ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ගෙන් ශ්‍රීලනිපයේ නායකත්වයට කොන්දේසි 07ක් ඇතුලත් විශේෂ ලිපියක්

ලිපියේ කොන්දේසි 07ක් ඇතුලත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක වෙත විශේෂ ලිපියක් අද (02) යොමු කර තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පාර්ලිමේන්තු සංකීර්ණයේ රැස්වූ මන්ත්‍රීවරුන්ගේ තීරණයක් අනුවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහා ලේකම් දුමින්ද දිසානායක මහතා වෙත යොමිකර ඇති ලිපියේ කොන්දේසි 07ක් ඇතුලත් කර තිබෙනවා.

එම කොන්දේසි පහතින්

01 එක්සත් ජාතික පක්ෂය සමඟ කරන හවුල් ආණ්ඩුවෙන් වහාම ඉවත් විය යුතුය.

02.පාලනයකින් තොරව ඉහල යන ජිවන වියදම පහත හෙලීමට කටයුතු කල යුතුය.

  1. ජාතික සම්පත් විදෙශිකරණයට එරෙහිව ශ්‍රී ලනිප මන්ත්‍රීවරු එම ක්‍රියාවලියෙන් ඉවත් විය යුතුය.
  2. ශ්‍රීලනිප සාරධර්ම අනුව පුජනිය සංඝ රත්නයේ මතයට ගරු කල යුතුය.

05 රට බෙදා වෙන්කිරීමට හේතුවන ආකාරයේ ව්‍යුහගත වෙනස්කිරීමක් ඇති ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඉවත් වියයුතුය.

  1. බැඳුම් කර මගඩියට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගත යුතුය.
  2. නීතියේ ආධිපත්‍ය තහවුරු කර පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල නැවත්වීමට වහා පියවර ගත යුතුය.

යන්න එම කොන්දේසි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *