එජාපයෙන් රනිල්ට පක්ෂව අස්සන් 113ක් සෙවීමේ සටනක් දැනට 68යි

එජාපයෙන් රනිල්ට පක්ෂව අස්සන් 113ක් සෙවීමේ සටනක් දැනට 68යි

???????? ???? ??????? ????.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පරාජය කරන බවට ප්‍රකාශ කරන එජාපය රනිල්ට සහාය පළ කරන මන්ත්‍රිවරුන් 113 දෙනකුගේ අස්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් ඊයේ ආරම්භ කළේය.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන් 68 දෙනකුගේ අස්සන් මේ වන විට ලබාගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ සභානායක, ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ‘මව්බිම’ට පැවැසුවේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අසූවකට ආසන්න පිරිසක් අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කරමින් ලේඛනයකට අස්සන් කර තිබෙන බවයි.

තවත් හයදෙනකු අස්සන් කිරීමට නියමිත බවත් ඔවුන් විදේශගතව සිට පැමිණි පසුව මෙම ලේඛනයට අස්සන් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.
පක්‍ෂයක් විදියට එක්සත් ජාතික පෙරමුණට තම ශක්තිය පෙන්වීමට අවස්ථාවක් උදාවී තිබෙන බවත් මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් එම ශක්තිය පෙන්විය හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ලක්‍ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර යන අමාත්‍යවරුන්ද මෙහිදී විශ්වාසභංග යෝජනාවට මුහුණදීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙන්නේ ආණ්ඩුව නියෝජනය කරන සියලු
මුස්ලිම් නියෝජිතයන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්
වුණේ ඊයේ (22දා) දහවල් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1දීය.
මවිබිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *