එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සිහිකරන්න ඉඩ දෙන්නේ නෑ–යුද හමුදාපති

එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සිහිකරන්න ඉඩ දෙන්නේ නෑ–යුද හමුදාපති

මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා රජය නීත්‍යානුකූල බලයක් ලබා දුන් වහාම ඒ සඳහා යුද හමුදාව කැප වෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

අනුරාධපුරයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර මියගිය දෙමළ ජනතාව සිහිකිරීම පිළිබඳ ගැටළුවක් නොමැති වුවද එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සිහිකිරීමට කිසිවෙකුටත් ඉඩ ලබාදිය නොහැකි බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය.

69 වැනි යුද්ධ හමුදා දින සැමරුම් දිනයට සමගාමිව අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ අභියසදි යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ වැඩසටහනක් අද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *