ඔබගේ ගෙවත්තේ වස විසෙන් තොර කහ වගාවක සදහා // වීඩියෝ සහිතයි

මේ දිනවල වෙළඳ පොලේ කහ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව කිව යුතුයි සාමාන්‍යයෙන් වෙළඳපොලේෙඳ පොළේ මේ දිනවල කහ කිලෝවක මිල රුපියල් දෙදහක් තුන්දාහක් අතර මිලකට අලෙවි කරනු ලබනවා එහෙත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල කහ සහ දැඩි හිඟයක් පවතින බව පාරිභෝගිකයින් සඳහන් කරනවා අපේ රටට කහ අපනයනය කරන ප්‍රධාන ම රට ඉන්දියාව  වර්තමාන රජය මගින් කහ සඳහා ආනයනික බද්ද ඇති කරනු ලැබුවා ඒක හොඳ තත්ත්වයක්

ඒ සිදු කළේ මෙරට කහ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා මේ දිනවල ලංකාවේ වෙළඳපොලේ කහ හිගයක් ඇති වුණේ  මෙරට නිෂ්පාදිත කහ වෙළඳපොළට නිකුත් කර ගැනීමට නොහැකි වීමයි.වර්තමාන රජය ආනයනය කිරීම සඳහා බද්දක් ඇති ඇතිකිරීම මෙරට කහ නිෂ්පාදකයින්ගේ සතුටට කරුණක් ඒ වගේම ලංකාවේ කහ ඉතාමත්ම හොඳයි ඉන්දියාවෙන් ආනයනය කරන කහ වලට වඩා ලංකාවේ කහ ප්‍රමිතියෙන් හොඳයි ලංකාවේ කහ සාමාන්‍යයෙන් ඉන්දියාවෙන් ගෙනෙන කහ වලට වැඩිය පැහැයෙන් අඩුයි ඒ නිසා ලංකාවේ මිනිස්සු අපේ රටේ කහ මිලදී ගැනීමට මැළිකමක් දක්වනවා .

මෙරට අහ නිෂ්පාදනයේ වැඩිම ධාරිතාවක් සපයන්නේ මිනුවන්ගොඩwatinapaha ප්‍රදේශයයි එම ප්‍රදේශයේ දැනට අවුරුදු 20ක පමණ සිට කහ නිෂ්පාදනය සිදුකරනු ලබනවා එම ප්‍රදේශයේ ගොවි සමිතියෙ මෙහෙය වීමෙන් ප්‍රදේශයේ ගොවි පවුල් සියයක් පමණ කහ වගාව සිදුකරනු ලබනවා ඔවුන් කහ වලට අමතරව ඉඟුරු බුලත් සහ අන්නාසි වගාව ද සිදුකරනු ලබනවා  .

දැනට රටේ ඇතිවෙලා තියෙන කහ හිගය සාමාන්‍යයෙන් ඇති වන්නේ නැහැ මේ ප්‍රදේශයේ වවන කහ වලින් පුළුවන්  මෙරට කහ අවශ්‍යතාවය සපුරන්න .2015 වර්ෂයේ ඉදලා මේ ප්‍රදේශයේ කහ ඉඟුරු වගා කරුවන් අසරණ වෙලා හිටියෙ පැවති ආණ්ඩුවෙන් මෙම වගාවන් සඳහා කිසිම අනුග්‍රහයක් ලැබුණේ නැහැ කිසිම දිරිමත් කිරීමක් සිදු වුණේ නැහැ ඒ නිසා මෙහි වගාකරුවන් ඉතාමත් අසරණ වෙලා තිබුණේ කහ ටික දී ගන්න තැනක් නැතුව හිටිය ලංකාවේ කහ වලට තියෙන ඉල්ලුම සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා .

එහෙත් ලංකාවේ කහවල කහ වල තියෙන වටිනාකම දැන ගත්ත  ආයතන කිහිපයක් අපේ කහ ටික අරගෙන විදේශ වෙළෙඳ පොළට රැගෙන ගියා ඒකෙන් අපිට යම් සහනයක් ලැබුණා හැබැයි ලංකාවෙ මිනිස්සුන්ට අපේ කහ ටිකේ අගය තේරුනේ නැහැ හැබැයි මේ මොහොතේ ලංකාවේ කහවලට තියෙන අගය අපේ රටේ මිනිස්සුන්ට ඇතිවෙලා ත වෙලා තියෙනවා මේ වසංගතය නිසා අපේ කහ වලට හොඳ ඉල්ලුමක් ලැබිලා තියෙනවා .අනික අපේ කහ වගාවේ විශේෂත්වය තමයි මේ වගාව සම්පූර්ණයෙන්ම සිදු කරන්නේ කාබනික පොහොර මගින් ඒ නිසා කිසිම වසක් විසක් නැතුව අපේ රටේ මිනිස්සුන්ට දෙන්න අපිට පුළුවන් .

දැනට අපේ ගාව කහ තොග නැහැ ඒත් තිබුණු සියල්ලම අපි නිදහස් කරා අපි වෙළඳපොළට නිකුත් කළා වෙළෙන්දෝ අපෙන් අරගෙන ගියේ අඩු ගානට හැබැයි පාරිභෝගිකයාට වැඩි ගාණට විකුණලා අපිට ආරංචි වුණා බොහොම කණගාටුයි වෙළෙන්දෝ සහධාරණ වෙන්න ඕන වෙළෙන්දෝ සාධාරණ වුණා නම් අපේ කහ ටික අපේ මිනිස්සුන්ට සාධාරණ මිලකට දෙන්න තිබුණා.

අපි ගාව බීජ ගන්න තියාගෙන හිටපු කහ ටිකක් අපි වෙළඳපොළට නිකුත් කළා කරා දැන් අපි ගාව තියෙන්නෙ එන කන්නෙට වගා කරන තියෙන කහ බීජ ටික විතරයි හැබැයි අපි වගකීමෙන් කියනවා මේ කන්නේ වවන වගාවෙන් නැවත අපේ රටේ කහ හි ගෙයක්  ඇතිවෙන්න ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නෑ ඒ සියල්ල අපි නිෂ්පාදනය කරන්න මේ ප්‍රදේශයේ සියලුම ගොවීන් එකතුවෙලා කටයුතු කරනවා.

මෙම අදහස් පළ කරනු ලැබුවේ වටිනාපහ කාබනික කෘෂි නිෂ්පාදන ගොවි සමිතිය සභාපති නාමල් අධිකාරී මහතා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *