එජාප රට බෙදන ව්‍යවස්‌ථාව මෙන් නොව රට ඒකීය කරන ව්‍යවස්‌ථාවත් මහ මැතිවරණයේදී ජනතාවට ඉදිරිපත් කර මීළඟ ආණ්ඩුවේදී ව්‍යවස්‌ථාව සම්මත කරගත හැකියි

පාර්ලිමේන්තුව වහා විසිරු වන ලෙසත් මීළඟ ආණ්ඩුවේදී තමන් විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11 දා) පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළේය.

නව ව්‍යවස්‌ථාවක්‌ ඉදිරිපත් කරන්න වත්මන් පාර්ලිමේන්තුවට සුජාතභාවයක්‌ නැතැයි පැවසූ විපක්‍ෂ නායකවරයා එබැවින් එක්‌සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් කරන රට බෙදන ව්‍යවස්‌ථාවත් තමන් ඉදිරිපත් කරන රට ඒකීය කරන ව්‍යවස්‌ථාවත් මහ මැතිවරණයේදී ජනතාවට ඉදිරිපත් කර ඉන් ජය ගන්නා අයට පාර්ලිමේන්තුවේදී එම ව්‍යවස්‌ථාව සම්මත කරගත හැකි යෑයි ද සඳහන් කළේය.

එසේ නොමැතිව එකිනෙකට සම්බන්ධතාවක්‌ නොමැති කොටස්‌ වශයෙන් ඉදිරිපත් කරන ව්‍යවස්‌ථාවක්‌ පාර්ලිමේන්තුව ද හෑල්ලුවට ලක්‌ කරන බව විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

දිවයින–උපුටා ගැනිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *