එජාප ඇමැති මස්‌සිනාගේ සුපිරි රිය දියවන්නාවේ – සුපිරි රථයේ වටිනාකම රුපියල් ලක්‌ෂ 580 කට වඩා අධිකලු???

එජාප ඇමැති මස්‌සිනාගේ සුපිරි රිය දියවන්නාවේ – සුපිරි රථයේ වටිනාකම රුපියල් ලක්‌ෂ 580 කට වඩා අධිකලු???

p1 1තලවතුගොඩ හන්දිය ආසන්නයේ අධික වේගයෙන් ධාවනය වූ බී. එම්. ඩබ්ලිව්. සුපිරි මෝටර් රථයක්‌ තවත් රථ දෙකක ද ගැටී පසුව ඒ අසල තිබූ දියවන්නා ඔයට වැටී අනතුරට ලක්‌වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා තිබේ.

පෙරේදා (17 දා) උදේ 6.00 ට පමණ සිදු වූ මෙම අනතුරින් පසු මෝටර් රථයේ රියෑදුරු පලාගොස්‌ ඇතැයි පොලිසිය කියයි.

අපරීක්‍ෂාකාරී අයුරින් වේගයෙන් රිය පදවා ඇති මෙම මෝටර් රථයේ රියෑදුරු අධික ලෙස මත්පැන් පානය කර රථය පදවන්නට ඇතැයි සැක කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ ‘පැවැසීය.

අනතුර සිදුවීමට පෙර තලවතුගොඩ මංසන්ධිය ආසන්නයේ පිහිටි සමාජ ශාලාවක රථ ගාලක නවතා තිබී ඇති මෙම සුපිරි මෝටර් රථය පෙරේදා (17 දා) උදේ 5.30 ට පමණ පණගන්වාගෙන අධික වේගයෙන් පිටව යන ආකාරය ආරක්‍ෂක කැමරාවක (සීසීටීවී) සටහන් වී ඇතැයි ද එම නිලධාරියා කියා සිටියේය.

මෙම රථය ලියාපදිංචි කර නොමැති රථයක්‌ බව හෙළිවිනැයි ද පොලිසිය කියයි.

මෙම සුපිරි බී. එම්. ඩබ්. මෝටර් රථය එක්‌සත් ජාතික පක්‌ෂ ප්‍රබල ඇමැතිවරයකුගේ මස්‌සිනා වන පුද්ගලයකුට අයත් රථයක්‌ බව හෙළිව ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ ” පැවැසීය.

මෙම සුපිරි රථයේ වටිනාකම රුපියල් ලක්‌ෂ 580 කට වඩා අධික බවද හෙතෙම කීය.

මෙම ප්‍රබල ඇමැතිවරයාගේ මස්‌සිනා ව්‍යාපාරිකයකු බවත් අනතුරින් පසු ඔහු පලාගොස්‌ ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය පුළුල් පරීක්‌ෂණයක්‌ අරඹා ඇති බවත් හෙතෙම පැවැසීය.

මේ පිළිබඳව තලංගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අර්ජුන මාහින්කන්ද මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‍ෂක කුලවර්ධන ඇතුළු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

–දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *