නිසා වොච් ටවර් සමිතියේ මුල් සභාපති වූ සී. ටී. රසල් සහ තවත් ක්‍රිස්තියානිවරයෙක් වූ ඩබ්ලිව්. ඊ. වැන් ඇම්බර්ග් යන අයගේ ඡායාරූපවල ජේත්තුවට සකස් කළ අගිසි කැපූ රැවුලක් වවා තිබෙන බව දකින්ට තිබෙනවා. ඔවුන්ගේ කාලයේ හැටියට එය ඔවුන්ගේ පෙනුමට ගාම්භීරත්වයක් එක් කළ අතර ගැළපෙන මෝස්තරයක්ද වුණා. කෙසේ වෙතත්20 වන සියවසේ මුල් කාලයේදී රැවුල බෑම නැවතත් ජනප්‍රිය වෙන්ට පටන්ගත් අතර අපේ කාලයේ පවා බොහෝ රටවල මෙය ක්‍රියාත්මක වේ.

ඔබත් කණ්ණාඩියක් ඉදිරියේ සිටගෙන බ්ලේඩ් තලයක් උපකාරයෙන් එම දෛනික චාරිත්‍රයේ යෙදෙන දශලක්ෂ ගණන් මිනිසුන්ගෙන් කෙනෙක්දඑසේනම්හැකි තාක් දුරට වේදනාවෙන් සහ ලේ ගැලීමකින් තොරවදක්ෂ ලෙස එසේ කිරීමට ඔබට උවමනා බවට සැකයක් නැහැ.

බ්ලේඩ් තලයක උපකාරයෙන් දක්ෂ ලෙස රැවුල බෑම සඳහා පහත සඳහන් යෝජනා ගෙන එන්නේ පුරුෂ රෝම (ඉංග්‍රීසියෙන්) නමැති පොතයි.

  1. රැවුල් ගස් මෙළෙක් කිරීම: මුහුණේ රැවුල මෙළෙක් කිරීමට තිබෙන හොඳම ක්‍රමය නම් උණුසුම් වතුරෙන් මුහුණ දෝවනය කිරීමයි. හැකිනම්,නෑමෙන් පසු රැවුල කපන්න. රැවුල් ගස් මෙළෙක් වීමට එය හොඳහැටි කල් දෙනවා.
  2. රැවුල කැපීමට පෙර තවරන ආලේපන: විවිධ වර්ගයේ සබන්,පෙන වර්ග,ක්‍රීම් සහ ජෙල් වර්ග මූලික කාරණා තුනක් ඉටු කරනවා. (1)  රැවුල් ගස් තුළ තෙතමනය රඳවා තබාගන්නවා, (2) රැවුල් ගස් ඍජුව තබාගන්නවා, (3) සම මතුපිට වඩා පහසුවෙන් ලිස්සා යෑමට රේසරයට පහසු කරවනවා. ඔබට වඩාත්ම උචිත ආලේපනයක් තෝරාගන්න. ඇයි! හිසකෙස්වලට ගාන කන්ඩිෂනර්! ඔබ ඒවා පාවිච්චි කර තිබෙනවාදඒවාත් නිපදවා ඇත්තේ කෙස් මෙළෙක් කිරීමටයි.
  3. නිවැරදි රේසරය නිවැරදි විදිහට පාවිච්චි කිරීම: නිවැරදි රේසරය කියන්නේ තියුණු රේසරයකටයි. ඔබේ සමට හානි කිරීමට මොට්ට රේසරයකට හැකියි. ඔබේ රැවුල වැවෙන පැත්තට රැවුල කපන්න. ඊට විරුද්ධ දිශාවට කපද්දී සිනිඳුවට රැවුල කැපුණත්,ඒ කැපෙන්නේ සමේ මට්ටමට යටින් නිසා,සමේ තිබෙන ඉතා සියුම් සිදුරු හෝ කූප තුළින් රැවුල වැඩී එනවා වෙනුවට සම අභ්‍යන්තරයට වැඩෙන්ට එය හේතු වෙයි. සමහර මූලාශ්‍රවලට අනුව පුරුෂයන් සහ ස්ත්‍රීන් නොසැලකිලිමත්ව කෙස් බූ ගෑම නිසා වෛරස් මගින් බෝවෙන ඉන්නන් ඇතිවීමට හේතු වී තිබෙනවා.
  4. රැවුල කැපීමෙන් පසු සමේ ආරක්ෂාව: ඔබ රැවුල කපන සෑම අවස්ථාවකම ඔබේ සමෙන් ඉතා සියුම් ස්තරයක් කැපී යනවා. ඒ හේතුවෙන් සම පහසුවෙන්ම තුවාල විය හැකියි. එමනිසා,පළමුව උණුසුම් වතුරෙනුත් පසුව පිරිසිදු සිසිල් වතුරෙනුත් ඔබේ මුහුණේ ඉතිරි වී ඇති සබන් ගතිය සෝදාහැරීම වැදගත්. මෙසේ කරන්නේ සමේ ඇති සියුම් සිදුරු වැසී තෙතමනය පිටවීමෙන් වැළැක්වීමටයි. ඒ සඳහා ඔබ කැමති නම් සමේ තෙතමනය පවත්වාගැනීම සඳහා පාවිච්චි කරන ආෆ්ට-ෂේව් දියරයක් ගෑමෙන් ඔබේ සම ආරක්ෂා මෙන්ම ප්‍රාණවත් කරවිය හැකියි.

ලෝකයේ බොහෝ ප්‍රදේශවල වෙසෙන ස්ත්‍රීන්ද ශරීරයේ ඇතැම් කොටස්වලින් රෝම ඉවත් කරන හෙයින් මෙහි එන කාරණා සමහරවිට ඔවුන්ටද ප්‍රයෝජනවත් වේවි.

රැවුල් ගස් කියන්නේ මුහුණේ වැඩෙන රෝමවලටයි. ඒවා සෑදී තිබෙන්නේ කැරටින් සහ ඊට සම්බන්ධ ප්‍රෝටීන්වලින්. කැරටින් කියන්නේ මිනිසුන්ගේ සහ සතුන්ගේ ශරීරවල නිපදවෙන තන්තුමයසල්ෆර් අඩංගු ප්‍රෝටීන්වලටයි. මෙය මූලිකව හිසකෙස්,නියපොතුපිහාටුකුර සහ අං යනාදිය වර්ධනය කිරීමේ මූලිකම ද්‍රව්‍යයයි. මිනිස් සිරුරේ ඇති රෝම අතරින් පහසුවෙන් නොගැළවෙන,ඕනෑම තත්වයකට ඔරොත්තු දෙනඑමෙන්ම සමාන ඝනකමේ තඹ කම්බියක ශක්තිය ඇති දෙයකි රැවුල් ගස. සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ මුහුණේ රැවුල් ගස් 25,000ක් පමණ තිබෙනවා. එය වැඩෙන්නේ පැය 24කට මිලිමීටර භාගයක වේගයෙනි.රැවුල් මෝස්තරවලට ඇත්තේ විටින් විට වෙනස් වන ආකාරයේ ඉතිහාසයකි.මිසර වැසියන්ගේ,අෂූරියයන්ගේ,රෝමවරුන්ගේ

කරණවෑමියෙකු යනු (මේ සඳහා ඉංග්‍රීසි නාමය Barber වන අතර මෙම පදය රැවුල හැඳින්වීම සඳහා භාවිතා වන ලතින් වචනය වනBarba යන්නෙන් නිර්මාණය වී යැයි සැලකිය හැක.) ඕනෑම වර්ගයක හිසකෙස් කැපීම රැවුල කැපීම හෝ කොට කිරීම තම වෘත්තිය කරගත් පුද්ගලයෙකි. අතීතයේදී මොවුන් ශෛල්‍ය කර්ම සහ දත් ආශ්‍රීත කටයුතුද සිදු කිරීමට පුරුදුව සිටියහ. කෙසේ නමුත් නූතන කාලයේදී ආරක්ෂිත රේසර් නිපදවීමත් රැවුල් වැවීම අඩු වීමත් හේතුවෙන් කරණවෑමියන් ප්‍රධාන වශයෙන්ම හිසකේ කැපීම සිදු කරති.

මේ හේතුවෙන් ප්‍රධාන වශයෙන්ම කරණවෑමියන් පිරිමින්ගේ හිසකේ කැපීම සම්බන්ධව විශේෂණය වූ වෘත්තිකයන් වේ. මෙය ඇමරිකානු සහ පොදු රාජ්‍යය මණ්ඩලීය රටවල සංස්කෘතීන්ගේ ප්‍රධාන වෙනස්කමක් වේ. මේ හැරුණු විට කරණවෑමියන් අදටද අවශ්‍යතාවය පරිදි රැවුල සම්බන්ධ කටයුතුද සිදු කිරීමේ හැකියාවෙන් යුක්ත වේ. කෙසේ නමුත් කරණවෑමියන් කැපී පෙනෙන කොණ්ඩා මෝස්තර සහ විශේෂ ආකාරයට ‍හිසකේ කැපීම සම්බන්ධයෙන් හිසකේ විලාසිතාගාර තුළ ක්‍රියාකරන කොණ්ඩා මෝස්තර ශිල්පීන් තරම් දක්ෂතාවයක් නොදක්වති.

කරණවෑමියෙකු විසින් පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානය සරළව කොණ්ඩා කපන ස්ථානය ලෙස හැඳින්වේ.මෙහි දැක්වෙන්නේ කරණවෑමියෙකු කාන්තාවකගේ හිසකෙස් සෝදන ආකාරයයි.

ඇතැම් කරණවෑමියන් තමන්ව කොණ්ඩා මෝස්තර ශිල්පීන් හෝ හිසකේ අලංකරණය කරන්නන් ලෙස හඳුන්වා ගැනීමට කැමැත්තක් දක්වති. පොදු ව්‍යවහාරයේ පවතින දුර්මතයක් වන්නේ කරණවෑමියන් කොණ්ඩා කැපීමට අමතරව වෙනත් කිසිදු සේවාවක් සපයන්නේ නැති බවයි. මෙය අසත්‍යයක් වන අතර විලේපනවේදීන් පමණක් හිසකේ වර්ණ ගැන්වීම සහ රැලි ගැන්වීම සිදු කරන බවට පවතින මතයද නිවැරදි එකක් නොවේ. කරණවෑමියෙකුට සැපයිය හැකි සේවාවන් අතරට හිසකේ කැපීම රැවුල කැපීම හෝ කොට කිරීම ,හිසකේ වර්ණ ගැන්වීම සහ රැළි ගැන්වීම මුහුණු අලංකරණය ආදිය ඇතුළත් වේ.

මේ හැරුණු විට කරණවෑමියන්ට කෘත්‍රීම හිසකේ ප්‍රතිස්ථාපක නිෂ්පාදන (බොරු කොණ්ඩා වැනි) සමග කටයුතු කිරීමට නෛතික අවසරය පවතී. බොහෝ කොණ්ඩා මෝස්තර ශිල්පීන්ද නෛතික වශයෙන් ගත් කළ කරණවෑමියන් වේ. තවදකරණවෑමියන් සහ විලේපන ශිල්පීන් අතර යම් ප්‍රමාණයක තරගයක් පවතී. මෙම වෘත්තිකයන් දෙකොට්ඨාසයම නෛතික වශයෙන් පාලනයට යටත් වේ. අතීතයේ එක් කලෙක මෙම වෘත්තිකයන් දෙකොට්ඨාසයටම හිසකේ කැපීමට අවසර තිබූ අතර රැවුල කැපීම සහ කොට කිරීම සම්බන්ධ අවසරය හිමිවූයේ කරණවෑමියන්ට පමණි. ඊට හේතුව වූයේ මෙම දෙවැනි කාර්ය සඳහා දැලි පිහිය භාවිතය පිළිබඳව පුහුණුවක් අවශ්‍ය වීමයි.

ඉතිහාසය, 1842 අවට කාලයේදී බුචරෙස්ට් හි තිබු බාබර් සාප්පු මෙම රූපයේ දක්වා ඇති පරිදි බාබර් සාප්පුවක් සමාජ සම්බන්ධතා සදහාද අවස්ථාවක් සපයා දෙයි.

කරණවෑමියෙකුගේ වෘත්තිය ඓතිහාසික එකකි. ඊජිප්තුවේ ලෝකඩ අවධියේ ධාතු අතර තිබී රේසර හමුවී ඇති අතර එසේකෙයිල් මගින් බයිබලයෙහි කොන්ඩා‍කැපීම පහත පරිදි දක්වා ඇත. “Now, Son of man, Take a Sharp Sword and Use it has a Baber’s Razor to shave Head and Your beard”

කොණ්ඩය හෝ රැවුල බෑම සැම විටම ස්වාධීන කාර්යයක් නොවීය. එය එංගලන්තයේ හා අනෙකුත් තැන් වල නීතිය මගින් ද සවි ගන්වා තිබිණි. එමනිසා පිරිසිදු බව හා අහංකාර බව පිරිසිදු රැවුල බෑමක් සදහා එකම හේතුව නොවේ. එහි මුලාරම්භය වඩාත් ගැඹුරට විහිදයයි. මැසිඩෝනියානු විජයග්‍රහණයේ පිරිසිදු රැවුල බෑමේ සම්ප්‍රදාය ගෙන ඒම‍ට ප්‍රථම ග්‍රීක ඇගෝරාවෙහි κουρευς ඔහුගේ අනුශාසකයාගේ රැවුලකොණ්ඩය හා නියපොතු විවිධ විලාසිතා අනුව සකස් කරන ලදී.

රෝමයට කරණවෑමි ශිල්පය හදුන්වාදෙන ලද්දේ 296 BC හිදි සිසිලියේ ග්‍රීක කෝලණි මගිනි. ඉන්පසුව බාබාර් සාප්පු ඉතා ඉක්මනින් දෛනික ප්‍රවෘති හා කටකතා සදහා වඩා ජනප්‍රිය ස්ථාන බවට පත්විය. බාබර් සාප්පුවට උදෑසනම යෑම පොදු නාන ස්ථානයට යාම තරම් දෛනික වැඩ සටහනේ වැදගත් කොටසක් විය. තවද තරුණයෙකුගේ ප්‍රථම රැවුල බෑම ඔහුගේ තරුණ බවට පත්වීමේ උත්සවයේ වැදගත් කොටසක් වේ.

රෝම බාබර් සාප්පු කිහිපයක් ධනවත් හා බලපෑමට ලක්වු ඒවා අතර ඒවාට පැමිණෙනු ලැබුයේ ඉහළ පැලැන්තියේ අය පමණි. නමුත් බොහෝමයක් බාබර් සාප්පු සාප්පුවක ඉදිරිපස හෝ විදීයක් අස තබන ලද වංගුවකින් යුක්ත වු අතර එමගින් සාමාන්‍ය මහජනයා සදහා සේවා සැපයීම. සමහරක් බාබර් වරුන්ට මසුකඩ කරුවන්‍ලෙස නම්පට බැදුනේ ඔවුන් ඔවුන් ළඟට එන අය නිකටෙහි සහ කම්මුල් වල සීරීම් තුවාල සහිතව යවන නිසාය. මෙම බැනීමෙහි කොටසක් ඔවුන්ගේ ලෝකඩ හෝ තඹ (කිසිවිටෙකත් වානේ නොවන) රේසර මගින් ගත යුතුය. සමහරක් කරණවෑම්න් රේසර් ප්‍රතික්ෂේප කරන පාරිභෝගිකයන් සදහා ලෝම නාශක සපයන ලදී.

පෙර කාලයේ වු කරණවෑමින් ශල්‍ය වෛද්‍යවරු හා දන්ත වෛද්‍යවරුද වූහ. කොණ්ඩා කැපීම විලාසිතා කිරීම රැවුල බෑම මෙන්ම කරණවෑමින් විසින් ශල්‍ය කර්මරුධිරය ඉවත් කිරීමවස්ති හා දත් ගැලවීම සිදු කරන ලදී. එමනිසා ඔවුන් කරණ වෑමි ශල්‍ය වෛද්‍යවරු ලෙස හදුන්වනු ලැබු අතර 1094 දී ඔවුන් විසින් ඔවුන්ගේ ප්‍රථම සංවිධානය පිහිටු වන ලදී.

පාටන්වරු රැවුල කැපීම තමන්ට අගෞරවයක් ලෙස සැලකුවේය.රැවුල කැපීම ප්‍රසිද්ධ වූයේ ඇලෙක්සැන්ඩර් රජු රැවුල කැපීමට පටන් ගත් පසුවයි. ඇලෙක්සැන්ඩර් රජු තම හමුදාවේ අයටත් රැවුල කැපීමට අණ කලේය. මන්ද එවිට යුද්ධ වලදී සතුරාට රැවුලෙන් ඇදීමට නොහැකි වන නිසාය.Sideburns නම් මෙම රැවුල් මෝස්තරයට නම ලැබුනේ Ambrose Burnside නම් හමුදා සෙන්පති නිසාය.මධ්‍යතන යුගයේදී සමහර සංස්කෘතික අංග වල තිබූ දෙයක් නම් කෙනෙක් තව කෙනෙකුගේ රැවුල ඇල්ලුවහොත් එය ඉතා අගෞරවනීය ක්‍රියාවක් ලෙසයි.මුල්ම කාලයේදී මිනිසුන් රැවුල කපා ඇත්තේ සිප්පි කටු වලිනි.පුරාණ ඊජිප්තු වැසියන් කොපර් වලින් සාදන ලද රේසර් භාවිතා කරන ලදි.සර 10000ක් පමණ පැරණි ලෙන් වල ඇති සිතුවම් වලද රැවුල කපන ලද මිනිසුන්ගේ රූප තිබී ඇත.රුසියාවේ මහා පීටර් රජු රැවුලට බද්දක් ගැසුවේය.Gillette රේසර් පලමු ලෝක යුද්ධ කාලයේදී ඇමරිකානු හමුදාවන්ට බෙදා හරින ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *