එජාපයේ තවත් 06කට ඇමතිකම්..ලැබෙයිද???
එජාපයේ තවත් 06කට ඇමතිකම්..ලැබෙයිද???
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර හයක් සදහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉදිරි දින කිහිපයේදී දිවුරුම් දෙනු ඇති බව වාර්තා වෙයි.
මේ සදහා මන්ත්‍රීවරුන් හය දෙනෙකු නිර්දේශ කර එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේ යෝජනා යවා තිබේ.
මෙම හය දෙනා පත් කරනු ලබන්නේ දැනට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කර නැති අමාත්‍යාංශ සඳහායි.
බුද්ධික පතිරණ, රංජිත් අළුවිහාරේ, ආනන්ද කුමාසිරි, ලකී ජයවර්ධන, සිඞ්නි ජයරන්ත, එඞ්වඞ් ගූණසේකර යන මන්ත්‍රීවරුන් මෙම තනතුරු සදහා යෝජනා වී ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.