එජාපෙ සහ ජනපති අතර සාකච්චා හෙට දක්වා කල් යයි

පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන්

අද රාත්‍රී එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව හෙට (03) දිනය තෙක් කල් තබා ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෙකු වන මනෝගනේෂන් මහතා සදහන් කරයි

පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සාකච්ජාවක් පවත්වා ඉන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමඟ සාකච්ජාව පවත්වන බව ජනාධිපතිවරයා දන්වා ඇතැයි එක්සත් ජාතික පෙරමුණු ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

මේ අනුව හෙට පස්වරු 8ට ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණු නායකයන් සමඟ සාකච්ජාව පැවැත්වීමට නියමිතය.

පසුගිය සිකුරාදා (30) රාත්‍රියේද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර දෙපැයකට ආසන්න කාලයක සාකච්ජාවක් පැවති අතර එම සාකච්ච්ජාවද අවසන් එකඟතාවයකින් තොරව අවසන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *