ඒ තමයි අත්තනගල්ලෙ පුියන්ත පුෂ්පකුමාර .

ඒ තමයි අත්තනගල්ලෙ පුියන්ත පුෂ්පකුමාර ..!

මා වෙසෙනා ගමේ දන්නා හදුනන ඉතා දුප්පත් පවුල් දෙකක් සිටියහ. කොරෝනා උවදුරත් සමගම රටේ පැවැති තත්වය තුල ඔවුන් තවත් අසරණ වූහ. මුදල් තිබුණත් ඇදිරිනීතියට කඩ වසා ඇති නිසා කෑමබීම ටිකක් මිලට ගෙන දීමට හෝ කුමයක් නොතිබූ හෙයින් මම ද සිටියේ කිසිවක් කරකියාගත නොහැකිවය. අඩුම තරමින් වේලක් දෙකක් සදහා හෝ යමක් සොයා දී ඔවුන්ගේ කුසගිනි නිවන්නේ කෙසේදැයි සිතමින් මා ද මහත් කම්පනයට පත්ව සිටියෙමි.
ඒ අතර, මාධ්‍ය ආවරණයක් සදහා ගිය මට යක්කල චතුරංග මහතාගෙන් එළවළු මල්ලක් ලැබුණි. එය සමසේ දෙකට බෙදා ඉහත කී නිවෙස් දෙකට ගෙන ගොස් දුනිමි. එසේ යන විටත් දොරක්වත් නොමැති එක නිවසක වියපත් පිරිමි පුද්ගලයා හිස් අහස දෙස බලා සිටි අයුරු මට කිසි කලෙකත් අමතක කළ නොහැකිය. ඔහුගේ “කුස ගින්න” මගේ සිත ද දවන්නට තරම් දැඩි විය. මගේ සිත නොසන්සුන් ය.
මම ඇත්තටම හැඩුවෙමි.
මට හදිසියේ අත්තනගල්ල පුාදේශිය සභාවේ පුියන්ත පුෂ්පකුමාර මහතා සිහිපත් විය. “සභාපතිතුමා, මෙහෙ ඉන්නවා දුප්පත් පවුල් දෙකක්. වියලි ආහාර මළු දෙකක් දෙන්න පුළුවන්ද? තියෙනවා නම් මම ඇවිත් ගෙනියන්නම්” ඒ මොහොතේම මම එතුමාට කෙටි පණිවිඩයක් යැවීමි.
“මම එන්නම්” එතුමා මට ක්ෂණිකව පිළිතුරු එවීය.
එදිනම සවස අදුර වැටෙද්දී මට සභාපතිතුමාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙයි. “ඔයා කොහෙද ඉන්නෙ. මම එන ගමන්”
“ඔබතුමා එන්න එපා. දුර වැඩියි නෙ. මම එන්නම්. මේ පාරත් ටිකක් අමාරුයි, මඩත් වෙලා”
“නෑ..නෑ..කමක් නෑ. මම එනවා”
“එහෙනම් මම හන්දියෙ ඉන්නම්”
තවත් මොහොතකින් රත්නායක සහෝදරයාගේ වෑන් රථයේ පුියන්ත මහතා පැමිණෙයි. දිනසිරි කුමාර මන්ත්‍රී තුමාත් නලින් හා සංජයත් එහි සිටිති.
මගේ මෝටර් බයිසිකලයට පිටුපසින් අදුර කපාගෙන, මඩ ගොහොරු බේරාගෙන, වෑන් රථය පැමිණේ. (අත්තනගල්ලේ ආසන්න වශයෙන් සියළු මංමාවත් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කරදුන් එතුමාට මේ මඩ ගොහොරු සහිත පාරතොට දකිද්දී මොනවා සිතෙන්නට ඇද්දැයි මම නොදනිමි).
“අර, උඩින් තියෙන්නෙ එක ගෙදරක්. සභාපතිතුමාගෙ අතින්ම දෙන්න” මම කියමි.
“නෑ. ඔයා දෙන්න. කිසි පුශ්ණයක් නෑ. රෑත් වුණානෙ. අපි යන්නම්”
මම යළිත් ඔවුන් හංදියට ගොස් ඇරලමි.
ආපසු ආ වහාම, ඒ වියැලි ආහාර මළු බෙදා දුනිමි.
ආහාර මල්ලක් දීම අරුමයක් නොවේ යයිද, දේශපාලකයො කපටිකමට කරන වැඩනෙ ඕවා යනුවෙන් ද ඔබ මට කියනු ඇති.
මම ඔබ හා එකග නොවෙමි.
මන්ද යත් මේ අත්තනගල්ලෙන් බොහෝ ඈත පුදේශයක් බැවිනි. ආහාර මල්ලේ “පුියන්ත පුෂ්පකුමාර” යයි ලියා නොතිබූ බැවිනි. ඒවා එතුමාගේම අතින් දී ඡායාරූප ද නොගත් බැවිනි. මාධ්‍යට ලියන්නැයි ද මට නොකී බැවිනි.
මා මේ කතාව ලියම්දෝ නැද්දෝ යනුවෙන් දෙගිඩියාවෙන් සිටියෙමි. හොද දේවල් හෙළි කිරීමේ වරදක් නැතැයි පසුව යළි සිතුවෙමි. කෙසේවෙතත් මේ සටහන ලියැවෙන්⁣නේ පුියන්ත පුෂ්පකුමාර නම් මිනිසා තුල ඇති අනෙකාගේ දුක කෙරෙහි සංවේදී වීමේ මානුෂීය ගුණයට ගෞරව පිණිසය.
“ස්තුතියි ඇත්තටම”

ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා මෙවර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට යාමට අපේක්ෂා කරයි. පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ ජනතා මුදල් කාබාසිනියා කරමින් ස්වාර්ථයම සලකන පිංගුත්තරයන් නොව මෙවන් ජනතාවාදී මිනිසුන් පමණකැයි මම සිතමි.

— පී එස් ටී බන්ඩාර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *