එජාප යේ සහ සමගි ජන බලවේගයේ ඉන්නේ අන්තවාදීන් හා බැංකු හොරු. — ඉන්දික අනුරුද්ධ

එජාප යේ සහ සමගි ජන බලවේගයේ ඉන්නේ අන්තවාදීන් හා බැංකු හොරු.
— ඉන්දික අනුරුද්ධ

බැංකු හොරුත් අන්තවාදීනුත් රනිල්ගේ එජාපයේ ඉන්නවා. සජිත්ගේ ජාතික සමගි ජනබල වේගයේත් ඉන්නවා. අපේ පොදු ජන පෙරමුණේත් වැරැදිකාරයෝ ඉන්නවා නම් මෙවර ඡන්දදායකටයා් එයාල ගැන බලා ගනීවි යනුවෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරාපේක්ෂක ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. අනුරුද්ධ මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා දිවුලපිටියේ දී පැවැති මාධ්‍ය හමුවක දීය.

මේ වෙද්දි විපක්ෂයේ කණ්ඩායම් ලොකු අර්බුදයකට පත් වෙලා. එළැඹෙන මැතිවරණයට කාන්තාව ගැන ගැස්සීමට නොහැකි තත්වයකයි ඔවුන් පසු වන්නේ. නිර්දේශ කරලා තිබෙන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් ට අනුකූලව අපි මැතිවරණ ව්‍යාපාරය කරගෙන යනවා. එහෙඒත් අපට වලකා ගත නොහැකි තරමටම ජනතාව අපේ පොදු ජන පෙරමුණේ මැතිවරණ වේදිකා වටා එක් රැස් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේත්, සමගි ජන බලවේගයේත්, සීයට තුනේ කණ්ඩායමේත්ත් මැතිවරණ රැලි පවත්වන්නෙ කාමර තුලයි. ඒ විපක්ෂ කණ්ඩායම් අද සිදු කරන්නේ අන්තවාදී සහ ගෝත්‍රවාදී ක්‍රමවේදයකට හෝ පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට මාන බැලීමයි.

හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා කිව්වා දහ නමය කෞෂි වුනොත් මොනවත් කරන්න බෑ කියලා. ඒ කියන්නේ අවුරුදු හතර හමාරක් දහනමයේ බලය පවත්වාගෙන ඔවුන් මහ බැංකුව කැඩුවා, ඉඩම් ටික වික්කා, ජාතික දේපොළ රික්කා. ඒ වැඩ ටික චෙක් කරන්න දහ නමය වගේ එකක් ඕනෑ කියන එකයි. නමුත් අපි ඒක අහෝසි කරන්න කියන්නේ, ඒකෙ ව්‍යාජ බවක් තිබෙන නිසයි. දහ නමය අවභාවිතා කරන නිසයි. ජීව නොකියා කියන්නේ “අපි පාර්ලිමේන්තු එන්නම්. අපට ඕනෑ එන්න විතරයි. හමාරකට පස්සේ ඉතුරු ටික අපි බලා ගන්නම්” කියලයි.

ඔය ඔක්කොම එකම කණ්ඩායමක්. උතුරින් ඇහෙන සද්දය මොකක්ද? පුභාකරන් හිටියනම් හොඳයි කියලයි. ප්‍රභාකරන් තමයි අපේ වීරයා, ඔහුගේ ඒ කාලය තුළ තමයි අපට නිදහස තිබුණේ, ආර්ථිකය ගොඩ ගියේ, කියලා තමයි කියන්නේ. ඒත් එහෙම ගොඩ ගියේ උතුරේ අහිංසක මිනිහගේ ආර්ථිකය නෙවෙයි. ගොවියාගේ හෝ ධීවරයාගේ ආර්ථිකය නො වෙයි. ගොඩ ගියේ විජයකලා වැනි අයගේ පැළැන්තියේ ජාවාරම්කාර ආර්ථිකයයි. ඒ වගේම එයාලා මේ ජාවාරම් මෙහෙය වන්නේ කොළඹ ඉඳලයි. ඒවා නැති උනාම එයාලට රිදෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරය පොදුජන පොදු ජන පෙරමුණ විසින් ලබා ගන්නවා, ඒ නිසා ඒක වෙනස් කරන්න නම් දහනවය තුළ තිබෙන ඔලුගෙඩි ගණන වෙනස් කරන වැඩේට පුතිපාදන එවන්න කියන පණිවිඩය තමයි එයාලා අන්තවාදී කණ්ඩායම් ටිකත් එකතු කරගෙන, කොටි ඩයස්පෝරාවට සහ බටහිර එන්ජීඕ කාරයන්ට යවමින් සිටින්නෙ. මේක ප්‍රතිපාදන ලබා ගැනීමේ කැම්පේන් එකක් විතරයි.

අපි පැහැදිලිව කියනවා, උතුරේ උස්සන්න හැදුවට, විජයකලාලා ප්‍රභාකරන් හොඳයි කිව්වට, මන්ද මේ රට කරන්නේ ගෝඨාභය ජනාධිපති තුමා විසින් බව මතක තබා ගත යුතුයි. දැන් ඉන්නේ පහුගිය කාලේ හිටියා වගේ පතෝල නායකයෙක් නොවෙයි. රටට නියම විදිහට නායකත්වය දෙන කෙනෙක්. ඔවුහු හිතනවා ඇති මතු උන වගේ නායකයො නායකයොත් එක්ක කරපු ගනුදෙනු යළිත් කරන්න පුළුවන් වෙයි කියලා. දැන් ඉන්නේ ජනතාවට වග කියන නායකයො දෙන්නෙක්. ඒ නිසා ඒ දෙන්නා ට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයේ එය ලබා දීමටයි ලබාදීමටයි පොදුජන පොදුජන පෙරමුණ විදිහට අපි මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ.

ඒ නිසා මං සිර කන්දේ වර්ධන මහතාට අපි ඔයා උඹට යළි පාර්ලිමේන්තුවට එන්නත් බෑ. ඔබ හිතන උඹ හිතන විදිහේ පිරිසක් ගාල්ලෙන් මාතරින් හම්බන්තොටින් කුරුණෑගලින් ඔව් වෙන කොහෙන්වත් එන්නෙත් නෑ. ඒ නිසා ඔබලාගෙ උත්සාහය අසාර්ථකයි.

දේශීය යාන්ත්‍රණය පණ ගැන්ව ගැන්වීමට ගෝඨාභය ජනාධිපතිතුමා ලංකා වැඩපිළිවෙළක් තිබෙනවා. හැබැයි නිසි වැඩපිළිවෙල තුල එළඹෙන මැතිවරණයෙන් පසුව වරපුසාද හා වරදාන ලැබෙන්නේ දේශපාලකයාට නොව, ගමේ මිනිහා ටයි. ග්‍රාමීය ව්‍යාපාරිකයාට සහ මධ්‍යම පාන්තිකයාටයි. ඒ පදනම මත සැලසුම් සහගතව වැඩ කරන ආණ්ඩුවක් පිහිටුවීමටයි අපේ මේ උත්සාහය. 2015 ජනවාරි 8 පිහිටෙව්වේ කෑලි අහුලලා පූට්ටු කරපු ආණ්ඩුවක්. ඒ වගේ නෙවෙයි, අපි දැන් වැඩපිළිවෙලකට ඇවිත් ඉන්නවා. අපේ ඒ පක්ෂයත් සාර්ථකයි. අපේ වැඩ පිළිවෙලත් සාර්ථකයි. අපේ ජනාධිපතිවරයා අති සාර්ථකයි.

බදු ගහනවා වැඩියි කියලා ජනතා විමුක්ති පෙරමුණ රජයට දෝෂාරෝපණය කරනවා. බදු ගහන්නේ පිටරටවලින් ගේන්න දේටයි. බදු ගහන්නේ දේශීය යාන්ත්‍රණය ගොඟන්නටයි. කෘෂිකර්ම සහ නිෂ්පාදන ආර්ථිකය ප්‍රවර්ධනය කරන්නටයි. එහෙම නැතුව, දයා ගමගේලගෙ කාලයේ වගේ ඕනෑම දහජරාවක් පිටරටින් ගෙනල්ලා මෙහෙ ගොඩ ගහන්න නෙමෙයි.

හාල් ගෙනල්ලා පරණ කරලා රිෂාඩ් බදුර්දීන්ලා ගසා කෑවා. ඒවා ගැන අපි අල්ලස් කොමිසමට පැමිණිලි කරලා තිබෙනවා. ඝෝටාභය ජනාධිපතිතුමා රට නියම දිශාවට ගෙන යමින් තිබෙනවා. ජවිපෙට තියෙන්නේ ඔය තියන සීයට තුනවත් පරිස්සම් කරගෙන ඉන්න එකයි. එය තුනෙන් එකක් හරි මෙදා අඩු වෙනවා. ඒ වියරුවෙන් තමයි ඔය කෑ ගහන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *