එජාපයේ නව තනතුරු ගැන සුජීවගේ විරෝධය-ඔළු ගෙඩි මාරුවෙන් සිදුවන්නේ විශාල විනාශයක්

එජාපයේ නව තනතුරු ගැන සුජීවගේ විරෝධය-ඔළු ගෙඩි මාරුවෙන් සිදුවන්නේ විශාල විනාශයක්

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ පත්කෙරුණු නව තනතුරුවලට සිය විරෝධය පළ කරන බව සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළද කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

කටුනායක ගුවන්තොටුපලේදි මාධ්‍ය වෙත අදහස් පලකරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ පැවැති ගෝලීය බල ගැන්වීමේ සමුළුවට සහභාගීවූ සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් අද(27) අලුයම 3 ට පමණ දිවයිනට පැමිණියේය.

අගමැතිවරයා සමඟ තමා මෙම තනතුරු පිළිබඳව එක්ක කථා කළ බව ද කියා සිටි අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය විසින් මේ සම්බන්ධයෙන් නිසි තීන්දුවක් ගත යුතු බවත්, ඔළු ගෙඩි මාරු කිරීම තුළින් සිදුවන්නේ විශාල විනාශයක් බව ද පැවසීය.

කෙසේ වෙතත් දැනටමත් විශාල වශයෙන් පක්ෂය විනාශ වී ඇති බවත් කිහිප දෙනෙකු බේරා ගැනීම සඳහා සිදු කරන මෙවැනි තීරණවලට එළඹීම යෝග්‍ය නොවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

තමා ද වසර 7ක පමණ කාලයක් පුරා මේ සම්බන්ධයෙන් නායකත්වය දැනුවත් කර ඇති බවත් තමාට ද මේ වන විට වෙහෙස දැනෙන බවත් මේ සම්බන්ධයෙන් හඬක් නගන පුද්ගලයින්ට පක්ෂය තුළ සිටිය නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *