ඒකාබද්ධයෙන් කළු පොත කුමක්ද???
ඒකාබද්ධයෙන් කළු පොත කුමක්ද???
වර්තමානයේ ශ්‍රි ලංකා පොලිසිය ගොනු කර ඇති නඩු සම්බන්ධයෙන් ඉදිරි ආණ්ඩුවක් තුළදී සොයා බැලිමට කළු පොතක් භාවිත කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
එහි නියෝජිතයින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ අද(17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය සහ ඉන්දියාව අතර පැවැති යම් යම් ගැටලු සහගත තත්ත්වයන් අවසන් කර නව ආරම්භයක් ලබා ඇති බව මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පෙන්වා දෙයි.
මීලඟ රාජ්‍ය නායකයා කවුරුන්ද යන්න ඉන්දීය අගමැතිවරයාට දැනුවත් බවත් එය දකිත වත්මන් ආණ්ඩුවට එය විෂ සහිත වීම නිසා
ඒවා දකිද්දි ඡන්ද කල් දාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
මේ අතර පොලීසිය විසින් දමා ඇති නඩු සම්බන්ධයෙන් ආණ්ඩුවක් ගත් පසු සොයා බලන බව රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් ඔවුන් විසින් කළු පොතක් භාවිත කර මේවා ගැන ලියා සටහන් කරගන්නා බවත් පසුව පොලිසියේ හැසිරිම ගැන සොයා බලන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.