එදා කොටින්ට බයේ හැංගිලා අද උතුරේ කාඩ්බෝඩ් වීරයන් වෙලා–යුද හමුදාපති

එදා කොටින්ට බයේ හැංගිලා අද උතුරේ කාඩ්බෝඩ් වීරයන් වෙලා–යුද හමුදාපති

උතුරේ යුද්ධය පැවති සමයේ කොටින්ට බියේ සැඟවී සිටි ඇතැමුන් ආරක්ෂක හමුදාව සහ උතුරේ ජනතාව අතර තිබෙන හොඳ හිත පලුදු කිරීමට ක්‍රියා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා ‘ ඊයේ (01 දා) පැවසීය.

ගංවතුර පමණක්‌ නොව ඕනෑම ආපදාවකදී උතුරේ ජනතාවට උදව් කිරීම සඳහා හමුදාව ක්‍රියාශීලී වීම නිසා ඔවුන් කුහක ෙච්තනාවෙන් හමුදාවේ කීර්ති නාමය පළුදු කිරීමට ගෙන යන ප්‍රචාරය උතුරේ ජනතාව පිළිනොගන්නා බව ද හෙතෙම කීය.

හමුදාව විවේචනය කරන මේ පුද්ගලයන් උතුරේ ජනතාව වෙනුවෙන් කිසිවක්‌ කර නැතැයි ද කී හමුදාපතිවරයා හමුදාවට දොස්‌ නඟන මේ පිරිස එදා උතුරේ ජීවත් වූයේ හමුදාවේ ආරක්‌ෂාවෙන් බව ද සඳහන් කළේය.

අද ඔවුන් උතුරේ කාඩ්බෝඩ් වීරයන් වී ඇතැයි ද හෙතෙම පැවසීය.

උපුටා ගැනිම–දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *