ඒලියන්ත වයිට් කොරෝනාවට සාර්ථක ප‍්‍රතිකාරයක් සොයාගනී.. නාවුක හමුදා සෙබළුන්ට දෙයි..

ඒලියන්ත වයිට් කොරෝනාවට සාර්ථක ප‍්‍රතිකාරයක් සොයාගනී.. නාවුක හමුදා සෙබළුන්ට දෙයි..

කොරෝනා රෝගය නිසා පීඩාවට පත්ව සිටින වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට ලබාදීමට වෛද්‍ය ඒලියන්ත වයිට් විසින් විශේෂ ඖෂධීය පානයක් සකස්කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වෛද්‍ය වයිට් විසින් දැනට මෙම ඖෂධීය පානය පූර්ව අත්හදා බැලීම් ගණනාවකට යොමුකොට සාර්ථක ප්‍රතිඵල ලබා ඇතැයි පැවසේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන් වෛද්‍ය වයිට් විසින් සකස් කළ ඖෂධීය පානය ඉදිරි සතියේ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් වෙත ලබාදීමට නියමිතය.

එහි නේවාසික සෙබළුන්ගෙන් 500ක් පමණ මේ වනවිට කොරෝනා රෝගයට ගොදුරු වී සිටින බව වාර්තා විය.

ඒ අයගෙන් 151 දෙනෙක් ගිය සිකුරාදා වනවිට සුවය ලබා සිටියහ.

උපුටා ගැනිම– deshaya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *