පක්ෂයේ සමඟිය වෙනුවෙන් මහ ලේකම් ධුරය අත්හැරීමට සුදානමි–අකිල විරාජ් කාරියවසම්

පක්ෂයේ සමඟිය වෙනුවෙන් මහ ලේකම් ධුරය අත්හැරීමට සුදානමි–අකිල විරාජ් කාරියවසම්

පක්ෂයේ සමඟිය වෙනුවෙන් මහ ලේකම් ධුරය අත්හැරීමට තමා සූදානම් යැයි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම්දුන්බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

අද පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේබව සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර පවතින අර්බුදයට විසඳුම් සෙවීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා මැදිහත්කරුවෙකු ලෙස දෙපාර්ශ්වය සමග ඊයේ සාකච්ඡා පවත්වා ඇත.

එහිදී සජිත් පාර්ශ්වය රාජිත සේනාරත්න මහතාට පවසා ඇත්තේ දෙපිරිස අවබෝධතා ගිවිසුමකට එළඹීම අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයට දැනුම් දෙන ලෙසයි.

ඒ අනුව එම යෝජනා පිළිබඳ තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිරිකොතදී රැස්වුණි.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා අද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කර තිබුණි.

ඔහු මින් පෙර පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී යෝජනා කර තිබුණේ සමගි ජන බලවේගය අපේ ජාතික පෙරමුණේ පැවති ලකුණ වූ දුරකථනයෙන් තරග කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *