එක් අයකුගේ වුවමනාවට පලිගැනීම් එපා – හිටපු ජනපති අලුත් ඇමැතිගෙන් ඉල්ලයි
එක් අයකුගේ වුවමනාවට පලිගැනීම් එපා – හිටපු ජනපති අලුත් ඇමැතිගෙන් ඉල්ලයි
එක් එක් පුද්ගලයන්ගේ පෞද්ගලික අවශ්‍යතාවන් මත පලිගැනීම් කිරීමට කටයුතු නොකරන ලෙස තමන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‘) පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මෙසේද කියා සිටියේය. “නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයට පැවරී ඇත්තේ ලොකු වගකීමක්. එම වගකීම නිසි ආකාරයට කරාවි යෑයි බලාපොරොත්තු වෙනවා.
ඇතැම් පොලිස් නිලධාරීන් පෞද්ගලික අමනාපකම් පිරිමසා ගැනීමට ක්‍රියා කිරීම නතර කිරීමට පියවර ගන්නා ලෙස ද නීතිය සහ සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් ඉල්ලා සිටිනවා.
නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් සාධාරණයක් ඉටුවේ යෑයි බලාපොරොත්තු වෙනවා යෑයි ද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.